මෙවර රාමසාන් යාඥවන් තම නිවස්වල සිටම සැමරිමයි

මෙවර රාමසාන් යාඥවන් තම නිවස්වල සිටම සැමරිමයි

කොරෝනා වෛරසය හේතුවෙන් මෙවර රාමසාන් යාඥවන් තම නිවස්වල සිටම සැමරිමට මුස්ලිම් ජනතාවට අවශ්‍ය උපදෙස් ලබා දිමට හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ පුජකවරුන් පියවර ගෙන ඇත. ඉස්ලාම් භක්තියන් ඉතාමත් භක්තියෙන් සමරන රාමසාන් උපවාසයන් කාලවලදි මුස්ලිම් ජනතාව එම උපවාසයන්හි යාඥාවන් සිදු කිරිම සදහා මුස්ලිම් පල්ලි වෙත පැමිනිම සිදු කලද කොරෝනා වෛරසය හේතුවෙන් මෙවර එම රාමසාන් යාඥවන් තම නිවස්වලම…

මහියංගනයෙන් නුවරට සහල්

මහියංගනයෙන් නුවරට සහල්

මහියංගනය කෙසෙල්පොත යාය 12 ගම්මානයේ ජනතාව එකතු කළ සහල් කිලෝ 2250ක් මහනුවර නාවලපිටිය පස්භාග කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා බෙදාදීමට පරිත්‍යාග කළ බව කෙසෙල්පොත අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති රිටිගහරාවේ ජිනානන්ද හිමියෝ පැවසූහ. පස්භාග කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරි සුභ සාධක සංගමය හරහා වසම් 29ක අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමට නියමිත බව…

langama

කොළඹ රැකියාවට යන අයට ප්‍රවාහන පහසුකම්

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ සහ පෞද්ගලික අංශයේ රාජකාරීවලට වාර්තා කිරීමට නියමිත සේවක සේවිකාවන් හට විධිමත් ක්‍රමවේදයක් හරහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇත. සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතනයන් එම ආයතනයන්හි නම්, එක් එක් මාර්ගයේ ගමන් කිරීමට බලාපොරොත්තු වන සේවක සංඛ්‍යාව සහ ආයතනයේ…

නීතිපති දෙපාර්තමේන්තුව සඳුදා සිට වැඩ අරඹයි

නීතිපති දෙපාර්තමේන්තුව සඳුදා සිට වැඩ අරඹයි

ලබන සඳුදා (27) වනදා සිට සුපුරුදු පරිදි නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය ප්‍රකාශ කරයි. නීතිපති දෙපාර්තමේන්තුව යලි විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අවසර ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියි. මිට සතියකට පමණ ඉහතදී කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලික…

badweather

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගොඩබිම් ප්‍රදේශ සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. ඒ සමඟම ප්‍රබල අකුණු ද ඇති විය හැකි බව කාලගුණ අංශ පවසයි. ඇතැම්…

දිස්ත්‍රික්ක 4ක පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 දක්වා

දිස්ත්‍රික්ක 4ක පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 දක්වා

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ.ඉන් පසු මැයි 01 වන සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00…

නිවසින් බැහැරව යා හැක්කේ හැඳුනුම්පතේ අවසන් අංකය අනුවයි
|

නිවසින් බැහැරව යා හැක්කේ හැඳුනුම්පතේ අවසන් අංකය අනුවයි

අත්‍යාවශය කාර්යයන් සඳහා නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා. ඒ අනුව සඳුදා දින වල නිවසින් බැහැරට යාමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 1 හෝ 2 සහිත පුද්ගලයින්ට පමණයි. අඟහරුවාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය බදාදා…

මැයි 15 දක්වා ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අත්හිටුවයි

මැයි 15 දක්වා ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අත්හිටුවයි

2020 අප්‍රේල් මස 25 වෙනිදා COVID 19 වසංගතය ව්‍යාප්ත වී යාම හේතුවෙන් විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රීලංකන් ගුවන් සමාගමට එහි නියමිත මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම 2020 මැයි මස 15 දක්වා දීර්ඝ කිරීමට සිදුව තිබෙනවා. රජයට සහය දැක්වීම සඳහා අත්‍යවශ්‍ය බෙහෙත්, වෛද්‍ය සම්පත්,…

කොරෝනා ආසාදිතයින් ගණන 420 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 420 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළට ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිතයින් පිරිස 52ක් වනවා. එක් දිනක් තුල මෙරටින් සොයා ගැනුණු වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වන්නේ මෙයයි.

පිටරට සිටින ලාංකිකයින් 27,000ක් යළි පැමිණීමට අවසර ඉල්ලයි

පිටරට සිටින ලාංකිකයින් 27,000ක් යළි පැමිණීමට අවසර ඉල්ලයි

විදේශ රටවල සිටින ලාංකිකයින් විසි හත්දහසක් පමණ මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් රවීනාත ආරියසිංහ මහතා සඳහන් කළේ, මෙරටට නොඑන අයට ලොව පුරා පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල 67 ක් මගින් ඔවුන්ට කළ හැකි සෑම උපකාරයක්ම මේ වනවිට සිදු කරමින් සිටින බවයි. මැදපෙරදිග කලාපයේ රැකියා අහිමී වී යම්…