දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

දිස්ත්‍රික්ක 19 කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරිණ.

ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, අද පස්වරු 2 ට නැවත එම දිස්ත්‍රික්කවලට පොලිස් ඇඳිරි නීතිය පනවන බවයි.

ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල සියලු වෙළෙඳ සැල් විවෘතව තබන්නැයි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

අදාළ කාල සීමාව තුළ ශාරීරික දුරස්ථභාවය තබා ගනිමින් භාණ්ඩ මිලදී ගන්නැයි යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දී සිටී.

කෙසේ වෙතත්, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකයි.

More Stories