කේබල් කාර් ප්‍රවාහන සේවාවක්

කේබල් කාර් ප්‍රවාහන සේවාවක්

සයිට් හැඟින්ග් කාර් සිස්ටම් හෙවත් කේබල් කාර් සේවාවක් ඇරඹීමට චයිනා රේල්වේ ගෘප් ලිමිටඩ් ආයතනය අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත. නවමු අත්දැකීමක් එක්කරමින් පරිසර දූෂණයෙන් තොර කේබල් කාර් ප්‍රවාහන සේවාවක් ඇරඹීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. විදුලිබලයෙන් ක්‍රියාත්මක වන මෙම රථයක එකවර මගින් 11 දෙනෙකුට පමණ ගමන් කළ හැකියි. මෙහි ආරම්භක ව්‍යාපෘතිය…

වතු කම්කරු වැටුප වැඩි කරන බව පැවසුවත් මුල්‍ය පහසුකම් නොමැති බව වතු සමාගම් පවසයි

වතු කම්කරු වැටුප වැඩි කරන බව පැවසුවත් මුල්‍ය පහසුකම් නොමැති බව වතු සමාගම් පවසයි

වතු කම්කරු වැටුප රුපියල් දාහා දක්වා වැඩි කරන බව මේ රජය පැවසුවත් එම වැටුප් වැඩිවිම ලබා දිමට නොහැකි බව සමහර වතු සමාගම් පවසනවා එම තත්වයන් මත මෙම වතු කම්කරු වැටුප වැඩි කිරිමට රජය මගින් එම වතු සමාගම් සදහා මුල්‍ය පහසුකම් සැලසිමට පියවර ගත යුතුයි. නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලීමේන්තු මංත්‍රි කේ. කේ. පියදාස මහතා…

විදුහල්පතිවරයාට ස්ථානමාරුවක් ලබාදිමට විරෝධය පලකරමින් සාමකාමී විරෝධතාවයක්

විදුහල්පතිවරයාට ස්ථානමාරුවක් ලබාදිමට විරෝධය පලකරමින් සාමකාමී විරෝධතාවයක්

මැදවච්චිය ඉකිරිගොල්ලෑව අන්නූර් මහ විද්‍යාලයේ විදුහල්පතිවරයාට හදිසියේ ස්ථානමාරුවක් ලබාදිමට විරෝධය පලකරමින් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් අද (20) විද්‍යාලය ඉදිරිපිටින් පිහිටි යාපනය මහනුවර ඒ නමය ප්‍රධාන මාර්ගයේ සාමකාමී විරෝධතාවයක නිරතවුහ. එම විද්‍යාලයේ විදුහල්පති අයි.එම්.නජීම් මහතාට හදිසියේම වෙනත් විදුහලකට ස්ථාන මාරුවක් ලබාදිම සම්බන්ධයෙන් දින කිහිපයක සිට දෙමාපියන් දැඩි…

සුඛෝපභෝගී බස් රථයකින් රුහුණු කුමාරිට හාද්දක්

සුඛෝපභෝගී බස් රථයකින් රුහුණු කුමාරිට හාද්දක්

අම්බලන්ගොඩ, වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී අද(20) උදෑසන සුඛෝපභෝගී බස් රථයක් රුහුණු කුමාරි දුම්රියේ ගැටෙයි. දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුවක් නොමැති අතර, එහි දුම්රිය සංඥා පමණක් ක්‍රියාත්මක වන ස්ථානයක් බව සදහන් වෙයි. කෙසේ වෙතත් දුම්රියේ ගැටුණු බස් රථය මාර්ගයෙන් ඉවතට විසි වි ගොස් ඇත. මේ වන විට අනතුරින් තුවාල ලැබු බස් රථයේ රියදුරු  බලපිටිය රෝහලේ…

රන්ජන්ගේ හඬපට විශ්ලේෂණයට සිංගප්පූරුවෙන් නවීන උපකරණ

රන්ජන්ගේ හඬපට විශ්ලේෂණයට සිංගප්පූරුවෙන් නවීන උපකරණ

රන්ජන් රාමනායක මහතා  සතුව තිබූ  ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත්  හඬපට ප්‍රමාණය විශ්ලේෂණය කිරීම සඳහා නවීන උපකරණ සිංගප්පූරුවෙන් ඇනවුම් කර ඇති බව  ආරංචි මාර්ග සදහන් කරයි. රන්ජන් රාමනායක මහතා සතුව  තිබී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ හඬපට  විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස්  අධිකාරීවරුන්ගෙන්  සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක්  පත්කර ඇති බව පොලිසිය කියයි.  

water

ජලය ඒකක 15 ට වැඩි නම් ගාස්තු වැඩිවේ

ජලය ඒකක 15 ට වැඩි නම් ජල ගාස්තු ඉහළ නැංවන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. අඩු ආදායම් ලාභී ජනතාවට මින් කිසිඳු බලපෑමක් සිදු නොවන බවත් ජලය සැපයීමට යන වියදම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

බස් රථයක් සහ ලොරියක් ගැටීමෙන් 4 ක් මරුට: 13කට තුවාලයි(Update)

බස් රථයක් සහ ලොරියක් ගැටීමෙන් 4 ක් මරුට: 13කට තුවාලයි(Update)

හුංගම, බටඅත ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන්  සිව්දෙනෙකු මිය ගොස් 13 දෙනෙකු තුවාල ලබා ඇත. අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු, බස් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු , කාන්තාවක් සහ වයස අවුරුදු 3ක කුඩා දැරියක් රන්න රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. මියගිය…

සෙල්ල කතරගම ගැටුමෙන් පුද්ගලයින් 34 ක් අත්අඩංගුවට

සෙල්ල කතරගම ගැටුමෙන් පුද්ගලයින් 34 ක් අත්අඩංගුවට

සෙල්ල කතරගම ප්‍රදේශයේදී  දෙපිරිසක් අතර සිදුවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්ව ඇත්තේ හබරණ සහ පාදුක්ක ප්‍රදේශවල සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසකි. ගැටුමක් හේතු වී ඇත්තේ බීමත්ව මැණික් ගඟේ නිරුවතින් දිය නාමින් සිටියදී ඊට විරුද්ධ වූ  පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිගයාමෙන්  ගැටුම හටගෙන ඇති බවයි.

බන්ධනාගාර නීතියට අනුව හැසිරෙන්න

බන්ධනාගාර නීතියට අනුව හැසිරෙන්න

බන්ධනාගාර නීතියට අනුව හැසිරිය යුතු බව රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකට බන්ධනාගාර නිලධාරී විසින් දැනුම් දී තිබේ. ඒ තමන්ට මෙට්ටයක් ලබාදෙන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.එය සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර නිලධාරීන් ඔහුට දැනුම් දී ඇත්තේ බන්ධනාගාර නීතියට අනුව කටයුතු කරන ලෙසටයි.

ඩ්‍රෝන තහනම ඉවතට

ඩ්‍රෝන තහනම ඉවතට

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ක්‍රියාත්මක කර තිබූ ඩ්‍රෝන යානා තහනම ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි. සාමාන්‍ය සිවිල් ගුවන් සේවා රෙගුලාසිවලට අනුකූලව ඩ්‍රෝන යානා ගුවන් ගත කළ හැකි බව එම අධිකාරිය පවසයි.