New Diamond නෞකාවේ ගින්න පැතිරීම පාලනය කරයි

New Diamond නෞකාවේ ගින්න පැතිරීම පාලනය කරයි

New Diamond නෞකාවේ ගින්න පැතිරීම පාලනය කර ඇතැයි නාවික හමුදාව පවසයි. ඉන්දිය වෙරළාරක්ෂක බලකාය මේ බව තහවුරු කරමින් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කළේ MV New Diamond නම් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට හැකිවූ බවයි. ගින්න මැඩ පැවැත්වීම සඳහා ජාත්‍යන්තරයේ සහය ද හිමිව තිබේ….

තෙල් නැවේ ගින්න  නවතම දර්ශන

තෙල් නැවේ ගින්න නවතම දර්ශන

MT New Diamond නෞකාව මේ වන විට සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 25ක් දුරින් පිහිටා තිබෙන බව සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කරයි. නෞකාවේ හටගෙන ඇති ගින්න මැඩපවැත්වීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව,ශ්‍රී ලංකා ගුවන් හමුදාව,ශ්‍රී ලංකා වරාය අධිකාරිය,ඉන්දියානු නාවික හමුදාව හා ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය ඒකාබද්ධ…

doctors බඩේ පිලිකා රෝග ලක්ෂණ muka pilika pilika photos guda pilika penahalu pilika penahalu pilika roga lakshana piyayuru pilika cancer in sinhala astrology

වෙද්‍යවරයාගේ පොකට්ටුවට විදි

මතුගම වෑත්තෑව  රෝහල ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යමධ්‍යස්ථානයකට   පැමිණි රෝගියෙකු ලෙස පැමිණි පුද්ගලයෙකු වෙද්‍යවරයාට ගිණි අවියක් පෙන්වා මරණ තර්ජනය කර රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා රන්  ආභරණ හා රුපියල්  53000ක මුදලක් පැහැරගන ගොස් ඇතැයි මතුගම පොලීසියට පැමිණිළි කර  තිබේ. රාත්‍රී දහයයි තිහට පමණ අවසාන රෝගියා ලෙස පැමිණ ඇති පුද්ගලයෙකු මෙසේ වෛද්‍යවරයාට මරණ තර්ජනය වෛද්‍යවරයා සතුව තිබූ  කර…

water

වැසි ජලය ගබඩා කිරීමට නව ජලාශ පද්ධතියක්

වැසි ජලය ගබඩා කිරීම සඳහා අලුතින් වැව් හා ජලාශ පද්ධතියක් ඉදිකිරීම පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී ඇත. එමෙන්ම ජල ඌණතාවක් ඇති ප්‍රදේශවලට ජලය ගෙන යාමට නව ඇළ මාර්ග සහ නල මාර්ග ව්‍යාපෘති හඳුන්වාදීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වෙයි. මෙහිදී 2025 වසර අවසන්වීමට පෙර පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම්…

covid infections today

මෙරට කෝව්ඩ් අවධානම යළි ඉහළට

මෙරට කොවිඩ් නයින්ටින් වෛරස් ආසාදිතයන් ගණන 3104ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (03) දිනයේදී තවත් ආසාදිතයන් තුන් දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. සුවය ලැබු සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2889කි. ආසාදිතයින් 203 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වෙමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව…

ක්‍රිෂ්ලට් ෆාම් මාර්ගයේ ගමන අනතුරකට අතවැනීමක්

ක්‍රිෂ්ලට් ෆාම් මාර්ගයේ ගමන අනතුරකට අතවැනීමක්

හැටන් ක්‍රිෂ්ලට් ෆාම් මාර්ගයේ තැන තැන දැඩි ලෙස අබලන් තත්වයේ පැවතිමත් සමග එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම මාර්ගයේ තැන තැන විශාල ප්‍රමාණයේ වලවල්ද හැරි ඇති අතර මෙම තත්වයන් මත එම මාර්ගයේ රථ වාහන ධාවනය කරවිමද දැඩි ලෙස අසීරු තත්වයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙම මාර්ගය තුල…

ශ්‍රී ලංකා පොලිසියට වසර 154ක් පිරීම නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක්

ශ්‍රී ලංකා පොලිසියට වසර 154ක් පිරීම නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක්

ශ්‍රී ලංකා පොලිසියට වසර 154ක් පිරීම නිමිත්තෙන් පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ රුක් රෝපණ වැඩසටහනක් ඇතුළු වැඩසටහන් ‍රැසක්  ක්‍රියාත්මක කෙරිණ. පොලොන්නරුව ඓතිහාසික ගල්විහාර පුද බිම සහ පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ පරිශ්‍රය තුළ නාපැල රෝපණය කිරීම,පොලොන්නරුව මූලස්ථාන පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් සියලු දෙනා වෙනුවෙන් බෝ නොවන රෝගවලින් වලක්වා ගැනීමේ වෛද්‍ය සායනයක් පැවැත්වීම හා සවස මූලස්ථාන පොලිස් ස්ථානය තුළ බෝධිපූජා…

badweather

වැස්ස දරුණු වන ලකුණු – අනතුරු ඇඟවීම්

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත්වල තැනින් නැත තවදුරටත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කළුතර, අගලවත්ත ප්‍රදේශයට මිලිමීටර් දෙසිය අසූහයකට අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. අගලවත්ත ප්‍රදේශයට මිලිමීටර් දෙසිය අසූහයයි දශම පහක්, කළුතර කෙසෙල්හේනව ප්‍රදේශයට මිලිමීටර් දෙසිය හතලිස් පහයි දශම පහක් හා හොරණ ප්‍රදේශයට මිලිමීටර් දෙසිය විසිපහයි දශම…

coronaupdates

කොරෝනා ආසාදිතයින් ගණන 3,101ක් දක්වා ඉහළට

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3,101ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට රෝගීන් 206 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. පුද්ගලයින් 2,883 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පියව ගොස් ඇත. එසේ ඊයේ දින වාර්තා වූ සියලු ආසාදිතයන් විදේශයන්හි සිට මෙරටට පැමිණි අය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ…

කළුතර මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා

කළුතර මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා

පවතින වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, වලල්ලාවිට, බුලත්සිංහල ඇතුළු ප්‍රාදේශ රැසක අතුරු මාර්ග රැසක් ඊයේ (02) ජලයෙන් යටව ගමනාගමනයට බාධා එල්ලවි තිබූ බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ සම්බන්ධිකාරක ලුතිනන් කර්නල් ප්‍රදිප් මාපලගම මහතා ඊයේ(02) හවස කීවේය. පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මගුර ප්‍රදේශය, වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පැලවත්ත, වලල්ලාවිට ප්‍රදේශවල අතුරු මාර්ග ජලයෙන් යටව…