ඇඳිරි නීතිය කැඩූ 12,000ක් අත්අඩංගුවට
ඇඳිරි නීතිය උල්ලංඝනය කර දිවයින පුරා අත්අඩංගුවට පත් පිරිස 12,223 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අත්අඩංගුවට ගැනීම් සිදුකෙරුණේ පසුගිය මාර්තු 20 වැනිදා සිට අද(04) උදෑසන 6.00 දක්වා කාලය තුළයි. මෙම කාලය තුළ වාහන ද 3017 ක් අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.