දඹදිව සංචාර නවතී

දඹදිව සංචාර නවතී

දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි. සෞඛ්‍ය අංශ ඉදිරිපත් කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගත් බව සඳහන් වේ.

corona
|

කොවිඩ් -19 ඉතාලියේ පළාත් 14 ක් වසාදමයි

කොවිඩ් -19 වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ඉතාලියේ ලොම්බාඩි කලාපය සහ තවත් පළාත් 14 ක් වසාදැමීමට බලධාරීන් තීරණය කර ඇත. ඒ,ගතවූ පැය 24 තුළ එරටින් අලුතින් ආසාදිතයින් 1200ක් වාර්තා වීමත් සමඟයි. කොරෝනා වෛරසයේ ඉතාලියේ ආසාදිතයින් ගණන 5883 දක්වා ඉහළ ගොස් තිබෙන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 233ක්.  

mathiwarana komisin sabawa

COVID-19 මැකෝ සීරුවෙන් තබයි

නව කොරොන වයිරස් COVID-19 ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින තත්වයක් තුළ මෙරට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට එයින් කිසියම් බලපෑමක් විය හැකිදැයි මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. ලංකාවට මෙතෙක් එවැනි අවධානමක් නැතැයි අදාළ බලධාරීන් පැවසුවද ඒ පිළිබඳව සෝදිසියෙන් සිටීමේ වැදගත්කම මැතිවරණ නිරීක්ෂකයින් විසින් පෙන්වා දී ඇතැයි ද වාර්තාවේ.

ජාත්‍යන්තර කාන්තා දිනය අද

ජාත්‍යන්තර කාන්තා දිනය අද

මෙවර එහි තේමාව ඇය දිරිමත් – රට සවිමත් යන්නයි. ජාතික උත්සවය රන්තපුර නව නගර ශාලාවේ පැවැත්වීමට නියමිත ය. මේ අතර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ කාන්තාවට හා ගැහැණු දරුවාට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය හා වෙනස් කොට සැලකීම සම්පූර්ණයෙන්ම පිටු දකින බවයි. කාන්තාවට ආදායම් උත්පාදනයට සමසේ දායක විය…

unp

එජාපය අලියාගෙන් මහ මැතිවරණයට

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, අද පෙරවරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් මැතිවරණ කොමිසමට ඒ බව දැනුම් දුන් බවයි.

වියළි කාලගුණයෙන් 298,132 ක් පීඩාවට

වියළි කාලගුණයෙන් 298,132 ක් පීඩාවට

දිස්ත්‍රික්ක 8 කට බලපා ඇති වියළි කාලගුණයෙන් පුද්ගලයෝ 298,132 ක් පීඩාවට පත්ව සිටිති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවේ දැක්වුණේ, ඒ අතර පවුල් 74796 ක් වන බවයි. කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කළුතර, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට එලෙස වියළි කාලගුණයෙන් පීඩා එල්ලවී තිබේ.

law

රවි ඇතුළු 10කට වරෙන්තු

මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතා ඇතුලු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණය  වරෙන්තු නිකුත් කර තිඛේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන අටකට සිදුකළ මූල්‍ය පාඩුව නැවත අයකර ගැනීම සඳහා රජය වෙනුවෙන් නීතිපතිවරයා විසින් සිවිල් නඩු අටක් පවරා ඇති අතර, ඉන් නඩු පහක්…

කාලගුණයේ වෙනසක්

කාලගුණයේ වෙනසක්

අද (06) සහ හෙට (07) දියන්හිදී මධ්‍යඹ, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල කාලගුණ තත්ත්වයේ වෙනසක් බලාපොරාත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ බස්නාහිර පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් හී පස්වරු 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, නැගෙනහිර සහ උතුරු මැද…

රනිල් නැවත දිවයිනට පැමිණෙයි

රනිල් නැවත දිවයිනට පැමිණෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි සංචාරය නිමාකරමින් අද (06) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එමිරේට්ස් ගුවන් සේවයට අඅයත් ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබේ.

විමල්ට එරෙහි දුම්රිය සටන නවතියි

විමල්ට එරෙහි දුම්රිය සටන නවතියි

හිටපු රාජ්‍ය ඇමැති විමල් වීරවංශ කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් දුම්රිය රියැදුරෝ අද (06) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සාමාජිකයන්  නතර කර ඇත. දුම්රිය ආරක්ෂක නිලධාරින් දුම්රියවල රාජකාරී කටයුතු සඳහා යෙදවීම හේතුවෙන් දුම්රිය රියැදුරන්ට දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට නොහැකි වී ඇත.’’ යනුවෙන් විමල් වීරවංශ කළ බව කියන ප්‍රකාශයකට…