coronaupdates

දිවුලපිටියේ කතකට කොරෝනා

දිවුලපිටිය ප්‍රදේශයේ 39 හැවිරිදි කාන්තාවකට කොරෝනා ආසාදිතව IDH රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඇයගේ ආශ්‍රිතයින් 55ක් ද නිරෝධායනයට ලක් කර තිබෙන බවය.

badweather

අද බස්නාහිර සහ මධ්‍යමට සිහින් වැසි

අද(04) දිනයේ බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 40 පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

විස්කි කන්ටේනරයක් වතුර වෙලා
|

විස්කි කන්ටේනරයක් වතුර වෙලා

ප්‍රතිඅපනයනය සඳහා රජයේ තීරුබදු ගාස්තුවලින් නිදහස්ව මෙරටට අනායනය කළ විස්කි ඇතුළු විදේශ මත්පැන් ලීටර් 11,257ක් සහිත කන්ටේනරයක තිබූ මත්පැන් බෝතල් ඉවත්කර ඒ වෙනුවට දමා තිබූ පානීය ජල බෝතල් 17,685ක් සහිත පෙට්ටි 1,179ක් රේගු නිවාරණය අංශය විසින් ඊයේ සොයා ගනු ලැබීය. මෙම බදු වංචාව හේතුවෙන් රජයට  රුපියල් කෝටි 4ක බදු ආදායමක් අහිමි වී ඇති බව රේගු…

surasal

සියලු සුරාසැල් වසා දැමීමට පියවර

දිවයින පුරා සියලු සුරාසැල් වසා දැමීමට පියවර ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අදට යෙදි ඇති ලෝක අමද්‍යප දිනය වෙනුවෙනි. එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, අද දිනයේ දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක අතර ඊට සුරාබදු නිලධාරීන් 900 ක් පමණ යොදවා ඇති බවය.

කොළඹ වැසිකිළි කැලණි ගඟට

කොළඹ වැසිකිළි කැලණි ගඟට

කොළඹ දිස්ත්‍රික්කයේ කැලණි ගඟ දෙපස නිවාසවල වැසිකිළි දස දහසකට (10,000) අධික සංඛ්‍යාවක අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ එම ගංගාවට බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. කිතුල්ගල සිට කැලණි ගඟ මුහුදට වැටෙන ස්ථානය දක්වා කලාපයේදී තෝරාගත් ස්ථාන 17කින් ජල සාම්පල ලබාගෙන නිරුතුරු පරීක්ෂාවට ලක් කෙරෙන බවද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඇතැම් කර්මාන්තශාලාවලින්ද හොර රහසේ වැසිකිළි අපද්‍රව්‍ය ඇතුළු දෑ කැලණි…

දිවියන් නිවෙස්වල ඇති කරන බල්ලන් කුකුලන් ඩැහැගනියි

දිවියන් නිවෙස්වල ඇති කරන බල්ලන් කුකුලන් ඩැහැගනියි

කොටගල ක්‍රිෂ්ලට් ෆාම් ප්‍රදේශයේ සැරි සරන දිවියන් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට පත්ව ඇති අතර එම තත්වයන් මත එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ප්‍රදේශයේ සැරි සරන දිවියන් රාත්‍රි කාලයේ එම ප්‍රදේශයේ නිවෙස් අසලට පැමිනෙන අතර රාත්‍රි කාලයේ එම නිවෙස්වල ඇති කරන සුනඛයන් කුකුලන් ඇද ගෙන යාමත් සමග රාත්‍රි කාලයේ එහි ජනතාව…

පාසල් ළමුන් ඉලක්ක කර බාබුල් ජාවාරමක්

පාසල් ළමුන් ඉලක්ක කර බාබුල් ජාවාරමක්

බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් බුත්තල නගරයේ සිදුකළ වැටලීමකදී පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් සිදුකළ ගංජා මිශ්‍ර බාබුල් අලෙවි කිරිමේ ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීමේදී අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ එම බාබුල් පැකට් 5300 ක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා. ජාවරම්කරුවන් විසින්…

වනවාසී වූ දෑරංගල රජයේ රෝහල

වනවාසී වූ දෑරංගල රජයේ රෝහල

දහස් ගණන් ග්‍රාමීය ජනතාවට සේවය ලබා ගැනීමට තිබෙන දෑරංගල රජයේ රෝහලට බලධාරීන්ගේ නෙත නොගැටීම නිසා රෝහලේ ගොඩනැඟිලි විනාශයට යමින් පවතී. මෙහි තිබෙන ගොඩනැඟිලි රාශියක් ඉතා අබලන් තත්ත්වයේ පවතී. මාධ්‍ය මඟින් මේ පිළිබඳව හෙළිදරව් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමණ විරසිංහ මහතා රෝහලේ සංවර්ධන කටයුතු සඳහා රෝහල නිරීක්ෂණය කළ අයුරු .  

කේරළ ගංජා ගබඩා කරන ස්ථානයක් වටලයි

කේරළ ගංජා ගබඩා කරන ස්ථානයක් වටලයි

                              මීගොඩ, උඩගේවත්ත පාර ප්‍රදේශයේ කේරළ ගංජා ගබඩා කරන  ස්ථානයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත  නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින්  සිදු කළ සෝදිසි මෙහෙයුමකදී එම නිවසේ තිබී රුපියල් ලක්ෂ තිහකට ආසන්න වටිනාකමකින් යුක්ත කේරළ ගංජා කිලෝ 18 ක් සහ එක්…

සියලු නිෂ්පාදන අලෙවි සැල් එකම ස්ථානයක

සියලු නිෂ්පාදන අලෙවි සැල් එකම ස්ථානයක

සියලු රජයේ නිෂ්පාදන ආයතනවල අලෙවි සැල් එකම ස්ථානයක පිහිටුවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වෙළඳ අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ , මේ තුළින් රාජ්‍ය ආයතන සියල්ලේම නිෂ්පාදන එකම ස්ථානයකින් මිළදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවන බවයි. පළමු මධ්‍යස්ථානය නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටුවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.