ජාඇලට-වත්තලට පොලිස් ඇඳිරි නීතිය

ජාඇලට-වත්තලට පොලිස් ඇඳිරි නීතිය

අද(19) රාත්‍රී 10.00 සිට ජාඇල, වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාඇල, වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ඇඳිරි නීති කාලය තුළදී සියලුම තැනැත්තන් තම නිවෙස්වල රැඳී සිටිය යුතු…

රාජ්‍ය-පෞද්ගලික අංශවල නිවාඩුව 27 වනදා දක්වා දීර්ඝ කෙරේ

රාජ්‍ය-පෞද්ගලික අංශවල නිවාඩුව 27 වනදා දක්වා දීර්ඝ කෙරේ

මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම්දී සිටිනේ.

එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනයට

එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනයට

සුරාබදු දෙපාර්තමේන්තුව භාරයට ගත් එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනය සඳහා ලබාදීමට තීරණය කරයි. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, අම්පාර අධිකරණය රාජසන්තක කර තිබූ එතනෝල් තොගයක් එලෙස ලබාදෙන බවය.

corona

කොරෝනා වෛරසය රටවල් 170ක් පුරා පැතිරයයි

කෝවිඩ් – 19 වෛරසය හේතුවෙන් තවත් කොරෝනා රෝගීන් ඉරානයෙන් 1192ක්ද, ජර්මනියෙන් 1935ක්ද, ඇ.එ.ජනපදයෙන් 1127ක්ද, ස්පාඤ්ඤයෙන් 2084ක්ද වාර්තා වී ඇත. කොරෝනා වයිරසය මේ වන විට ලෝකයේ රටවල් 170ක් ආක්‍රමණය කර තිබේ. ඊට අමතරව ජපානයේ යොකොහාමා නුවර ආසන්නයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවටද එය පැතිරී තිබෙන අතර එම නෞකාවෙන් මේ වනවිට හමුවූ රෝගීන් ගණන 712ක් වන…

චීනය 0 – ඉතාලිය 475  ඉතාලිය ලෝක වාර්තාවක් පිහිටුවයි

චීනය 0 – ඉතාලිය 475 ඉතාලිය ලෝක වාර්තාවක් පිහිටුවයි

පැය 24 තුළ ඉතාලියෙන් පුද්ගල මරණ 475ක් වාර්තා වූ එය ලොව පුරා දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ලෙස වාර්තා වෙනවා. කොරෝනා ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු පළමු වරට පැය 24 තුළ චීනයේ වුහාන් නගරයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වෙනවා.

කොරෝනා – චීනයේ 80894, යුරෝපයේ රටවල් පහක 81244  

කොරෝනා – චීනයේ 80894, යුරෝපයේ රටවල් පහක 81244  

ලෝකයේ දියුණුම රටවල් ලෙස සැලකෙන ඉතාලිය, ස්පාඥ්ඥය, ජර්මනිය, ප්‍රංශය හා සුවිසර්ලන්තය වැනි  යුරෝපීය රටවල් තුළ කොරෝනා වෛරසය ඉතා කෙටි කාලයක් තුළ විශාල වශයෙන් පැතිරීමත් සමග මුලු ලෝකයම විශාල අවධානමකට පාත්‍ර වී තිබේ. මේ වන විට ඉතාලිය තුළ පමණක් කොරෝනා රෝගීන් 35,713ක් වාර්තා වන අතර ඉන් 2978 දෙනෙක් මෙම වෛරසය හේතුවෙන් මිය ගොස් තිබේ. ස්පාඥ්ඥය තුළ…

ඇඳිරි නීතිය උදෑසන 8.00 ට ඉවත් කර යලි පස්වරු 2ට පනවයි

ඇඳිරි නීතිය උදෑසන 8.00 ට ඉවත් කර යලි පස්වරු 2ට පනවයි

පුත්තලම දිස්ත්‍රික්කයට සහ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය 19 වැනිදා පෙරවරු 8 ඉවත් කර යලි පස්වරු 2ට පනවන බව සදහන් වෙයි. පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත්තේ, පුත්තලම කොට්ඨාසයේ පුත්තලම, ආණමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරොච්චෝලේ සහ සාලියවැව පොලිස් බල ප්‍රදේශවලටයි. හලාවත කොට්ඨාසයේ පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත්තේ, හලාවත, දංකොටුව,…

රාත්‍රී සමාජ ශාලා සහ සූදු පොළවල් වහාම වසා දැමිමට නියෝග

රාත්‍රී සමාජ ශාලා සහ සූදු පොළවල් වහාම වසා දැමිමට නියෝග

රාත්‍රී සමාජ ශාලා සහ සූදු පොළවල්  ව වසා දමන ලෙස රජය දැනුම් දී තිබේ.  රජය මේ බව නිවේදනය කළේ, COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

මහජනතාවට එකතු වෙන්න එපා කිව්වහම සමහරු ක්‍රිකට් ගහනවා

මහජනතාවට එකතු වෙන්න එපා කිව්වහම සමහරු ක්‍රිකට් ගහනවා

මහජනතාවට රැස්නොවෙන ලෙස රජය විසින් දැනුම් දීමක් සිදු කර තිබිය දී ඇතැම් පිරිස් ක්‍රීඩා පිටිවලට එකතු වී ක්‍රිකට් සෙල්ලම් කරන බවට දැන ගන්න ලැබී ඇති බවත් එය නොසුදුසු තත්ත්වයක් යුද හමුදාපති ලුතිනන් ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

නැවත දැනුම් දෙන තුරු පුත්තලමට හා මීගමුව කොච්චිකඩේට පස්වරු 4.30 සිට ඇඳිරි නීතිය

නැවත දැනුම් දෙන තුරු පුත්තලමට හා මීගමුව කොච්චිකඩේට පස්වරු 4.30 සිට ඇඳිරි නීතිය

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.