mithree

මහා මැතිවරණයෙන් වත්මන් රජයට විශිෂ්ට ජයග්‍රහණයක්

මෙවර මහා මැතිවරණයෙන්  වත්මන් රජය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 5න් 4ක් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (05) පොලොන්නරුව නව නගරය ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය පාවිච්චි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි. සිය ඡන්දය ප්‍රකාශ කිරීම සදහා හිටපු…

electionns

සෑම ඡන්දයකටම සුවිශේෂී වටිනාකමක් ලැබෙන මහා මැතිවරණයේදී උද්යෝගයෙන් ඡන්ද බලය භාවිතා කරමු

ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබෙන්නේ 1931 දීය. හිරු නොබසින අධිරාජ්‍යය යැයි හැඳින්වූ මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයන්ගෙන් සර්ව ජන ඡන්ද බලය ලැබීමෙන් ලංකාව දෙවන වන්නේ නවසීලන්තයට පමණි. නවසීලන්තයේ කාන්තාවන්ට ඡන්ද බලය ලැබු‍ණේ 1927දීය. අද එනම් අගෝස්තු 05වන දින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කිරීම උදෙසා මහාමැතිවරණය පැවැත්වේ. කොරෝනා අවදානම නිසා කල් ගිය පාර්ලිමේන්තු මැතිවරණයට…

නුවරඑළිය සියයට හතලිහක් ඡන්දය ප්‍රකාශ කර අවසන්

නුවරඑළිය සියයට හතලිහක් ඡන්දය ප්‍රකාශ කර අවසන්

නව වන පාර්ලීමේන්තුව සදහා මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනිමේ මැතිවරණය 05වන දින පෙරවරු 7.00ට ආරම්භ කරන ලදි. මෙහිදි තම ඡන්දය ප්‍රකාශ කිරිම සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් ප්‍රදේශය තුල පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේද ඡන්ද පොල වෙත එන අකාරයක් දක්නට හැක. නුවරඑළිය දිස්ත්‍රික්ක සදහා පාර්ලීමේන්තු මන්ත්‍රිවරුන් අට දෙනකු තෝරා පත් කර ගන්නා අතර ඒ සදහා පිලිගත්…

Local government elections

2020 මහ මැතිවරණය ඇරඹේ – වැඩිම ඡන්ද දායකයින් ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්

09 වැනි පාර්ලිමේන්තුව සදහා මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (05) පෙරවරු 07ට ආරම්භ වුනා. ඒ ඡන්ද මධ්‍යස්ථාන 12,985කදීයි. ඡන්දය භාවිත කිරීම සදහා මෙවර සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ 63,885 ක්. මැතිවරණ දිස්ත‍්‍රික්ක 22ක් සදහා දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 7452 දෙදෙනෙකු මෙවර මහ…

covid infections today

IDH රෝහළේ කොරෝනා ආසාදිතයන් ගණන 14ට බසියි

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කෙරුණු රෝගීන් හට ප‍්‍රතිකාර කෙරෙන ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තවදුරටත් ප‍්‍රතිකාර ලබන්නේ කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු පමණක් බව රෝහල් වාර්තා අනාවරණ කරනවා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේඥෂ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම නෙත් නිවුස් වෙත සඳහන් කළේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සහය දුන් රජයට, වෛද්‍යවරුන්ට,…

ඡන්ද මැරකමින් පොහොට්ටුවට2/3ක්

ඡන්ද මැරකමින් පොහොට්ටුවට2/3ක්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව වාර්තා වී ඇති සමස්ත ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් ඇති අතර ඉන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයකට වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව අලුත්ම ගණන් හිලව් අනුව හෙළිදරව් වේ. පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 2 දා සිට අගෝස්තු 1 සෙනසුරාදා දක්වා ගත වු මාස පහක කාලයේදී රට තුල වාර්තා වී ඇති ප්‍රචණ්ඩ…

mathiwarana-komition-sabawa

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක් – ඡන්ද ගණන් කිරීම අදියර තුනකින්

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම 06 වන බ්‍රහස්පතින්දා පෙරවරු 7.00ට සහ 8.00ට ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක් ක්‍රියාත්මක වේ. සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ ශාලා සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් නියෝජිතයින් ඉදිරිපත් කළ හැකිය. මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඡන්ද පෙට්ටි රැගෙනයාම, මුද්‍රා…

මානව හිමිකම් කොමිසමේ සභාපති අස්වීමට යයි

මානව හිමිකම් කොමිසමේ සභාපති අස්වීමට යයි

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය දීපිකා උඩුගම එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදා සිට තමන් එම ධූරයෙන් ඉවත් වන බව ව්‍යවස්ථා සභාවට දැනුම් දුන් බවයි ඇය සඳහන් කළේ.

තලංගමදි අයිස් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

තලංගමදි අයිස් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

තලංගම කොස්වත්ත හීනටි කුඹුර ප්‍රදේශයේ සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ 6 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හොරෙයින්  මත්කුඩු සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම  පොලිසිය කියයි එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 ක් ,මත්කුඩු ග්‍රෑම් 10 හා මිලිග්‍රෑම් 50 ක් ,ජංගම දුරකථන 4 ක් ,විද්‍යුත් තරාදි 2 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා…

අත්තිඩිය අභය භූමියෙන් ගිනි අවි මතුවේ

අත්තිඩිය අභය භූමියෙන් ගිනි අවි මතුවේ

ගල්කිස්ස, අත්තිඩිය, ඉදිගහදෙනිය පාර ආසන්නයේ අත්තිඩිය අභය භූමියට අයත් ළඳු කැලෑවක් තුල සඟවා තිබී විදෙස් රටක නිෂ්පාදිත 0.30 පිස්තෝල වර්ගයේ ගිනි අවි හතරක් සහ එම ගිනි අවි සඳහා යොදනු ලබන හිස් මැගසින් අටක්  කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. ලඳු කැලෑව ආසන්නයේ මාර්ගයෙන් ගමන් ගත් පුද්ගලයෙකු යම් පාර්සලයක් සගවන ආකාරය දුටු ප්‍රදේශවාසි…