ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන නිකුත් කෙරේ
ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත. ජනාධිපතිවරණයේ දී ප්‍රවෘත්ති වාර්තාකරණය, වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් මෙන්ම ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබද මාධ්‍ය උපමාන ඊට ඇතුලත්. ඒ අනුව මාධ්‍ය උපමාන බලාත්මක කිරීමට මෙන්ම නිර්දේශ ලබාදීමට නියෝජිත කමිටුවක් ද පත්කිරීමට නියමිත බවයි පැවසෙයි….