මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට
ඉදිරි මහා මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහය දැක්වීමට රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ.

ඉදිරි මහා මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහය දැක්වීමට රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ.

කොටුව හා මාතලේ අතර දුම්රිය ලබන දෙවැනිදා සිට සඳුදා සිට සිකුරාදා දක්වා ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි. දැනට එම දුම්රිය සඳුදා හා සිකුරාදා දිනවල පමණක් මාතලේ දක්වා ධාවනය වන බවයි. සතියේ වැඩකරන දිනවල උදෑසන 6.30 ට මාතලේ සිට කොළඹ කොටුව දක්වාත් සවස 2.30ට කොළඹ කොටුවේ සිට මාතලේ දක්වාත් දුම්රිය ධාවනය කරවනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බොරුවක් ලෙස කර ඇත්තේ බොරු කොණ්ඩයක් දමාගෙන සිටීම පමණක් බව සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ සිටිනා මන්ත‍්‍රීවරුන්ට සාපේක්ෂව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කර ඇත්තේ ඉතා සුළු දෙයක් බවත් ඉදිරි මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට එය හේතුවක් නොවනු ඇති බවත් වැඩිදුරටත් පවසයි.

හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාගේ නිවසක තිබී අත්අඩංගුවට ගන්නා ලද රහසිගත ලිපි සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයන්ට අදාලව බිරිදගෙන් රහස් පොලිසිය පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ. ප‍්‍රශ්ණ කිරීම් කිරීම් ගණනාවකදි හිටපු ඇමති බිරිද අවස්ථා ගණනාවක අසීරුතාවට පත්ව ඇති බවත් බදුර්දීන් මහතා ඇමති ධුරය දරද්දී බිරිද දූෂිත ගනුදෙනු රැසකට සම්බන්ධවී ඇතැයි තහවුරු වී ඇති බවත්…

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබීමෙන් පසු මාදිවෙල සිය මන්ත්‍රී නිළ නිවාසය වෙත ආපසු ගොස් තිබේ. ඇප මත නිදහස ලැබීමේ ප්‍රීතිය සමරමින් සාදයක්ද පවත්වා ඇත.

ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජා වන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති. ඔවුන්ට රජය විසින් පොරොන්දුවක් දී ඇති බවත් ඒ බව දැනගෙන මේ නටන නාඩගම ගැන ලැජ්ජාවක් හිතන බවක් උන්වහන්සේ සදහන් කරති. කරුණාකර දේශපාලන වේදිකාවෙන් බහින්නයි රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා සිසුන් පිරිසක් ගලවා ඉවත් කිරීමේ සිදුවීමට එරෙහිව පොදු දේපොළ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මේ වනවිටත් හඳුනාගෙන ඇති ඊට සම්බන්ධ සිසුන්ට විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කරයි.

මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විසින් නියෝග කරනු ලැබ තිබේ. වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් විසින් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරීමට නියෝග කළ බවත් අධිකරණ නියෝග මත රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කර ඇති බවද සදහන් වේ.

මහ මැතිවරණය ලබන අප්‍රේල් 25 වනදා සහ මැයි 04 වනදා අතර දිනයකදී පැවැත්වීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරයි. අද(26) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ එය තීරණය කිරිමේ ව්‍යවස්ථාමය බලය ඇත්තේ ජනාධිපතිවරයාට බවටයි. සබැදි පුවත් https://www.dailyreporter.lk/%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b7%82%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%92/

මධ්‍යම කදුකරය තුල පවතිව දැඩි වියළි කාලගුණිකද තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බසිමින් පවති. මෙම ජලාශයේ ජලය උපයෝගි කර ගෙන ජල විදුලි බලාගාර තුනකින් ජල විදුලිය නපදවන අතර පවතින වියළි කාලගුණික තත්වයන් මත ඉදිරියේදි මෙම ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බැසිමෙන් එම ජල විදුලිබලාගාරවලින් ජල විදුලිය නිපදවිමද අවදානම් තත්වයකට පත්වනු…