පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව පිහිටා ඇත්තේ එප්පා­වල නග­ර­යෙන් කිලෝ­මී­ටර් 7ක් පමණ ඇතු­ළට වෙන්නට ඇති නල්ල­මු­දාව නම් ගමේ ය.

“පොල් මුඩ්ඩ කියන නිෂ්පා­ද­නය රබර් ස්පොන්ච් වෙනු­වට පාවිච්චි කරන්න පුළු­වන්, පරි­සර හිත­කාමි නව්‍ය­ක­ර­ණය කරන ලද නිෂ්පා­ද­න­යක්. වර්ත­මාන සමා­ජයේ කාර්ය­බ­හුල ගෘහ­ණින්ට පාවිච්චි කරන්න පහසු අයු­රින් තමයි මෙය නිෂ්පා­ද­නය කරලා තිබෙන්නේ.”

සාමා­න්‍ය­යෙන් පොල් ගෙඩි­යක ස්වාභා­වි­ක­වම පිහි­ටලා තිබෙන පොල් මුඩ්ඩ නිවෙ­ස්වල ගෘහ­ණි­යන් වළං, පිඟන් මැදීම වැනි මුළු­තැ­න්ගෙයි වැඩ සඳහා ප්‍රයෝ­ජ­න­යට ගනිති. නමුත් එම පොල් මුඩ්ඩ එක් වතා­වක් හෝ දෙව­තා­වක් මැදී­මෙන් පසුව ධවනු එය ඉවත දමති. නමුත් නදීෂා මධු­වන්ති මහ­ත්මිය අතින් නිම­වෙන පොල් මුඩ්ඩ යන නිෂ්පා­ද­නය සති දෙක තුනක් පාවිච්චි කිරීම සඳහා රෙක­ම­දාරු කළ හැකිය. මෙවැනි නිෂ්පා­ද­න­යක් බිහි­වීමේ පද­නම ගැන නදීෂා මධු­වන්ති මහ­ත්මිය මෙසේ ප්‍රකාශ කළාය.

“මගේ මහ­ත්තයා සුමේධ ලිය­නා­රච්චි. ඔහු මානව සම්පත් කළ­ම­නා­ක­රු­වෙක්. අපි මුලින්ම කළේ මෑන්ප­වර් සමා­ග­මක්. කොළඹ තමයි ඒ රැකියා කට­යුතු කළේ. නමුත් කොවි­ඩ්ව­ලින් පස්සේ එය ඉදි­රි­යට කර­ගෙන යන්න බැරි තත්ත්ව­යක් උදා­වුණා. ඒ අතරේ මගේ මහ­ත්ත­යාට ආව අද­හ­සක් අනුව තමයි, මුලින්ම කොහු ලණු නිෂ්පා­ද­නය කළේ. ඒ දින­වල කොළ­ඹින් ඉඩ­මක් අරන් අපේ කර්මා­න්තය පව­ත්වා­ගෙන යන්න තමයි අද­හස තිබුණේ. නමුත් ඉඩ­ම්වල වටි­නා­කම අපේ තක්සේ­රු­වට වඩා වැඩියි. එත­රම් මූල්‍ය­මය හැකි­යා­වක් අපට තිබුණේ නැහැ. මගේ මහ­ත්ත­යාගේ ගම එප්පා­වල. ඒ නිසා අපි එප්පා­ව­ලට ඇවිත් මෙහෙන් ඉඩ­මක් අරන් අපේ කොහු ලණු කර්මා­න්තය පටන් ගත්තා. මේ පැති­වල ඉඩම් ගණන් අඩුයි, සේවක ගැට­ලු­වක් නැහැ. ඒ වගේම කොහු ලබා ගන්නත් පහ­සුයි.

“අපිට 2023 නොවැ­ම්බර් මාසේ වෙද්දි කර්මා­න්ත­ශා­ලාව හදා­ගන්න පුළු­වන් වුණා. එයට අවු­රුදු 3ක කාල­යක් ගියා. ඉන් පසුව පුද්ග­ලික සමා­ග­මක් ලෙස සමා­ගම් පනත යටතේ ලියා­ප­දිංචි කළ හැකි වුණා. ලණු ෆැක්ට­රියේ වැඩ පටන් ගත්තා. කොහු කිලෝ ග්‍රෑම් 1ක් වගේ අඹ­රන කොට ග්‍රෑම් 250 ක්, 300 ක් පමණ ප්‍රමා­ණයේ කොහු අපතේ යනවා. ඒ කියන්නේ, මැෂිම යටට වැටෙ­නවා. අපි ඒවා ගොඩ ගහලා තිය­නවා. අපිට ෂීට් මැෂින් එක­කුත් තිබුණා. ඒකෙන් වැඩක් ගන්න ඕන කියලා සහ මේ අපතේ යන කොහු­ව­ලින් යම් දෙයක් කරන්න ඕන කියලා හිතලා තමයි පොල් මුඩ්ඩ කියන නිෂ්පා­ද­නය හැදුවේ. මේ නිෂ්පා­ද­නය හදන්න පටන් ගිනිද්දි මේ තරම් ඉල්ලු­මක් තියේවි කියලා හිතුවේ නැහැ. මුහුණු පොතේ අලුත් නිෂ්පා­ද­නය ගැන සඳ­හන් කළා. ඉන් පස්සේ බොහෝ දෙනෙක් ප්‍රති­චාර දක්වලා තිබුණා. මිලි­ය­න­ය­කට අධික පිරි­සක් නර­ඹලා තිබුණා.

එප්පා­වල අවට ප්‍රදේ­ශ­වල පොල් ලෙලි සප­යන අය­ගෙන් තමයි පොල් ලෙලි ගන්නේ. ඒ වගේම අපේ ලොරියේ ගිහින් පොල් ලෙලි එකතු කර­ගෙන එනවා. අපේ ප්‍රධා­නම නිෂ්පා­ද­නය කොහු ලණු. නමුත් එයට වඩා පොල් මුඩ්ඩ කියන නිෂ්පා­ද­න­යට දැන් ඉල්ලු­මක් තිබෙ­නවා. ඒ අනුව ලංකාවේ විවිධ ප්‍රදේ­ශ­ව­ලින් පොල් මුඩ්ඩ නිෂ්පා­ද­න­යට ඇණ­වුම් ඇවිත් තිබෙ­නවා. ඊට අම­ත­රව කැන­ඩාව, එංග­ල­න්තය, ඉතා­ලිය වගේ රට­ව­ල්ව­ල­ටත් ඇණ­වුම් යවලා තිබෙ­නවා.”

“අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ අපි තමයි කොහු­ව­ලින් වැඩ කරන කර්මා­න්ත­ශා­ලා­වක් පිහි­ටු­වලා තිබෙන්නේ. මාස­ය­කට කිලෝ 7000ක් වගේ ලණු අලෙ­වි­යක් තිබෙ­නවා. දැනට ප්‍රදේ­ශයේ 15 දෙනෙ­කුට පමණ රැකියා අවස්ථා ලබා දීලා තිබෙ­නවා. තම නිෂ්පා­ද­නය කරන ආකා­රය පිළි­බ­ඳ­වත් නදීෂා මධු­වන්ති මහ­ත්මිය මෙසේ සඳ­හන් කළාය.

“මැෂින් එකෙන් පොල් ලෙලි කපලා කොහු ගන්නවා. කොහු­ව­ලින් කොහු ලණු හද­නවා. ලණු­ව­ලින් ඉතුරු වෙන කොහු­ව­ලින් තමයි පොල් මුඩ්ඩ හදන්නේ.

පොල් මුඩ්ඩ කිය­ලම මේ නිෂ්පා­ද­න­යට නම දාන්න හේතු වුණෙත්, පොල් මුඩ්ඩෙන් වෙන කාර්යය මේකෙ­නුත් වෙනවා. නවීන සමා­ජයේ කාන්තා­වන්ට පාවිච්චි කරන්න පහසු විදි­හට හදපු මගේම නිෂ්පා­ද­න­යක්.

අපිට මේ කර්මා­න්තය ආරම්භ කරලා පව­ත්වා­ගෙන යන්න කිසිම ආය­ත­න­ය­කින් හෝ සංවි­ධා­න­ය­කින් උදවු උප­කා­ර­යක් ලැබුණේ නැහැ. අප­න­යන බල­ප­ත්‍ර­යක් අපිට තවම නැහැ. ඒ නිසා අපි අප­න­ය­නය කරන්නේ, වෙනත් අප­න­යන කර්මාන්ත සමඟ එකතු වෙලා. රජයේ මැදි­හ­ත්වී­ම­කි­න්වත් අපට අප­න­යන බල­ප­ත්‍ර­යක් ලැබුණේ නම්, අපේ නිෂ්පා­දන ඍජු­වම අපට අප­න­ය­නය කරන්න පුළු­වන්. කර්මාන්ත කට­යුතු තවත් වර්ධ­නය කර ගන්න පුළු­වන්. ඒ වගේම ප්‍රදේ­ශයේ තවත් රැකියා අවස්ථා ඇති කර ගන්නත් පුළු­වන්.” යනු­වෙන් නදීෂා මධු­වන්ති මහ­ත්මිය පැව­සු­වාය.

 

More Stories