coronaupdates

බදුල්ල දිස්ත්‍රික්කයේත් කොරෝනා – 200කට වැඩි පිරිසක් නිරෝධායනයට

බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් තහවුරු කරගෙන ඇත. ඔවුන් සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා සාමාජිකයන් තිදෙනෙකි. ඔවුන් නිවාඩු ලබා සිටියදී සිදුකළ සංචාරකයන්ගේ සමීප ආශ්‍රිතයන් 116ක් නිරෝධායනයට ලක් කර ඇත. මෙම ආසාදිතයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටද ගොස් ඇතැයි හෙළි වී ඇති නිසා එහි කිහිපදෙනෙකුද මෙසේ නිරෝධයට ලක්කර ඇත.

coronavirus news

කන්දකාඩු කොරෝනා පොකුර රට පුරා පැතිර යෑමේ අවදානම් තත්ත්වයක්

කන්දකාඩු කොරෝනා පොකුරෙන් හදුනාගත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මේ වන විට 532 දක්වා ඉහළ ගොස් තිබිණි. මේ හේතුවෙන් රට පුරා ප‍්‍රදේශ රැසක සමීපතමයන් සහ ආශ‍්‍රිතයන් රැසක් නිරෝධායනයට ලක් කිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ සවස වන විට 2653කි. ඉන් රෝගීහු 1981ක් පූර්ණ සුවය…

රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම

රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේ රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම ඊයේ(14) වන දින පවත්වන ලදි. මෙහිදි අධ්‍යාපන කේෂත්‍රයට සම්බන්ද ගුරු විදුහල්පතිවරුන් ඊයේ(14) දින හැටන් ශ්‍රිපාද විදුහල් ශ්‍රවනාගාරයේදි සෞඛ්‍ය උපදෙස් මත තම තැපල් ඡන්දය ඉතාමත් උද්යෝගිමත් ලෙස බාවිතා කිරිම සිදු කරන ලදි. මේ පිලිබදව අදහස් දැක්වු හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ  තම තැපල් ඡන්දය…

මහීපාල මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරයි

මහීපාල මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරයි

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඊයේ (13) පොලොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමි‍ටුවේ දී අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කෙරෙන අන්දමේ මුඛ ආවරණයක් පැළද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානින් හමුවේ හැසිරීම මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. රාජ්‍ය ආයතන ප්‍රධානින් ගේ සහභාගීත්වයෙන් කැදවා තිබූ මෙම පොලොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමි‍ටුව…

පොලිස් නිළධාරීන්ට අනතුරක් සිදු කොට පලා ගිය රියදුරු අත් අඩංගුවට

පොලිස් නිළධාරීන්ට අනතුරක් සිදු කොට පලා ගිය රියදුරු අත් අඩංගුවට

හක්මණ කෝංගල ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නියුතුව සිටි හක්මණ පොලීසියේ පොලිස් නිළධාරීන් තිදෙනෙකු යට කොට පලා ගිය ටිපර් රථය අද (14) පෙරවරුවේදී හුංගම පොලිස් වසමේ කට්ටකඩුව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා  ගෙන තිබේ. පොලීසියට ලැබුනු ක්ෂණික තොරතුරකට අනුව බස් රථයකින් පලා යමින් සිටි ටිපර් රථයේ රියදුරුද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන…

පැල්මඩුල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙක්

පැල්මඩුල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙක්

කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහි වුවන්ගේ පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කල පැල්මඩුල්ල නාරංගොඩ ප්‍රදේශයේ පදිංචි උපදේශකවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. අසදිතයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි වෛද්‍ය නිලධාරීන් සදහන් කරන්නේ.

බන්ධනාගාර රැඳවියන් අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවයි

බන්ධනාගාර රැඳවියන් අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවයි

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ ක්‍රියමාර්ග සඳහා අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවා තිබේ. අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය මගින් සිදුවනු ඇත. මේ අතර නැවත දැනුම්දෙන තුරු රැඳවියන් බන්ධනාගාර අතර හුවමාරු කිරීම ද අත්හිටුවා ඇති බව සදහන්.

බස් ධාවනයෙන් ඉවත් වීමට ගත් තීරණය සතියක්  කල් දමයි

බස් ධාවනයෙන් ඉවත් වීමට ගත් තීරණය සතියක්  කල් දමයි

ඉරිදා(12) මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා බස් රථ ධාවනයෙන් ඉවත් වීමට පෞද්ගිල්ක බස් රථ සංගම් විසින් ගෙන තිබූ තීරණය, 11 දින මගී කළමණාකාරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව සතියකින් කල් දැමීමට පෞද්ගලික ප්‍රවාහන සංගම් නියෝජිතයෝ තීරණය කළහ. අගුණකොළපෑලස්සේ පිහිටි ඇමතිවරයාගේ නිවසේදී මෙම සාකච්ඡාව පැවති අතර ඒ සදහා පෞද්ගලික බස් සංගම් 05 ක්…

පොලොන්නරුවේ කොරෝනා වෛරසය ආසාධිතයින් සොයා මෙහෙයුමක්

පොලොන්නරුවේ කොරෝනා වෛරසය ආසාධිතයින් සොයා මෙහෙයුමක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අද (13) වන විට කොරෝනා වෛරසය ආසාධිතයින් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බවත් සමාජය තුළ හදුනා ගත් ප්‍රදේශ කිහිපයක පී.සී.ආර්.පරික්ෂණ 120ක් මේ වන විටත් සිදු කර ඇති බවත් පොලොන්නරුව දිස්ත්‍රික් වසංගත රෝග නිවාරණ ඒකකය පවසයි. එහි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා පැවසුවේ ඉකුත් මාර්තු මාසයේ සිට දිස්ත්‍රික්කය පුරා  පී.සී.ආර්.පරික්ෂණ 8000ක් සිදු කර…

coronavirus news

ඉදිරි දිනවල දී ආසාදිතයන් සාමාන්‍ය සමාජය තුළින් හමු වීමේ අවධානමක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සාමාන්‍ය සමාජය තුල සංචාරණය කර ඇති නිසා ඔවුන් හරහා සමාජයට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉඩක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. එසේ සම්පේ‍්‍රෂණය වී ඇති නම් ඉදිරි දිනවල දී ආසාදිතයන් සාමාන්‍ය සමාජය තුළින් හමු වීමේ අවධානමක් ඇතැයිද ඔහු පැවසීය.