රංජන්‌ ගැන අලුත් තීන්දුවක්

රංජන්‌ ගැන අලුත් තීන්දුවක්

බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු තනි සිරමැදිරියක රැදවීමට කටයුතු කළ බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. ගාල්ල බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අඟුණකොළපැලැස්සෙ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාට අනෙක් සිරකරුවන් සමඟ මිශ්‍රව සිටින විට…

saliya-pires

ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පිරිස් තේරී පත්වුවා. ඒ ඊයේ පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැතිවරණයෙන් ජන්ද 5162ක් ලබා ගනිමින්. ඔහු සමග එම ධුරය සඳහා තරග කළ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා හට ලබා ගැනීමට හැකිවුයේ ජන්ද 2807ක් පමණයි.

busstand

පුලියන්කඩවල ජනතාවට බස් රථයක් නොමැතිවිමේන් දුෂ්කරතා

හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුලියන්කඩවල ගම්මානයේ ජනතාවට හා පාසල් සිසු දරුවන්ට කහටගස්දිගිලි නගරයට යෑම සදහා දශක දෙකක කාලයක් තිස්සේ බස් රථයක් නොමැතිවිමේන් දුක්විදිනා බව එම ගම්මානයේ ජනතාව පැවසූහ. පාසල් සිසුන් ප්‍රතිකාර සදහා රෝහල් වලට යන ජනතාව හා වෙනත් දෛයිනික අවශ්‍යතා සදහා නගරයට යන්නන් මේ හේතුවෙන් දැඩි පීඩාවකට පත්වි සිටින බවත් පුලියන්කඩවල ගම්මානයේ සිට ගුරුගල්හින්න හංදියට…

manawa

මානව හිමිකම් කවුන්සලයේදී අමෙරිකාව ලංකාව ගැන කතා කරයි

ශ්‍රී ලංකාවේ අතීත හිංසාවන්ට වගවීමක් නොමැතිකම ඇතුළුව මෙම සැසියේ යෝජනාවලට සහය දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිරිමත් කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කෙන් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, මානව හිමිකම් කවුන්සිලය අමතමිනි. අමෙරිකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සියල සමග යළි එක්වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී කියා සිටියේ ය.

pistal

මරංචි සමන්තගේ නිවස අසලින් ත්‍රී-එයිට් වර්ගයේ රිවෝල්වරක් සොයා ගනියි

විදේශිය නිෂ්පාදිත ත්‍රී-එයිට් (3.8) වර්ගයේ රිවෝල්වරක් හා මිලිමීටර් නමය ස්වයංක්‍රීය පිස්තෝලයට යොදන ජීව පතුරම් දෙකක් මරංචි සමන්ත යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයාගේ නිවස පිටුපස වලදමා තිබියදි තිරප්පනය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක්  සොයා ගෙන තිබේ. තිරප්පනය සෙලෙස්තිමඩුව ප්‍රදේශයේ නිවසක පිටුපස අපරාධයකට යොදා ගෙන පසුව සැගවු පිස්තෝලයක් වලදමා තිබෙනා බවට තිරප්පනය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව එහි ගොස්…

anathura

බස් යතුරු පැදි ගැටි දෙදෙනෙකු මරුට

හිතවතෙකුගේ දානමය පිංකමකට සහභාගිවි නැවත නිවසට ගමන් හිටපු යුද හමුදා සෙබළෙකු හා ගොවියෙකු යතුරු පැදිය අපරික්ෂාකාරිව ප්‍රධාන මාර්ගයට ධාවනය කළ අවස්ථාවේ මගී බස් රථයක ගැටි සිදුවු මාරක රිය අනතුරකින් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි ඇති බව පරසන්ගස්වැව පොලිසියේ රථවාහන අංශය පවසයි. ඊයේ (23දා) සවස අනුරාධපුර රඹෑව ප්‍රධාන මාර්ගයේ සදමල්ගම ප්‍රදේශයේදි සිදුවු මාරක රිය අනතුරෙන් බරපතල…

wellampitiya

වැල්ලම්පිටියේ කතුන්ට ලිංගික හිංසන

වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් වෙන්නවත්ත, ජම්බුගහවත්ත හා කිත්තම්පහුව යන ප්‍රදේශවල රාත්‍රී කාලයේදී නිවෙස්වලට ඇතුළු වී කාන්තාවන්ගේ සිරුරු ස්පර්ශ කරනා පිරිසක් පිළිබඳ පැතිර ඇති ආරංචියක් හේතුවෙන් මාස කිහිපයක සිට තමන්ට රෑ නින්දක් නැතිව කාලය ගත කිරීමට සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මේ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසියට වරින්වර පැමිණිලි කොට ඇතත් මෙතෙක් කිසිඳු සහනයක් ලැබී නැති අතර ජම්බුගහවත්ත…

ganika-madama

ගාල්ලේ දං ගදෙරින් ගණිකා මඩමක් වටලයි – කාන්තාවන් 07දෙනෙක් කොටු

ගාල්ල දංගෙදර ප්‍රදේශයේ කලක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්ධන අංශය මගින්  වැටලිමක් සිදු කර කාන්තාවන් 07දෙනෙක් හා එහි කලමනාකාර වරයා ද ඇතුලුව 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාවන් වයස අවුරුදු 20,22,24,27,28,29,30 යන වයසේ පසුවු විවාහක කාන්තාවෝ වෙති. මෙම පිරිස වව්නියාව,බලංගොඩ,වැලිගම, බද්දේගම,මතුගම,රත්නපුර ආදි ප්‍රදේශවල කාන්තාවන් බව ගාල්ල පොලිසියේ දුෂණ මර්දන…

isolated areas in colombo

තවත් ප්‍රදේශයකට සංචරණ සිමා පනවයි

බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් කොවිඩ් ආසාදිතයන් 11 දෙනකු හමුවිමත් සමග එම ප්‍රදේශයට 23වන දින රාත්‍රියේ සිට සංචරණ සිමා පැනවිමට පියවර ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මෙම ආසාදිතයන් මෙයට පෙර එම වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිත පාසල් සිසුන් දෙදෙනකුගේ ආශ්‍රිතයන් ලෙස ස්වයං නිරෝධානයට ලක් කර සිටි පිරිසක් සදහා කරන ලද පි. සි. ආර්….

පැනගිය කොවිඩ් සැකකරු අල්ලයි

පැනගිය කොවිඩ් සැකකරු අල්ලයි

කොවිඩ් 19 වැළදි ඇත්ද යන්න අනාවරණය කර ගැනීම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර පී.සී.ආර් පරික්ෂණයක් සිදුකිරීම සදහා සුදානම් කරමින් සිටි රෝගියෙකු රෝහලෙන් පලායමින් සිටියදි මෙත්සිරි සෙවන කොවිඩ් නිවාරණ ඒකකයේ රාජකාරියේ සිටි යුදහමුදා හා පොලිස් නිලධාරින් විසින්  අල්ලා ගනු ලැබීය. හදිසි රෝගී තත්වයක් නිසා අනුරාධපුර රෝහලට ඇතුලත් කළ රෝගියා කොවිඩ් 19 වැලදි ඇත්ද යන්න පරික්ෂා…