මහා භාණ්ඩාගාරයේ දෙපාර්තමේන්තුවලට නව ආයතන ප්‍රධානීන්

මහා භාණ්ඩාගාරයේ දෙපාර්තමේන්තුවලට නව ආයතන ප්‍රධානීන්

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද එම පත්කිරීම්වලට අදාළ ආයතන ප්‍රධානීන්  මුදල් අමාත්‍යාංශයේදී එම ධූරවල වැඩ භාරගෙන ඇත. මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් තනතුරු 02 හා ආයතනවල ප්‍රධානීන් වශයෙන් පහත නිලධාරීන් පත්කරනු ලැබ ඇත. 1. දැනට රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස…

රංජන්ගේ හඬපට පොලිසියෙන් පිට ගියේ නැහැ- පොලිසිය කියයි

රංජන්ගේ හඬපට පොලිසියෙන් පිට ගියේ නැහැ- පොලිසිය කියයි

රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පුද්ගලයින් සහ සමාජ ජාල ඔස්සේ සංසරණය වන දුරකථන සංවාද ඇතුළත් හඞ පට සමාජ ගතවීම සම්බන්ධ වගකීම ඒවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින්ට පැවරෙන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒමෙන්ම මේ හඩපට පොලීසිය විසින් මුදාහැර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද පොලිස් මුලස්ථානය පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය මේ බව…

රංජන්ගේ දුරකථන සංවාද ගැන විමර්ශන ඇරඹේ

රංජන්ගේ දුරකථන සංවාද ගැන විමර්ශන ඇරඹේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබේ. ඒ් අනුව  කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද සිදුකළ ඉල්ලීමක් සලකා බැලූ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන්  වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා ගේ…

මහනුවර හා කොළඹ වායුගෝලය වෙනස් වෙයි

මහනුවර හා කොළඹ වායුගෝලය වෙනස් වෙයි

මහනුවර හා කොළඹ ඇතුළු නගරවල වායුගෝලයේ මයික්‍රෝ ස්කේල් ප්ලාස්ටික් අංශු වැඩිවීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයකින් හෙළිව තිබෙයි. පේරාදෙණි වීශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය එච්.එම්.ටී.ජී.ඒ.පිටවල මහතා මේ බව  ප්‍රකාශ කරන ලදි පසුගිය සති දෙක තුළ රාත්‍රි කාලයේ දී කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යාමේ තත්ත්වය මේ…

අද (08) සිට දිවයින පුරා සියලු පාසල් වෙතින් සිසුදරුවන්ට නිල ඇඳුම් තිළිණ පත්

අද (08) සිට දිවයින පුරා සියලු පාසල් වෙතින් සිසුදරුවන්ට නිල ඇඳුම් තිළිණ පත්

2020 වසර වෙනුවෙන් රජයේ සියලු පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබේ. ඒ අනුව අද (08) සිට දිවයින පුරා සියලු පාසල් වෙතින් සිසුදරුවන්ට මෙම තිළිණ පත් ලබාගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. මෙම වර්ෂයේ පාසල් නිල ඇඳුම් සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 2900ක් වන අතර, කාණ්ඩ…

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ  ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

ගාල්ල සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක් කහව ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. කාර්මික දෝෂයකට ලක් වූ දුම්රිය යථාතත්ත්වයට පත් කිරීම මේ වන විට සිදුකරන බවද වැඩිදුරටත් සදහන් කරයි.

උදේ සිරදඩුවම් ලත් සරණට හවස ඇප ලැබෙයි.

උදේ සිරදඩුවම් ලත් සරණට හවස ඇප ලැබෙයි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් සිටි කාලය තුළදී රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට වරදකරු කරමින් අද උදෑසන කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිරදඩුවමක් හා සිරදඩුවමට අමතරව රු.300,000/-ක දඩයක් නියම වූ සරණ ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අද සවස කොළඹ මහාධීකරණයෙන් ඇප නියම කර තිබේ. සඑණ ගුණවර්ධන මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධීපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් කොළඹ මහාධීකරණය වෙත ඉදිරිපත්…

පොලිස් විශේෂ කාර්ය බලකායෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්.

පොලිස් විශේෂ කාර්ය බලකායෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්.

ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් විශේෂ කාර්ය බලකාය විසින් දිවයින පුරා විශේෂිත ආරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ විශේෂ නියෝග හා උපදෙස් පරිදි මෙම ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කර ඇත. පාතාල කල්ලි සාමාජිකයින්, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්, කප්පම්කරුවන්, නීති විරෝධි අවි භාවිතා කරනු ලබන්නන්, මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම්කරුවන් පාරිසරික වැරදි…

වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවයි

ජනවාරි මස 15 වනදා සිට බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවීමට රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි. රටකජු සහ බඩඉරිඟු ගොවීන්ගේ අස්වනු ඉදිරියේදී වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත බැවින් දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වැඩිදුරටත්  සදහන් කළේය.

Water_Cut

මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට පැය 24 ක ජල කප්පාදුවක්

මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට අද පෙරවරු 9 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවනු ඇති.