covid infections today

අඹගමුවේ කොවිඩ් ආසාදිතයන් ගණන අසු එක දක්වා ඉහලට

අඹගමුව සෞඛ්‍ය බල ප්‍රදේශයේ 05වන දින කොවිඩ් 19 ආසාදිතයන් විසි එක් දෙනකු  හමුවිමත් සමග මෙම බල ප්‍රදේයේ කොවිඩ් ආසාදිතයන් ගනන අසු එක දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. කාමදේවන් මහතා පවසයි. මෙම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදියන් ලෙස හමුවු පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් මෙසේ 05වන දින…

rock

මෝහිණි ඇල්ල අසල ගල් පර්වත මාර්ගයට කඩා වැටෙයි

මධ්‍යම කදුකරයට පවතින වර්ෂාවත් සමග හැටන් නල්ලතන්නිය මාර්ගයේ මෝහිණි ඇල්ල අසල පස් කන්දක් සමග ගල් පර්වත මාර්ගයට කඩා වැටිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිටි අතර රථ වාහන ධාවනය සදහා එක් මංතිරුවක් යථා තත්වයන්ට පත් කිරිමට මාර්ග සංවර්දන අධිකාරිය මගින් පියවර ගන්නා ලදි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මාර්ග සංවර්ධන අධිකාරියේ…

කාලේ බෝතල් ගැන තීරණයක්

කාලේ බෝතල් ගැන තීරණයක්

මත්වතුර අලෙවි සැල් මගින් අලෙවි කරන කාලේ ප්‍රමාණයේ බෝතල් භාවිතය නිසා විශාල පරිසර හානියක් සිදුවන බව පරිසරවෙව්දීන් මෙන්ම විද්වතුන් ද අවස්ථා ගණනාවනක දී කරුණු පැහැදිලි කර තිබේ. මේ නිසා මත්වතුර අඩංගු කාලේ බෝතල් අවිදිමත් ලෙස බැහැර කිරීම නැවැත්වීම සම්බන්ධව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය අවධානය යොමු කරන ලදී. මධ්‍යසාර අඩංගු කාලේ බෝතල් භාවිතය තහනම්…

යාපනයේ ජල ගැලීම් ඉහළට

යාපනයේ ජල ගැලීම් ඉහළට

යාපනය දිස්ත්‍රික්කයේ ජල ගැලීම් තත්ත්වය ඉහළ යමින් ඇතැයි දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා පවසයි. වර්ෂාවෙන් දිස්ත්‍රික්කයේ පවුල් 16,250 ක පුද්ගලයින් 54,163 දෙනෙකු පීඩාවට පත් ව ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය. ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 3393 කි. මේ අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වැව් දෙකක් මේ වනවිට වාන් දමමින් පවති.

police

පොලිසියේ කොවිඩ් පොකුර 1277ක් වේ

ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 264 දෙනකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1277ක් බවද එම ආරංචි මාර්ග පවසනවා. මෙම ආසාදිත නිලධාරීන් දිවයිනේ පොලිස් ස්ථාන 85කින් වාර්තා වී ඇති බවද එම ආරංචි මාර්ග…

weather satellite view

“බුරවී” යන්න ගියත් තවමත් අධික වැසි

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලට අදත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ , මේ වනවිට ‘බුරවි’ සුළි කුණාටුව පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බවයි. එය දිවයිනෙන් ඉවතට ගමන් කර පිඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.

බුරවි අනුරාධපුරයට බරපතල හානී නොකරයි

බුරවි අනුරාධපුරයට බරපතල හානී නොකරයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු ප්‍රදේශයකට රට හරහා හමාගිය බුරවි සුලි කුණාටුව හේතුවෙන් බරපතල හානී සිදුවි නැති බවත් නිවාස වලට සුළුහානි හා ගස්කඩා වැටීම් විදුලිය විසන්ධිවීම් කිහිපයක් පමණක් වාර්ථාවි ඇති බව අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම්.වන්නිනායක මහතා ඊයේ (03දා)පැවසුවේය. අනුරාධපුර කැබිතිගොල්ලෑව වාහල්කඩ හොරොව්පොතාන මැදවච්චිය ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස අටකට පමණ සුළු හා සැලකිය යුතු අලාභ හානි සිදුවි…

mahara

මහර රැඳවියන්ට ඇන්ටිජන් පරීක්ෂණ

මහර බන්ධනාගාරයේ සියලු රැඳවියන් කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබේ. මෙරට කොරෝනා ආසාදිත වූ බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 1382 කි. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේ, දිවයිනේ සෙසු බන්ධනාගාරවල රැඳවියන්ද කොරෝනා ආසාදිත දැයි තහවුරු කිරීම සඳහා පරීක්ෂණවලට ලක් කරන බවයි.

කොරෝනා මරණ වලින් නුවරඑළිය බේරෙයි

කොරෝනා මරණ වලින් නුවරඑළිය බේරෙයි

කොවිඩ් 19 රෝගය වැලදිමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කිසිදු රෝගියකු මේ දක්වා මිය ගොස් නැති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික් කොවිඩ් 19 මර්ධන කමිටුවට එක් වෙමින් මේ බව පැවසු රෝහණ පුෂ්පකුමාර වැඩි දුරටත් මෙසේ පවසන ලදි. සෞඛ්‍ය අංශ විසින් ස්වයං නිරෝධානයට යොමු කර සිටි කාන්තාවක් මිය යාම කොවිඩ් මරණයක් බවට දක්වමින් පුවත්…

පෙර සූදානම නිසා සුළි කුණාටුවෙන් බේරුනා – ඉදිරි පැයවල මහා වැසි

පෙර සූදානම නිසා සුළි කුණාටුවෙන් බේරුනා – ඉදිරි පැයවල මහා වැසි

පෙර සූදානම් වී සිටි නිසා සුළි සුළඟින් සිදුවීමට තිබූ හානිය වළක්වා ගැනීමට හැකි වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. එය ක්‍රමයෙන් මන්නාරම් බොක්ක දෙසට අද පෙරවරුවේ ගමන් කරනු ඇතැයි ද ඔවුහු අනැවැකි පල කරයි. මේ අතර ආපදා කලමනාකාරන මධ්‍යස්ථානය පවසන්නේ කුණාටුව නිසා මෙතෙක් බරපතළ හානි තවමත් වාර්තා වී නැති වුවද ඉදිරි පැය…