11 දා පාර්ලිමේන්තු එන්නැයි කථානායක මන්ත්‍රීවරුන්ට කියයි

11 දා පාර්ලිමේන්තු එන්නැයි කථානායක මන්ත්‍රීවරුන්ට කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව නොවැම්බර් 11 දා කැඳවන බවත් ඒ සඳහා සහභාගිවන ලෙස කථානායකවරයා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි. නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා පවසන්නේ  නෙැවැම්බර් 11දා පෙරවරු 11.30 ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවයි.

ඇල්ල වැල්ලවාය මාර්ගය තවත් දින කිහිපයක් වසා තබයි

ඇල්ල වැල්ලවාය මාර්ගය තවත් දින කිහිපයක් වසා තබයි

ගල්කඩා වැටීමේ අවදානම හේතුවෙන් වසා දමා ඇති ඇල්ල වැල්ලවාය මාර්ගය තවත් දින කිහිපයක් වසා තැබීමට සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරයි. අඩි 750 ක් පමණ ඉහළ සිට පර්වතයකින් විශාල ගල් මාර්ගයට කඩා වැටීම සිදුවීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇත.බස් රථ සේවා රැසක් ද මේ වනවිට තාවකාලිකව නතර කර තිබෙනවා. මාර්ගය යථා තත්ත්වයට පත්…

අලුත් හමුදා මුලස්ථානයේ වසරක නඩත්තු වියදම බිලියන 10 යි

අලුත් හමුදා මුලස්ථානයේ වසරක නඩත්තු වියදම බිලියන 10 යි

බත්තරමුල්ල ල අකුරේගොඩ ප්‍රදේශයේ ඉදිකරන ලද ශ්‍රි ලංකා යුද හමුදා මුලස්ථානයේ වසරකට නඩත්තු වියදම රුපියල් බිලියන 10 කට ආසන්න මුදලක් වැය වන බවට මේ වනවිට ගණන් බලා තිබේ. මෙය මෙරට උසස් අධ්‍යාපනයට යොදන මුදලින් හරි අඩකි. අතී නවීන පහසුකම් වලින් සමන්විතව ඉදි කිරිමට යෝජිත වු මෙම යුද හමුදා මුලස්ථානය අති නවීනතම තාක්ෂණික පහසුකම්වලින්ද සමන්විත අතර…

ජනාධිපතිවරණයට නිල ඇඳුමේ බොත්තම් කැමරා…

ජනාධිපතිවරණයට නිල ඇඳුමේ බොත්තම් කැමරා…

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ ජැකට් 285 ක් හඳුන්වා දී තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇත්තේ පැෆරල් සංවිධානය හා සී.එම්.ඊ.වී ආයතන දෙක ඒකාබද්ධ වෙමිනි. ඒ අනුව මැතිවරණ පැමිණිලි විමර්ශනය කරනු ලබන කණ්ඩායම් වල පහසුව තකා කැමරා උපකරණ 71 ක් හා විශේෂිත ජැකට් 285 ක් පොලිස් මැතිවරණ අංශයට භාර දී…

ජුලම්පිටියේ අමරේට මරණ දඬුවම

ජුලම්පිටියේ අමරේට මරණ දඬුවම

2012 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කර ඇත. 2012.06.15 වන දින කටුවන, හැඩිවත්ත, පින්නමණ්ඩියේ අංක 26/ඒ ලිපිනයේ පදිංචි ලියනගේ රංජිත් නැමැත්තාගේ නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ…

බුල්බුල් චණ්ඩ වෙයි

බුල්බුල් චණ්ඩ වෙයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුල්බුල්” සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන්කර බංගලාදේශ වෙරළ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම ප්‍රදේශයේ ලබන 11 වනදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික…

ජනාධිපතිවරණයේ වියදම  2015 සාපේක්ෂව දෙගුණය පනී
|

ජනාධිපතිවරණයේ වියදම  2015 සාපේක්ෂව දෙගුණය පනී

මෙවර ජනාධිපතිවරණය සඳහා රජය විසින් දැරීමට සිදුව ඇති වියදමද දිගින් දිගටම ඉහළ ගොස් තිබෙන බවත්,  ඒ අනුව මෙවර මැතිවරණය සදහා රුපියල් මිලියන 5500ක් ඇස්තමේන්තු කර ඇති බවත්, එය 2015 මැතිවරණයට සාපේක්ෂව දෙගුණයටක වැඩි මුදලක් බවත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. 2005 ජනාධිපතිවරණය මිලියන 712 එක් ඡන්දදායකයෙකුට රුපියල් 54ක්, 2010 ජනාධිපතිවරණය මිලියන 1825 එක් ඡන්දදායකයෙකුට රුපියල්…

මේ ආණ්ඩුව යටතේ විශාල සංවර්ධන කටයුතු සිදු කළා – ජනපති කියයි.

මේ ආණ්ඩුව යටතේ විශාල සංවර්ධන කටයුතු සිදු කළා – ජනපති කියයි.

මේ ආණ්ඩුව යටතේ අතිවිශාල සංවර්ධනයක් සිදු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින ප්‍රකාශ කරන ලදී. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මොරගහකන්ද – කළු ගග ජලාශ ව්‍යාපෘතියේ කළු ගග ජකාශයේ මංගල දියවර නිකුත් කිරීමේ අවස්ථාවට අද දින සහභාගී වීමෙන් පසුව මාධ්‍ය අමතමිනි. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජනාධිපති අපේක්ෂකයන් රසායනික පොහොර නොමිලේ ලබා…

එස්.බී ගේ ආරක්ෂක නිලධාරීන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට

එස්.බී ගේ ආරක්ෂක නිලධාරීන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ගමන් ගත් වාහනය අවහිර කළ බව පවසා නිරායුධ පුද්ගලයන්ට වෙඩි තැබීමට චෝදනා ලැබ සිටින මේ වන විට පොලිස් අත්අඩංගුවට පත් වී ඇති ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අද දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමු කරන බව පොලීසිය කියයි. ඊයේ රාත්‍රී 7.30ට පමණ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා…

“ඕක තමා සුවසැරිය”

“ඕක තමා සුවසැරිය”

මීට ටික කලකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන්දියාවෙන් මෙරටට දුන් සුවසැරිය ගිලන් රථ සේවාවට පහර දුන්නේය. ඇමරිකන් හා ඉන්දියන්  අධිරාජ්‍ය විරෝධය නැතිව නින්ද නොයන පචවංශලාද හෙදියන්ගේ කරපිටින් ගොස් සෞඛ්‍ය සේවය සමතලා කරන භික්ෂූ පාර්ශ්වය ඇතුළු පිරිසක් ද සුවසැරියට පහර දුන්හ. අන්තිමේදී සුවසැරිය ගිලන්රථ ආරක්ෂාව සඳහා පොලිස්  ස්ථාවල රඳවා තැබීමට සිදුවිය. පසුගිය දිනෙක සුවසැරියට බැට…