Local government elections

2020 මහ මැතිවරණය ඇරඹේ – වැඩිම ඡන්ද දායකයින් ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්

09 වැනි පාර්ලිමේන්තුව සදහා මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (05) පෙරවරු 07ට ආරම්භ වුනා. ඒ ඡන්ද මධ්‍යස්ථාන 12,985කදීයි. ඡන්දය භාවිත කිරීම සදහා මෙවර සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ 63,885 ක්. මැතිවරණ දිස්ත‍්‍රික්ක 22ක් සදහා දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 7452 දෙදෙනෙකු මෙවර මහ…

covid infections today

IDH රෝහළේ කොරෝනා ආසාදිතයන් ගණන 14ට බසියි

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කෙරුණු රෝගීන් හට ප‍්‍රතිකාර කෙරෙන ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තවදුරටත් ප‍්‍රතිකාර ලබන්නේ කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු පමණක් බව රෝහල් වාර්තා අනාවරණ කරනවා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේඥෂ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම නෙත් නිවුස් වෙත සඳහන් කළේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සහය දුන් රජයට, වෛද්‍යවරුන්ට,…

ඡන්ද මැරකමින් පොහොට්ටුවට2/3ක්

ඡන්ද මැරකමින් පොහොට්ටුවට2/3ක්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව වාර්තා වී ඇති සමස්ත ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් ඇති අතර ඉන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයකට වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව අලුත්ම ගණන් හිලව් අනුව හෙළිදරව් වේ. පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 2 දා සිට අගෝස්තු 1 සෙනසුරාදා දක්වා ගත වු මාස පහක කාලයේදී රට තුල වාර්තා වී ඇති ප්‍රචණ්ඩ…

mathiwarana-komition-sabawa

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක් – ඡන්ද ගණන් කිරීම අදියර තුනකින්

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම 06 වන බ්‍රහස්පතින්දා පෙරවරු 7.00ට සහ 8.00ට ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක් ක්‍රියාත්මක වේ. සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ ශාලා සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් නියෝජිතයින් ඉදිරිපත් කළ හැකිය. මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඡන්ද පෙට්ටි රැගෙනයාම, මුද්‍රා…

මානව හිමිකම් කොමිසමේ සභාපති අස්වීමට යයි

මානව හිමිකම් කොමිසමේ සභාපති අස්වීමට යයි

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය දීපිකා උඩුගම එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදා සිට තමන් එම ධූරයෙන් ඉවත් වන බව ව්‍යවස්ථා සභාවට දැනුම් දුන් බවයි ඇය සඳහන් කළේ.

තලංගමදි අයිස් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

තලංගමදි අයිස් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

තලංගම කොස්වත්ත හීනටි කුඹුර ප්‍රදේශයේ සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ 6 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හොරෙයින්  මත්කුඩු සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම  පොලිසිය කියයි එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 ක් ,මත්කුඩු ග්‍රෑම් 10 හා මිලිග්‍රෑම් 50 ක් ,ජංගම දුරකථන 4 ක් ,විද්‍යුත් තරාදි 2 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා…

අත්තිඩිය අභය භූමියෙන් ගිනි අවි මතුවේ

අත්තිඩිය අභය භූමියෙන් ගිනි අවි මතුවේ

ගල්කිස්ස, අත්තිඩිය, ඉදිගහදෙනිය පාර ආසන්නයේ අත්තිඩිය අභය භූමියට අයත් ළඳු කැලෑවක් තුල සඟවා තිබී විදෙස් රටක නිෂ්පාදිත 0.30 පිස්තෝල වර්ගයේ ගිනි අවි හතරක් සහ එම ගිනි අවි සඳහා යොදනු ලබන හිස් මැගසින් අටක්  කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. ලඳු කැලෑව ආසන්නයේ මාර්ගයෙන් ගමන් ගත් පුද්ගලයෙකු යම් පාර්සලයක් සගවන ආකාරය දුටු ප්‍රදේශවාසි…

මධ්‍යම කදුකරයේ ඝන මීදුම් තත්වයක් – ගමනාගමනය අවදානම්

මධ්‍යම කදුකරයේ ඝන මීදුම් තත්වයක් – ගමනාගමනය අවදානම්

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල පවතන වැසි සහිත කාලගුණික තත්වයත් සමග විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හා මාර්ග ලිස්සන සුලු තත්වයන්ට පත් විමෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. හැටන් ආශ්‍රිත මෙම ප්‍රදේශයන් තුල පවතින මෙම වැසි සමග විටින් විට හැටන් කොළඹ මාර්ගයේ හැටන්,වටවල, කැරලයිනා, දියගල, කඩවල, ගිනිගත්හේන ප්‍රදේශ මෙන්ම…

සුනාමි අත්අඩංගුවට

සුනාමි අත්අඩංගුවට

මුල්ලේරියාව කැලණි නදී මාවත ප්‍රදේශයේ නිතී විරෝධී අනවසර  වැලි තොටුපල පවත්වාගෙන ගිය පාතාල සාමාජිකයෙක් වන රංගන නොහොත් සුනාමි නැමැත්තා අත්බෝම්බයක් හා  කඩුවක් සමග  අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පැවසීය. සංවිධානාත්මක අපරාධ කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු වන ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාට මෙම අත්  බෝම්බය හා කඩුව අයිති එකක් බවත් රංග නැමැති …

එක්කෝටියකට අධික මත්කුඩු අත්අඩංගුවට

එක්කෝටියකට අධික මත්කුඩු අත්අඩංගුවට

බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදු කළ විමර්ශනයකදී එම පුද්ගලයාගේ බැංකු ගිණුම් වලට දින පතා ලක්ෂ ගණනක මුදල් තැන්පත් වීම හේතුවෙන් ඒ පිළිබඳව ඇති වූ සැකයක් මත පරීක්ෂණ ඇරඹූ බොරලැස්ගමුව පොලිසිය රුපියල් එක්කෝටි දශ ලක්ෂයකට අධික හෙරොයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් සීයක් සහ රුපියල් ලක්ෂ 5 කට අධික ඩාන්සින් මත්…