බදියුදීන්ගේ බිරිද ගොත ගසයි

බදියුදීන්ගේ බිරිද ගොත ගසයි

හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාගේ නිවසක තිබී අත්අඩංගුවට ගන්නා ලද රහසිගත ලිපි සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයන්ට අදාලව බිරිදගෙන් රහස් පොලිසිය පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ. ප‍්‍රශ්ණ කිරීම් කිරීම් ගණනාවකදි හිටපු ඇමති බිරිද අවස්ථා ගණනාවක අසීරුතාවට පත්ව ඇති බවත් බදුර්දීන් මහතා ඇමති ධුරය දරද්දී  බිරිද දූෂිත ගනුදෙනු රැසකට සම්බන්ධවී ඇතැයි තහවුරු වී ඇති බවත්…

ඇප ලැබු රන්ජා කරටි කඩාගනියි කොලු වාට්ටුව ගැන හෙළිකරයි (video)

ඇප ලැබු රන්ජා කරටි කඩාගනියි කොලු වාට්ටුව ගැන හෙළිකරයි (video)

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබීමෙන් පසු මාදිවෙල සිය මන්ත්‍රී නිළ නිවාසය වෙත ආපසු ගොස් තිබේ. ඇප මත නිදහස ලැබීමේ ප්‍රීතිය සමරමින් සාදයක්ද පවත්වා ඇත.

ආබාධිත රණවිරුවනි දේශපාලන වේදිකාවෙන් බහින්න – නටන නාඩගම ගැන ලැජ්ජයි

ආබාධිත රණවිරුවනි දේශපාලන වේදිකාවෙන් බහින්න – නටන නාඩගම ගැන ලැජ්ජයි

ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජා වන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති. ඔවුන්ට රජය විසින් පොරොන්දුවක් දී ඇති බවත් ඒ බව දැනගෙන මේ නටන නාඩගම ගැන ලැජ්ජාවක් හිතන බවක් උන්වහන්සේ සදහන් කරති. කරුණාකර දේශපාලන වේදිකාවෙන් බහින්නයි රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

CCTV ගැලවූ කැළණියේ සිසුන්ට නීතිය ක්‍රියාත්මක කරිමට යයි

CCTV ගැලවූ කැළණියේ සිසුන්ට නීතිය ක්‍රියාත්මක කරිමට යයි

කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා සිසුන් පිරිසක් ගලවා ඉවත් කිරීමේ සිදුවීමට එරෙහිව පොදු දේපොළ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මේ වනවිටත් හඳුනාගෙන ඇති ඊට සම්බන්ධ සිසුන්ට විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක බව කැලණිය විශ්වවිද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කරයි.

රන්ජන් රාමනායකට ඇප

රන්ජන් රාමනායකට ඇප

මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විසින් නියෝග කරනු ලැබ තිබේ. වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් විසින් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරීමට නියෝග කළ බවත්  අධිකරණ නියෝග මත රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කර ඇති බවද සදහන් වේ.

mahindadesappriya

මැතිවරණය වෙසක් පෝයට පෙර

මහ මැතිවරණය ලබන අප්‍රේල් 25 වනදා සහ මැයි 04 වනදා අතර දිනයකදී පැවැත්වීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරයි. අද(26) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ එය තීරණය කිරිමේ ව්‍යවස්ථාමය බලය ඇත්තේ ජනාධිපතිවරයාට බවටයි. සබැදි පුවත් https://www.dailyreporter.lk/%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ab-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b7%82%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%92/

කාසල්රි ජල මට්ටම සීඝ්‍රයෙන් පහලට

කාසල්රි ජල මට්ටම සීඝ්‍රයෙන් පහලට

මධ්‍යම කදුකරය තුල පවතිව දැඩි වියළි කාලගුණිකද තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බසිමින් පවති. මෙම ජලාශයේ ජලය උපයෝගි කර ගෙන ජල විදුලි බලාගාර තුනකින් ජල විදුලිය නපදවන අතර පවතින වියළි කාලගුණික තත්වයන් මත ඉදිරියේදි මෙම ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බැසිමෙන් එම ජල විදුලිබලාගාරවලින් ජල විදුලිය නිපදවිමද අවදානම් තත්වයකට පත්වනු…

වයඹ සහ බස්නාහිරට උණුසුම වැඩිවෙයි – අවවාදාත්මක නිවේදන

වයඹ සහ බස්නාහිරට උණුසුම වැඩිවෙයි – අවවාදාත්මක නිවේදන

වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ මන්නාරම , ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. වැඩිපුර ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් අඳින ලෙසත් වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්…

General Elections

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මාධ්‍ය හමුවක්

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු එහි සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතවරණය පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි. මෙම සාකච්ඡාවට සහභාගීවන ලෙස සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දී ඇති බව සදහන්.  

වෘත්තිය ක්‍රියාමාර්ගය සාර්ථකයි

වෘත්තිය ක්‍රියාමාර්ගය සාර්ථකයි

අද දිනයේ දිවයිනේ බොහෝ පාසල්වල ගුරුවරුන් සේවයට වාර්තාකර නොමැති අතර අද (26) දිනයේ ක්‍රියාත්මකකර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බව ලංකාගුරු සංගමය පවසයි. වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් 6 ක් මුල් කර ගනිමින් ගුරු- විදුහල්පති  වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් සිසුන්ගේ පැමිණීමේද අඩුවක් දක්නට ලැබෙන බව සදහන් වේ.