පල්ලෙකැලේ සිදුවූ භූ චලන විපරිත හුණුගල්  බිඳවැටීමක් විය හැකියි
|

පල්ලෙකැලේ සිදුවූ භූ චලන විපරිත හුණුගල් බිඳවැටීමක් විය හැකියි

පසුගිය 29 වැනිදා සහ ඊයේ (02) දින පල්ලෙකැලේ ආශ්‍රිතව සිදුවූ භූ චලන වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හටගැනීමට ඉඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක්වන විපරිත හුණුගල් තුළ බිඳවැටීමක් විය හැකි බව භු විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශය පවසයි. භු විද්‍යා සමීක්‍ෂණ හා පෙන්වා දෙන්නේ අදාළ කම්පන තත්ත්වයන් ප්‍රධාන භූතල මායිම් ආශ්‍රිතව ඇති…

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් දැනුම් දීමක්
|

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් දැනුම් දීමක්

Mozilla Firefox වෙබ් බ්‍රව්සරය කඩිනමින් නවතම යාවත්කාලීන ලබාගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් වෙත දැනුම් දී තිබේ. Mozilla සමාගම විසින් Mozilla Firefox වෙබ් බ්‍රව්සරය සඳහා නවතම යාවත්කාලීන නිකුත් කොට තිබේ. Mozilla Firefox වෙබ් බ්‍රව්සරයෙහි ඇති CVE-2020-15663,CVE-2020-15664,CVE-2020-12401,CVE-2020-12400,CVE-2020-15665,CVE-2020-15666,CVE-2020-15667,CVE-2020-15668,CVE-2020-15669,CVE-2020-15670 නම් ආරක්‍ෂිත දෝෂ හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කර…

මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොව යලි සෙලවේ

මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොව යලි සෙලවේ

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ අද (02) පෙරවරු 07.06 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි. මෙම කම්පනය මහකනදරාවේ පිහිටි භූකම්පන මාපකයේද සටහන්ව ඇති බවත් එය භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති අතර…

වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් රිමාන්ඩ්

වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග මහතා අත්අඩංගුවට  ගෙන ඇත. ඒ අධිකරණයට හා අධිකරණ ධූරාවලියට අපහාස හා බාධාවන අයුරින් පුවත් පල කළ කිරීමේ චෝදනා යටතේය. ඔහුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. වෙබ් මාධ්‍යවේදී චතුරංගව අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුවේ පදිංචිව සිටි නිවසේදී ය. පරිගණක යන්ත්‍ර හා ජංගම දුරකතන ද අපරාධ පරීක්ෂණ…

weather today at my location

දිවයිනට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි – අනතුරු ඇඟවීම්

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි. දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 18 තුළද දිවයින පුරා තවදුරටත් දැඩි වෙමින් ඇදහැළෙනු ඇති බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

දැඩි සුළගින් හම්බන්තොට ට හානි

දැඩි සුළගින් හම්බන්තොට ට හානි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හැමූ දැඩි සුළඟකින් නිවාස රැසකට හා ව්‍යාපාර ස්ථාන රැසකට හානි වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථනයේ සහකාර අධ්‍යක්ෂක කුරුවිට ආරච්චි මහතා පැවසුවේ ඊයේ (01) පස්වරු 03 ට පමණ හම්බන්තොට ප්‍රදේශයට හැමූ දැඩි සුළගින් හම්බන්තොට සිරිබෝපුර පිහිටි වෙළදසැල් 39 ට හානි සිදු වී ඇති බවයි.එමෙන්ම…

දික්ඔය නගර සභාවේ දුෂණ සොයන්න කොමිසමක්

දික්ඔය නගර සභාවේ දුෂණ සොයන්න කොමිසමක්

හැටන් දික්ඔය නගර සභාව තුල පසු ගිය නිලධාරි පාලන කාලය තුලදි විවිධ දුෂන සිදුව ඇති බවට විවිධ තොරතුරු ලැබෙන බවත් එම කාලය තුලදි මෙම නගර සභාවේ සිදුව ඇති විවිධ දුෂන පිලිබදව කොමිසමක් පත් කල යුතු බවත් එම නගර සභාවේ නාගරික මංත්‍රි හා හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. නන්දකුමාර් මහතාගේ හැටන් කාර්යාලයේදි මේ බව…

poya
|

භික්ෂූණි ශාසනය ආරම්භ වූ බිනර පුන් පොහොය අදයි

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. ලොවපුරා බෞද්ධ ජනතාව අද (01) ඒ වෙනුවෙන් දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වේ. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500කු කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද…

දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ශ්‍රී දළදා මාළිගාවේ නිලධාරින් සඳහන් කළේ වෙබ් අඩවිය යළි යථා තත්ත්වයට පත් කිරිම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග මේ වන විටත් සිදුකරගෙන යන බවයි.

ගොවීන් රජයට වී දීමට මැලිවෙයි

ගොවීන් රජයට වී දීමට මැලිවෙයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු මාසයකට වැඩි කාලයක් පුරා තමන් විසින් සිදු කළත් ගොවීන් වී තොග තමන් වෙත ලබා දීමට මැලි වී ඇතැයි වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබද ව අප කළ විමසුමකට පිළිතුරු…