කොස්ගමින් පැන්න කොරෝනා රෝගියා බොරැල්ලෙන් අල්ලා ගනී

කොස්ගමින් පැන්න කොරෝනා රෝගියා බොරැල්ලෙන් අල්ලා ගනී

අද උදෑසන 6 ට පමණ කොස්ගම රෝහලෙන් පළා ගිය කොරෝනා වෛරසය ආසාදිත 26 හැවිරිදි තරුණයා බොරැල්ල ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටිනවා. මෙම ආසාදිතයා බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සිටියදී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කොරෝනා රෝගියෙක් කොස්ගම රෝහලෙන් පනී

කොරෝනා රෝගියෙක් කොස්ගම රෝහලෙන් පනී

කොස්ගම රෝහලට ඇතුලත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් අද (23)උදෑසන  පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි. ඔහු අද අළුයම 1.30 ට පමණ රෝහල් ගත කර ඇත. එම ආසාදිතයා සීතාවක වත්ත, නව කැළණි පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්වේ.

covid infections and deaths

අවමංගල්‍ය උත්සවයකට ගිය 15 කට කොරෝනා

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කොළඹ නැව් තටාංගන සේවකයාගේ බලපිටිය, කටුවිල ප්‍රදේශයේ සිටි ඥාතිකයෙකු ගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පහළොස් දෙනෙකුට (15) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික්ක ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි මහතා සඳහන් කරනවා. මෙම ආශ්‍රිතයාගේ ඉදිරි පෙළ පළමු පෙළ ආශ්‍රයෙන්…

පෑලියගොඩ ආසාදිතයන් ගැන ඔත්තුව ලැබුණු හැටි

පෑලියගොඩ ආසාදිතයන් ගැන ඔත්තුව ලැබුණු හැටි

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ අහම්බෙන් බව වාර්තා වනවා. එම ප්‍රදේශවල පෙට්ටි කඩවල පිරිස් ඇතැම් සේවකයන් වේදනානාශක පෙති සහ කොත්තමල්ලි වැඩි වශයෙන් මිළට ගන්නා බව දැනුම් දීම නිසා අහඹු පරීක්ෂණයක් කර ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.  

මාළු පොකුරත් පුපුරා යයි – ආසාදිතයින් 309 ක්

මාළු පොකුරත් පුපුරා යයි – ආසාදිතයින් 309 ක්

ගත වූ පැය 24 දී මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය අසාදනය වූ සමස්ත ආසාදිතයින් 309 ක් වෙයි. ඉන් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ වූ පිරිස් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයෙන් වාර්තා වූ ආසාදිතයින් 188 දෙනා ගෙන් 79 දෙනෙකු කොළඹ ප්‍රදේශයෙන් ද, කැලණිය…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

2/3න් 20 සම්මතයි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත විය. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි විය. දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියේය. ඒ අනුව තුනෙන් දෙකක බලයකින් එය සම්මත විය. රවුෆ් හකීම් හා රිෂාද් බදියුදීන්ගේ පක්‍ෂවල මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් හා සමගි ජනබලවේග මන්ත‍්‍රීනී ඩයනා ගමගේ පක්‍ෂව…

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට ගිය අයට දැනුම්දීමක්

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට ගිය අයට දැනුම්දීමක්

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වෙත පසුගිය සතිය තුළ ගිය අයෙක් වේ නම් වහාම තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර PCR පරීක්ෂණයක් සිදුකර ගන්නා මෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

death

14 වන කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් මියගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි වියේ පසු වූ කාන්තාවකි. කොරෝනා ආසාදනයෙන් පසුව කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇතිවූ අධික නිව්මෝනියා තත්ත්වය සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්ව ඇත.

breakingnews

කොටහේනට ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි අද (22) සවස 6 සිට කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ. මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 05කට නිරෝධායන ඇඳිරි නීතිය මේ වන විට පනවා තිබේ. ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර…

මසුන් පරිභෝජනයට බිය නොවන්න

මසුන් පරිභෝජනයට බිය නොවන්න

මසුන් පරිභෝජනයට කිසිදු අයුරකින් බිය නොවන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. කෙසේ වෙතත් ආහාර සකස් කිරීමේදී ද නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අතිශය වැදගත් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ. එමෙන්ම කොවිඞ් 19 ආසාදිත රෝගීන් කිහිප දෙනෙක් ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ආ ගිය බවට තොරතුරු…