පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීමට සුදානමක්
දේශීය ආර්ථිකය ආරක්ෂා වන අයුරින් දෛනික ආර්ථික ක්‍රියාකාරකම් කඩිනමින් ඇරඹීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් පළාත් මට්ටමෙන් තොරතුරු සොයා බැලීමේ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ. දිවයිනේ සියලු පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීහු සිය පළාත්වල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින්…








