parippu

මාස 3කට ප්‍රමාණවත් භාණ්ඩ තොග ඇතැයි, ආනයනකරුවෝ පවසති

පවතින ආනයනික භාණ්ඩ තොග, මාස 3ක් සඳහා ප්‍රමාණවත් බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. එහි ලේකම් ඉලමනාදන් මහතා සඳහන් කළේ, පරිප්පු සම්බන්ධයෙන් පමණක් යම් ගැටලුවක් පවතින බවයි. ආහාර හිඟයක් ඇතිවුවහොත් ඊට සාර්ථකව මුහුණදීම සඳහා වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

කොරෝනා වෛරසය වැළදුණු තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

කොරෝනා වෛරසය වැළදුණු තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

නව කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් මිගමුව රෝහලේදී ජිවිතක්ෂයට පත්වූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඇන්ටන් ප්‍රනාන්දු තහවුරු කරයි. මෙලෙස මියගොස් ඇත්තේ මිගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් බවයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.

aresst

හමුදා රාජකාරියට බාධා කළ මන්ත්‍රි අත්අඩංගුවට

ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ නාවික හමුදා සෙබළුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ කරුකුපනේ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

දිස්ත්‍රික්ක 19 කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරිණ. ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, අද පස්වරු 2 ට නැවත එම දිස්ත්‍රික්කවලට පොලිස් ඇඳිරි නීතිය පනවන බවයි. ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල සියලු වෙළෙඳ සැල් විවෘතව තබන්නැයි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. අදාළ…

හමුදාපතිගෙන් ඉල්ලීමක්

හමුදාපතිගෙන් ඉල්ලීමක්

අද (30) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ‍ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳසැල් විවෘත කරන්නැයි යුද හමුදාපති ශ‍වේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා. එමගින් මහජනතාවට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා කර දෙන ලෙසයි වෙළඳ සැල් හිමියන්ට හමුදාපතිවරයා විසින් දැනුම් දෙනු ලබන්නේ. පාරිභෝගියන්ට ලබා දිය හැකි සියලු ‍දෑ ඔවුන් වෙනුවෙන් ලබා දෙන ලෙසත් මහජනතාව‍…

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනයේදී එක් සැකකරුවෙක් අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සියොන් දේවස්ථානයට , කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව මේ වන…

කොරෝනාට එරෙහිව සටනට ‘ඇවිගන්’ ලංකාවට

කොරෝනාට එරෙහිව සටනට ‘ඇවිගන්’ ලංකාවට

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා ‘ඇවිගන්’ නැමැති ඖෂධයේ පෙති 5000ක් ජපානයෙන් මෙරටට පරිත්‍යාග කර තිබේ. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ , එම ඖෂධ තොගය ලබන අඟහරුවාදා මෙරටට ලැබීමට නියමිත බවය.

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ නිවේදනයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ නිවේදනයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා සියලුම දරුවන්ට දීර්ඝ කාලීනව ලබා ගත යුතු ඖෂධ ලබ දීමේ ක්‍රමවේදයක් රෝහල විසින් සකසා තිබේ. ඒ අනුව පහත සඳහන් දුරකතන අංක ඇමතීමෙන් දරුවාට අදාළ සායන හෝ විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධ කර ගත හැකියි. ඒ අනුව දරුවාගේ ඖෂධ අවසන් වීමට ප්‍රථම සතියේ දිනවල පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා එම…

lockdown areas in sri lanka today

කළුතර , අටළුුගම , මහනුවර ,අකුරණ Lock down – දිස්ත්‍රික්ක 6ක ඇදිරීනීතිය දිගටම

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, ‍මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. කළුතර , අටළුුගම , මහනුවර , අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. මේ ගම්මාන දෙකට කිසිදු පුද්ගලයෙකුට ඇතුළුවීමට හෝ පිටවීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත. මේ වන…

breakingnews

කොරෝනා පළමු ලාංකික බිල්ල ගනියි – කොරෝනා වරද්ද ගනියි වෛද්‍ය අංශ සන්නද්ධ වෙයි

දිවයිනේ පළමු කොරෝනා මරණය අයි.ඩී.එච් රෝහලෙන් වාර්තා වුණා. ඔහු මාරවිල ප‍්‍රදේශයේ 65 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයෙක්. මෙම රෝගියා කොරෝනා වෛරසය ආසාධනය වන විට වකුගඩු බද්ධ කිරීමකට ලක්ව තිබූ අතර දියවැඩියාව සහ අධි රුධිර පීඩනයෙන් ද පෙළි ඇති බව සදහන්. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා වන රසායනාගාර පද්ධති සැකසීම, වෛරසය වැලදී සිටින රෝගීන්…