මානුෂිය ආධාර නුවරඑළියේ ජනතාවට බේදාදෙයි

ඉන්දියානු රජය මගින් ශ්‍රිලංකාව සදහා ලබා දුන් මානුෂිය ආධාර බේදා දිමේ වැඩ සටහනට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභින් හා වතුකර ජනතාව වෙත එම ආධාර ලබා දිම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කරන ලදි. දුම්රියෙන් ප්‍රවාහනය කරන ලද ආදාල මානුෂිය ආධාරවල පලමු කොටස නානුඔය දුම්රිය ස්ථානයේදි බාර ගත් නන්දන ගලබඩ මහතා එම ආධාර නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් හරහා වතු සමාගම් වෙත ලබා දීම මෙහිදි සිදු කරන ලදි. එම ආධාර යටතේ නුවරඑළිය දිස්ත්‍රික්ය සදහා සහල් මෙට්ට්‍රික් ටොන් 1750ක් හා කිරි පිටි මෙට්ට්‍රික් ටොන්21ක් ලැබිමට නිමිත බවත් මෙම ආධාර යටතේ…

Read More

තෙල් මිල යළි වාර්තාගත ලෙස ඉහළට

oil

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වනවිට ගත වූ මාසයක කාලය තුල වාර්තා වන ඉහළම අගයට පැමිණ ඇත. ඒ අනුව ඊයේ දිනයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 120 ක් ලෙසයි. මෙරට ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන තොග ලැබීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රට පුරා ඉන්ධන පෝලිම් තරමක් අඩු වී ඇති බව ඉන්ධන පිරවුම්හල කළමනාකරුවෝ පවසයි.

Read More

ගාලුමුවදොර අරගලයට අදට(28) දින 50 යි

ජනාධිපතිවරයා හා රජය ඉවත්විය යුතු බවට බල කරමින් ගාලු මුවදොර පිටියේ ආරම්භ කෙරුණු නිර්පාක්ෂික අරගලයට අදට (28) දින 50 ක් සම්පූර්ණ වේ. ඒ වෙනුවෙන් සංවිධානය කරන නිර්මාණාත්මක විරෝධතා ඇතුළත් පා ගමනක් කොල්ලුපිටිය ලිබර්ටි මංසන්ධියේ සිට ගාලුමුවදොර ගෝඨා ගෝ ගම දක්වා අද පස්වරු 2.00 ට පැවැත්වේ. අරගලකරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පස්වරු 2 ට කළු කොඩියක් රැගෙන ගාලූමුවදොර අරගල භූමියට හෝ ළගම ඇති නගරයට පැමිණෙන ලෙසයි. ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත්වන ලෙස බලකිරීම ගාලුමුවදොර අරගලයේ ප්‍රධාන තේමාව වුණා. මෙම අරගලයට ලක්‍ෂ සංඛ්‍යාත පිරිස් එක්වූයේ කිසිදු පක්‍ෂ, පාට, ජාති, ආගම් භේද මෙන්ම ස්ත්‍රී පුරුෂ…

Read More

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව අද සිට වැඩ අරඹයි

sapugaskanda devdoc net

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීම සදහා බොරතෙල් ගොඩබෑම් ඊයේ පස්වරුවේ ආරම්භ විය. එහිදී මෙට්ට්‍රික් ටොන් 79,000 ක බොරතෙල් ගොඩබෑමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සම සභාපති ජගත් විජේගුණරත්න පැවසුවේ. ඒ් අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද(28) සිට ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

Read More

ගෑස් මාෆියාව නවතා ගෑස් ලබා දෙන්න

krisnamurthi

හැටන් නගරය තුල ක්‍රියාත්මක වන ගෑස් මාෆියාව නවතා ප්‍රදේශයේ ජනතාවට අවශය ගෑස් ලබා දීම සදහා නිසි ක්‍රම වේදයක් සකස් කිරිමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් හැටන් දික්ඔය නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මංත්‍රි එස්. කේෂවමුර්ති මහතා නගර සභාව ඉදිරි පිට නිහඩ විරෝධතාවයක් පවත්වන ලදි. පැයක පමන කාලයක් මෙම විරෝධතාවයේ යෙදි සිටි නාගරික මංත්‍රි එස්.කේෂවමුර්ති මහතා පවසන ලද්දේ හැටන් නගරයේ ගෑස් අලෙවි නියෝජි ආයතන පහක් හයක් තිබෙන අතර මෙම සෑම ස්ථානයකටම ලැබෙන ගෑස් සිලින්ඩර එකතු කිරිම සදහා නගරයේ හෝටල් හිමියන් දෙතුන් දෙනකු තැරවුකරුවන් යොදවා ගෑස් ලබා ගැනිමට කටයුතු කිරිමත් සමග ප්‍රදේශයේ…

Read More

ශ්‍රී ලංකාව ගැන දුකයි

jo

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කළ හැක්කේ කෙසේද,ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන කෙබඳු විය හැකිද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය පැවසුවාය. “වරක් සමෘද්ධිමත් රටක් ව පැවති ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඡායාරූප දුටු විට හදවත වේදනාවට පත් වන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වැරදි කළමනාකරණය හේතුවෙන් ඇති වූවක් බවත් එම නිසා සිදු කළයුතු වැදගත්ම දෙයනම් රටේ නැවතත් හොඳ ක්ෂුද්‍ර ආර්ථික පදනමක් ඇති කිරීම”යැයි ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය ඉන්දියාවේ…

Read More

මුත්‍ර වලින් බීර පෙරයි

beera

‘නිව්බෲ’ යන නමින් නම් කළ මෙම බීර වර්ගය මේ වනවිට සිංගප්පූරුවේ නිපදවයි. මුත්‍ර මුසු වුණු අපජලය හොඳින් පෙරා පිරිසුදු කර ගන්නේ ‘නිව්වෝටර්’ යන නමිනි. ‘නිව්බෲ’ බීරවල ‘නිව්වෝටර්’ සියයට 95 ක් අඩංගු බව නිෂ්පාදකයෝ පවසති. ‘නිව්බෲ’ බීර වෙළෙඳපොළට හඳුන්වා දීම සිදුවූයේ පසුගිය අප්‍රේල් 8 වැනිදාය. සිංගප්පූරු රජය ජලය ප්‍රතිචක්‍රීකරණයේ  එක් අදියරක් ස මෙම බීර නිෂ්පාදනය ආරම්භ කර ඇත.

Read More

දැඩි ආහාර අර්බුදයක් – සෑම බිම් අඟලකම වගා කිරීමට සිදුවේවි

food2

ඉදිරියේදී රටේ ඇති විය හැකි ආහාර අර්බුදයට විසඳුමක් වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ සෑම බිම් අඟලකම කුමන හෝ භෝග වර්ගයක් වගා කිරීමට මාතර දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි මහතාගේ මැදිහත්වීමෙන් වැඩපිළිවෙළක් සකස් කර තිබේ. ඒ සඳහා සියලු පාර්ශ්ව දැනුවත් කර ඔවුගේ සහාය ගැනීමට නියමිතය. ඊට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන හා ස්වේච්ඡා සිවිල් සංවිධාන දැනුවත් කර මේ වෙනුවෙන් ඔවුගේ දායකත්වය ගැනීම සඳහා වූ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී වැඩිදුරටත් දිසාපතිවරයා මෙසේද කීය. හෙට දවසේ මොනවා වෙයිද කියන එක ගැන අපට හැඟීමක් නැති වෙමින් තිබේ. ඒ…

Read More

බිත්තර පරිභෝජනය සියයට අසූවකින් පහළට

eggs

මේ වනවිට රටේ සමස්ත බිත්තර පරිභෝජනය සියයට අසූවකින් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. බිත්තර ගොවිපොළ සියයට අසූවක්  සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති බව හා මහා පරිමාණ බිත්තර ගොවිපළ සියයට පනහක්  මේ වනවිට අඩාළ වී ඇති බව වැඩිදුරටත් සදහන් කරයි.

Read More

නොරොච්චෝලේ ඇතුලු බලාගාර අවදානමක

NOROCHCHOLAI-POWER-PLANT

අමතර කොටස්වල පවතින හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් එම බලාගාරය අක්‍රීයවීමේ අවදානමක් මතුව ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි. මෙම බලාගාරයේ දෙවන සහ තෙවන ජනන යන්ත්‍රයන්හි වාර්ෂික නඩත්තු කටයුතු වසර දෙකකින් පමණ සිදුකර නොමැති බවත් ලබන මාසයේදී එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වුවත් අමතර කොටස්වල පවතින හිඟය හේතුවෙන් එය කිරීමට නොහැකි වී ඇති බවත් පැවසුවේය.

Read More