sanitizer

ලියාපදිංචිය නොමැති සැනිටයිසර් ආනයනය තහනම්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොමැති විෂබීජනාශක දෑත් සේදුම් ද්‍රව්‍ය (sanitizer) ආනයනය තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ. ලබන පෙබරවාරී මස 01 වන දා සිට මෙම තහනම බලාත්මක වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ. ඒ අනුව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක දෑත් සේදුම් ද්‍රව්‍ය (sanitizer) ආනයනය, තොග තබා…

විදේශගත ශ්‍රමිකයන්ගේ පැමිණලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමේ පහසුකම්
|

විදේශගත ශ්‍රමිකයන්ගේ පැමිණලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමේ පහසුකම්

රටේ පවතින වත්මන් තත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු වු වන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාල විදේශගත ශ්‍රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස Online Complain මෙනුව හරහා යොමු කිරිමට හැකිවේ….

post-office

බොරැල්ල තැපැල් ස්ථානාධිපතිට කොවිඩ්

බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. බොරැල්ල තැපැල් ස්ථානයේ තවත් සේවකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි. ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ බොරැල්ල තැපැල් ස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දිනයේ තැපැල් ස්ථානය විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

මස්කෙලියේ රිලා හොරු

මස්කෙලියේ රිලා හොරු

රිළා රංචුවක් හේතුවෙන් මස්කෙළිය නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු නගරවාසීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති. මස්කෙළිය නගරයේ ඉන්ධන පිරවුම්හල අසල පදිංචි ව්‍යාපාරිකයෝ රිළා උවදුර පිළිබඳ මෙසේ පැවැසීය. ‘‘රිළවුන් 20 කින් පමණ සමන්විත රංචුව දෛනිකව දිවා කාල​යේදී වෙළෙඳසල්වලට හා නිවාසවල මුළුතැන්ගෙයට එනවා. ඇවිල්ලා පිසූ හා වියළි ආහාර ද්‍රව්‍ය රැගෙන යනවා. ආපන ශාලා තුළට කිසිදු බියක් නොමැතිව සමූහයක් ලෙස…

රාජ්‍ය ආයතන වටලන්න වෙස් වලාගත් කණ්ඩායම්

රාජ්‍ය ආයතන වටලන්න වෙස් වලාගත් කණ්ඩායම්

මහජනතාවට රාජ්‍ය ආයතනවලදී දෛනිකව මුහුණ දීමට සිදු වන අපහසුතා අවම කිරීම සඳහා නව වසරේ සිට වෙස්වලාගත් කණ්ඩායම් යොදවා පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත. ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා, විදුලිබල මණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය, ගොවිජන සේවා, නාගරික සංවර්ධන අධිකාරිය, භූවිද්‍යා හා පතල් කාර්යාංශ, ඉඩම් ගොඩ කිරීමේ දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව ආදී ආයතනවලදී ජනතාවට එහි සේවකයන්ගෙන්…

වතුකර ජනතාවට මෙම වසර තුල සධාරණ වැටුපක්
|

වතුකර ජනතාවට මෙම වසර තුල සධාරණ වැටුපක්

ලැබුවාවු 2021 නව වසර වතුකර ජනතාවගේ ජිවිතවල වෙනසක් හා සමුර්ධියක් ඇති කරන නව වසරක් වේවායි වතු නිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම මාධ්‍ය නිවේදනය මගින් වැඩි දුරටත් අදහස් දක්වන ජිවන් තොණ්ඩමන් පවතා පවසනුයේ වතුකර ජනතාවට මෙම වසර තුල සධාරණ වැටුපක් ලැබි කොරෝනා උවදුරින් මිදි සියලු අභියෝගයන්…

2021

නුපුරුදු පුරුදු සුපුරුදු කළ 2020 අවසන්

2021 නව වසරේ උදාව ඊයේ මධ්‍යම රාත්‍රියේ උදා වූ අතර කොරොනා ව්‍යාප්තියෙන් පසු සියලු ලෝකවාසී ජනතාව නව වසර උදාව සැමරුවේ නව බලාපොරොත්තු රැසක් සමගිනි. උදා වූ 2021 නව වසර නිදුක් නීරෝගී සුවදායක සුභම සුභ නව වසරක් වේවායි සියත අපි ඔබ සැමට ප්‍රාර්ථනා කරන්නෙමු.

epf

සේවක අර්ථසාධක මුදල් ගෙවීමට හාම්පුතුන් සහන කාලයක් ඉල්ලයි

හාම්පුතුන් විසින් සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම් පැහැර හැරීම් දළ වශයෙන් රුපියල් බිලියන 12 ට ආසන්න බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. හාම්පුතුන් දිගින් දිගටම මෙම දායක මුදල් ගෙවීම් පැහැර හැරීම පිළිබඳව මුල් නිවේදන ද රතු නිවේදනද යවා තිබියදිත් එම මුදල් නොගෙවීම බරපතල නීති උල්ලංඝණය කිරීමක් මෙන්ම,වැඩ කරන පංතියේ ජනතාවගේ…

covid infections today

වටවල ආසාදිතයන් ඉහලට

වටවල ඇගලුම් කම්හලින් තවත් කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු හමුවිමත් සමග එම ඇගලුම් කම්හලේ කොවිඩ් ආසාදිතයන් ගනන 63 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනක වටවල ඇගලුම් කම්හලේ සේවකයන් කිප දෙනකු අහඹු පි. සි. ආර්….

badweather

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. ඌව පළාතේ සහ මාතලේ, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක් තද වැසි ඇති විය…