ආචාර්ය ජයලත් මනෝරත්න අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද(12) අලුයම බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 71 කි. තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදන කාර්යයෙන් දායක වූ මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, සිනමාපට සහ ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී රාජ්‍ය සම්මාන…