චීනයේ වනජීවීන්  නීතිය සංශෝධනය කිරීමට යයි
|

චීනයේ වනජීවීන් නීතිය සංශෝධනය කිරීමට යයි

වන සතුන් වෙළඳාම් කිරීම සහ ආහාරයට ගැනීම නිසා ඇති විය හැකි  අවධානම පිළිබඳව  අවධානයට ලක්ව ඇති බවත් වන ජීවීන් සම්බන්ධ නීති හා රෙගුලාසි  දැඩි කිරීම සහ වනජීවී ජාවාරම මැඩපැවැත්වීම අවශ්‍යතාවක් පැනනැගී ඇති චීන රජය ප්‍රකාශ කර තිබෙනවා. සත්ත්ව වසංගත වැළැක්වීම සඳහා වන නීති සංශෝධනය කිරීම වේගවත් කරන බව ජාතික මහජන කොංග්‍රසයේ  කොමිෂන් සභාවේ නිලධාරියෙකු මාධ්‍ය…

දිවයිනේ වැඩිම උෂ්ණත්වය කොළඹින්

දිවයිනේ වැඩිම උෂ්ණත්වය කොළඹින්

අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.3 ක් ලෙස වාර්තා වී ඇත්තේ කොළඹ නගරයෙනි. කොළඹ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 04 කින් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02 – 04 ත් අතර අගයකින් ඉහළ ගොස්…

mathiwarana komisin sabawa

මැතිවරණ කොමිෂන් සභාව හදවත පිළිගනී

මහ මැතිවරණයට හදවත ලකුණ කරගත් සමගි ජනබලවේගය නම් සන්ධානයට මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන තිබේ. ඒ  ලියාපදිංචි කර ඇති ‘අපේ ජාතික පෙරමුණ’ නමැති පක්ෂයේ නම  ‘සමගි ජනබලවේගය’ ලෙසින් වෙනස්කිරීමත් එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාද , ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාද ලෙස තනතුරු වෙනස්කිරීමේ යෝජනාවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇත. රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය ‘අලියා’…

වාහන ගෙන්වූ ඇමතිවරුන්ගේ නම් ඇතුළත් වාර්තාවක් ඉල්ලියි

වාහන ගෙන්වූ ඇමතිවරුන්ගේ නම් ඇතුළත් වාර්තාවක් ඉල්ලියි

යහපාලන රජය මගින් විශාල මුදලක් වියදම් කර ඇමැතිවරුන්ට වාහන ගෙන්වූවන්ගේ නම් ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කරයි. යහපාලන රජයේ අමාත්‍යවරුන් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මගින් එලෙස වාහන ගෙන්වීමට සම්බන්ධ නොවූ අමාත්‍යවරුන් හටද චෝදනා…

watercut

වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට පානීජ ජල අර්බුධයක්

දිවයිනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක පවුල් 55,846 අයත් පුද්ගලයින් දෙලක්ෂ 36,556 දෙනෙකු වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. කෑගල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වල ජනතාව  පානීය ජල අර්බුදයෙන් පීඩා විදින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.    

death

කොරෝනා මරණ 1000 ඉක්මවයි

කොරෝනා වෛරසය ආසාදනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 1016 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ පසුගිය පැය 24 පුරා සිදු වු මරණ 108 ක් සමගයි. මේ වනවිට චීනයේ වෛරසය ආසාදනය වූවන් සමස්තය 42000 ඉක්මවා ගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ, මෙය විශාල ගින්නක් බවට පත්විය හැකි කුඩා ගිනි පුපුරක් පමණක් බවයි. වසංගතය පාලනයෙන් ගිලිහීමට පෙර…

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ සංගීතවේදීයෙක්

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ සංගීතවේදීයෙක්

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ මහතා නම් කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. අදාළ තනතුරු සදහා නාම යෝජනාව පිළිබඳ යෝග්‍යතාව පරීක්ෂාකිරීම සඳහා පත්කෙරෙන පුද්ගලයින්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම පිළිබඳ පාර්ලිමේන්තු උසස් නිළතල පිළිබඳ කාරක සභාවේ යොමුකර ඇති බවත් සඳහන් වේ.    

mathiwarana komisin sabawa

සජිත්ගේ හදවතට මැ.කො අප්‍රසාදය පළ කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය වෙනුවෙන් දේශපාලන පක්ෂයක නම සහ ලාංඡනය ඇතුලු සංශෝධන කිහිපයකට අවසර දෙන ලෙස මැතිවරණ කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් වුවත් මැතිවරණ කොමිසම විසින් අදාල ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ. නව සන්ධානය හා මැතිවරණ ලකුණ පිළිබදව  විධිමත් ආකාරයෙන් ඉල්ලීම් කළහොත් ඒ පිළිබඳ සළකා බැලිය හැකි බවද මැතිවරණ කොමිසම…

සජිත් හදවතින්ම  මැතිවරණයට එයි

සජිත් හදවතින්ම මැතිවරණයට එයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානය ‘සමගි ජාතික බලවේගය’ ලෙසත් එහි මැතිවරණ ලකුණ ‘හදවත’ බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. නව සන්ධානය පක්ෂය ලියාපදිංචි කිරීම සදහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අදාල ලියවිලි භාරදී තිබේ. නව සන්ධානයේ ලේකම්වරයා තීරණය කිරීමට ද නියමිතව තිබේ.

දුම්රිය අනියම් හා ආදේශක සේවකයින් විරෝධයක

දුම්රිය අනියම් හා ආදේශක සේවකයින් විරෝධයක

වසර 5කට අධික කාලයක් සේවය ස්ථීර නොකළ  දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වසමින් විරෝධතාවක නිරතවෙමින් ඇත. දුම්රිය සේවයට 2014 සහ 2015 වසරවලදී අනියම්, ආදේශක, තාවකාලික, සහන සහ කොන්ත්‍රාත් යන පදනමින් 1500ක් බඳවා ගත් බවත් මොවුන් ස්ථීර සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් මෙලෙස විරෝධතාවයේ නිරත වෙමින් සිටීයි….