හේමසිරි සහ පූජිත් යලි රිමාන්ඩ්
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර තවදුරටත් ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (06) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමේ නියෝගය අද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් පිළිගනු ලැබීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.