රන්ජන් 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි

රන්ජන් 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි

අද පස්වරුවේ, නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. රංජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සහිත හඬපටවලින් අධිකරණ ක්‍රියාවලිය විශාල කඩා වැටීමකට ලක්ව ඇති බැවින්, ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111…

හක් බෙල්ලන් 440 ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත් අඩංගුවට

හක් බෙල්ලන් 440 ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත් අඩංගුවට

නාවික හමුදාව, හම්බන්තොට වනජීවී කාර්යාලය හා කිරින්ද ධීවර පරීක්‍ෂක කාර්යාලය සමග එක්ව  කිරින්ද ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක්  අත් අඩංගුවට ගෙන ඇත. නාවික හමුදාව විසින් නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන අතර, ඒ අනුව ක්‍රියාත්මක කරනු ලබන තවත් වැටලීමක් හම්බන්තොට, වනජීවී කාර්යාලය හා  කිරින්ද ධීවර පරීක්‍ෂක කාර්යාලය…

වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කෙරේ

වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කෙරේ

වතු කම්කරු දෛනික වැටුප මාර්තු පළමු වැනිදා සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින්  කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමේ තීරණය තෛපොංගල් දිනය යෙදී ඇති හෙට (15) දිනයේදී ප්‍රකාශයට පත්…

ranjan-ramanayake

රන්ජන්ගේ එජාප සාමාජිකත්වය අහෝසියි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි. තාවකාලිකව අහෝසි කළ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට කරුණු ඉදිරිපත් කැර ඉදිරි තීරණ ගනු ලබන බව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා  පැවසීය. ඉදිරි කාලයේ රන්ජන් රාමනායක මහතාගේ තහනම් කළ සාමාජිකත්වය…

රන්ජන් රාමනායක අත්අඩංගුවට

රන්ජන් රාමනායක අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාදිවෙල පිහිටි ඒ මහතාගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේ, සුවිශේෂි තත්ත්වයක් යටතේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු පැවරීමට බලාපොරොත්තු වන බවයි. රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සහිත හඬපටවලින් අධිකරණ ක්‍රියාවලිය විශාල කඩා…

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් 23 දෙනකුට තුවාල

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් 23 දෙනකුට තුවාල

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් 23 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. හැටන් සිට මහ නුවර බලා ධාවනවු පුද්ගලික බසයක් හා මහනුවර සිට හැටන් බලා ධාවනයවු පුද්ගලික බස් රථයක් එකිනෙක ගැටිමෙන් 14 වන දින මෙම අනතුර සිදුව ඇති බවත් මෙම අනතුරින් තුවාල ලැබු එක් අයක් ගිනිගත්හේන…

ඉන්ධන බවුසර් නිලධාරින් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ අල්ලස් ලබා ගනියි

ඉන්ධන බවුසර් නිලධාරින් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ අල්ලස් ලබා ගනියි

සිලෝන් පෙට්‍රොලියම් ස්ටොරේජ් ටර්මිනල්ස් ආයතනයේ ඉන්ධන ප්‍රවාහණ අංශයේ සේවය කරන නිලධාරින් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ අල්ලස් ලබා ගනිමින් පුද්ගලික ඉන්ධන බවුසර්වලට ගහන්වාර ලබා දෙන බවට එම ආයතනයේ සේවක පිරිස් විසින් ප්‍රවාහණ කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිළි කර ඇත. එමෙන්ම තමන් හිතු හිතූ වෙලාවට ඉන්ධන බෙදාහැරීම් කාර්යාලය වසා දමා සේවා අඩාල කරන බවත්,…

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ඒ.බෝදරගම මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කර තිබේ. බෝදරගම මහතා කලක් වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේ ය. මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්ව විද්‍යාල හිමි කරගෙන ඇති ඒ මහතා ජර්මනිය, කොරියාව, චීනය, සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක විවිධ අධ්‍යන කටයුතුවල නිරත…

ජයලත් මනෝරත්නයන් වෙත අවසන් ගෞරව

ජයලත් මනෝරත්නයන් වෙත අවසන් ගෞරව

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නයන් වෙත කථානායක කරු ජයසුරිය මහතාගෙන් අවසන් ගෞරව පුදකරයි.

අමෙරිකා සහ චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් දිවයිනට

අමෙරිකා සහ චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් දිවයිනට

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර අමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය අද අලුයම දිවයිනට පැමිණියා ය. ඇලිස් වේල්ස් මහත්මිය සිය සංචාරයේදී මෙරට රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරින්, සිවිල් සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වනු ඇති.