ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’  එයි

ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’ එයි

ඩෙංගු මර්දනය සඳහා වොල්බැකියා බැක්ටීරියාව පරිසරයට මුදා හැරීමට වසංගත රෝග විද්‍යා ඒකකය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. වොල්බැකියා බැක්ටීරියාව මදුරුවාගේ ශරීර ගතවීමෙන් පසු ඩෙංගු රෝගය බෝ කරන වෛරසය විනාශ වන බැවින් බැක්ටීරියාව ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙන බව සදහන් වේ. කොළඹ කොටහේන හා නුගේගොඩ ආසන්න ග‍්‍රාම නිලධාරි කොට්ඨාස 25ක මෙම බැක්ටීරියාව ලබන මාර්තු…

තායිලන්තයේදී හමුදා සෙබළෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනකු මරුට(video)
|

තායිලන්තයේදී හමුදා සෙබළෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනකු මරුට(video)

තායිලන්ත නකෝන් රච්චාසිමා නගරයේදී ජැක්රපාන්ත් තොම්මා නැමැති හමුදා සෙබළා සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනකු මිය ගියේය. සෙබළා වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය සොරකම් කර ඇත්තේ, තම අණදෙනා නිලධාරියා ඝාතනය කිරීමෙන් පසුවයි. ආරක්ෂක අංශ පැය 6ක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ප්‍රහාරකයා වෙඩි තබා ඝාතනය කර ඇති බව සදහන් වේ. https://youtu.be/TgHhG4ljtf0

සහතික මිලට වී මිලදී නොගන්නා බවට චෝදනා

සහතික මිලට වී මිලදී නොගන්නා බවට චෝදනා

මහ කන්නයේ ගොවීන්ගේ වී කිලෝවක් රුපියල් 50 ක හා තෙත වී කිලෝවක් රුපියල් 45 ට මිලදී ගත යුතු බවටයි රජය නියම කර තිබුනත් මිල පහළ හෙළීමේ උපක්‍රමයක් ලෙස පෞද්ගලික මෝල් හිමියන් වී මිලදී ගැනීමට වැඩි උනන්දුවක් නොදක්වන බවට තොරතුරු වාර්තා වෙයි. වී කිලෝව රුපියල් 30 ත් 35 ත් අතර මිලකට ලබා ගැනීමේ කූඨ උපායක් ලෙස…

හමුදා සාමජිකයින් 4289  යළි සේවයට

හමුදා සාමජිකයින් 4289 යළි සේවයට

නීත්‍යානුකූල නොවන අයුරින් හමුදා සේවය හැර ගොස් සිටි හමුදා සාමජිකයින් 4289 කු ඊයේ දිනය වන විට යළි බාර වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරන ලදි. ඒ ජතික නිදහස් දිනයට සමගාමීව ප්‍රකාශයට පත්කළ පොදු සමාකාලයට අදාලවයි.  එම පොදු සමාකාලය ලබන 12 දා දක්වා ක්‍රියාත්මකයි. හමුදා සේවය හැර ගොස් සිටින සියළු දෙනාට නැවැත සේවට එක්වීමට…

කොරෝනා වෛරසයෙන් ඇමරිකානු පුරවැසියෙක් මරුට

කොරෝනා වෛරසයෙන් ඇමරිකානු පුරවැසියෙක් මරුට

ඇමරිකා එක්සත් ජනපද පුරවැසියෙකු කොරෝනා වෛරසයෙන් මියගොස් ඇති බව බීජිංහි එක්සත් ජනපද තානාපති කාර්යාලය සදහන් කරයි. කොරෝනා වයිරසයෙන් මියගිය පළමු ඇමරිකානු පුරවැසියා ඔහු බවයි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. මියගිය ‍රෝගියා 60 හැවිරිදි පුද්ගලයෙක්. පවුලේ පෞද්ගලිකත්වයට ගරු කිරීමක් ලෙස  ඔහුගේ නම අනාවරණය නොකිරීමට තානාපති කාර්යාලය තීරණයක් ගෙන තිබුණා.  

නීති විරෝධි රට බීම බෝතල් 252ක් අත්අඩංගුවට

නීති විරෝධි රට බීම බෝතල් 252ක් අත්අඩංගුවට

රට බීම බෝතල් 252ක් සමග සැකකරුවන් දෙදෙනෙකු   මීගමුවේ හා කොට්ටාවේ දී සිදු කරනු ලැබු වැටලීම්වලදී කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.  මෙම රටබීම බෝතල් 12 බැගින් මුද්‍රා නොකැඩු පෙට්ටිවල අසුරා තිබු බවත් මෙහි වෙළඳපල වටිනාකම 126,0000ක් පමණ විය හැකි බවද වාර්තා වෙයි.  

ඩෙංගු මර්දන සහායකයින්ගේ විරෝධයට ජනපතිත් යයි

ඩෙංගු මර්දන සහායකයින්ගේ විරෝධයට ජනපතිත් යයි

සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටි ස්ථානයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා‍ ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය. උද්ඝෝෂණය ජනාධිපති කාර්යාලය ආසන්නයේ ගාලු මුවදොර ක්‍රීඩාංගණය අභියස වෙන් කර තිබු ප්‍රදේශයේ  පැවැත්විණි. 2017 වසරේ සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ තම සේවයට ස්ථාවර භාවයක් ලබාදෙන්නැයි ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. මේ පිරිසට රැකියා සපයන…

poya

නවම් පුර පසලොස්වක පොහොය අදයි

නවම් පුර පසලොස්වක පොහොය අද (08) ට යෙදී ඇත. ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු භික්ෂූ සේනාව රජගහ නුවර වේළුවනාරාමයට එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පවත්වන ලද්දේ අද වැනි නවම් පොහොය දිනයක දී ය. තවද බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේලුවනාරාමයේ දී සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය…

sunilhadunneththi

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ආයතන 03 ක් කෝප් කමිටුවට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනය පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිත ලබන පෙබරවාරි 18,19,20 යන දින වලදී කොප් කමිටුවට කැඳවීමට  සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සදහන් කරයි. මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව නිකුත්වී ඇති වෝහාරික විගණන වාර්තාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාබස් මිලදී ගැනීමේ ගණුදෙනුවට අදාලව විදේශ රටකදී දෙන…

‘ජමුනා’ සාගර දත්ත රැස් කිරීම කරගැනීමට ලංකාවට පැමිණෙයි

‘ජමුනා’ සාගර දත්ත රැස් කිරීම කරගැනීමට ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘ජමුනා’ විශේෂ යුධ නෞකාව මෙරට සාගර ජල සමීක්ෂණය සහ සාගර දත්ත එක් රැස් කිරීමට පැමිණ තිබේ. මීටර් 87.8 ක් දිග ටොන් 1929 ක් බර මෙම අධි තාක්ෂණික යුධ නෞකාව පැයට මුහුදු සැතපුම් 16ත් 26ත් අතර උපරිම වේගයකින් යාත්‍රා කළ හැකි මෙම නෞකාව හෙලිකොප්ටර් ගොඩ බැස්සවීමේ හැකියාව පවතින මෙම යුධ නෞකාව මාස…