පෝස්ටර් – කටවුට් ගැහුවොත් වැඩ වරදී
පෝස්ටර් කටවුට් ඇතුළු අංක ප්‍රදර්ශනය කිරීම වරෙන්තුවක් නොමැතිව පොලිස් අත්අඩංගුවට ගත හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. විශේෂ පෙරහුරු මැතිවරණ කිහිපයක් දිවයිනේ ස්ථාන කිහිපයකදී පැවැත්වුණේ නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින්.