පොලිස් නිළධාරීන්ට අනතුරක් සිදු කොට පලා ගිය රියදුරු අත් අඩංගුවට
හක්මණ කෝංගල ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නියුතුව සිටි හක්මණ පොලීසියේ පොලිස් නිළධාරීන් තිදෙනෙකු යට කොට පලා ගිය ටිපර් රථය අද (14) පෙරවරුවේදී හුංගම පොලිස් වසමේ කට්ටකඩුව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ. පොලීසියට ලැබුනු ක්ෂණික තොරතුරකට අනුව බස් රථයකින් පලා යමින් සිටි ටිපර් රථයේ රියදුරුද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන…









