කොරෝනා පරීක්‍ෂා කළ හැකි නව උපකරණයක් ජපුරෙන්

කොවිඩ් නයින්ටීන් වෛරසය පරික්‍ෂා කළ හැකි නව උපකරණයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂක ශිෂ්‍යයෙකු නිෂ්පාදනය කරයි.

අධි ශබ්ද ධ්වනියක් නිකුත් කර එයින් නිකුත් වන තරංග ආශ්‍රයෙන් වෛරසය ව්‍යාප්ත වී ඇත් ද යන්න පිළිබඳ මෙම උපාංගයෙන් හඳුනා ගැනීමට හැකි බවයි මහනුවර එලගොල්ල ප්‍රදේශයේ පදිංචි චාමර විජේවර්ධන නමැති මෙම සිසුවා සඳහන් කළේ.

මීට සමාන තාක්‍ෂණික උපාංග ලෝකයේ වෙනත් රටවල ද භාවිත වන නමුත් කොවිඩ් නයින්ටීන් වෛරසය හඳුනා ගැනීම සඳහා යොදාගත් පළමු අවස්ථාව මෙය බව චාමර විජේවර්ධන සිසුවා පැවසුවා.

More Stories