three sinha industries

පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත් හානි­කර අප­ද්‍රව්‍ය පරි­සර පද්ධ­ති­ව­ලට හානි කරයි. නමුත් හරිත කර්මාන්ත තුළදී පුන­ර්ජ­න­නීය බල­ශක්ති භාවි­තය සහ අප­ද්‍රව්‍ය අවම කිරීමේ ක්‍රම­වේ­ද­යන් යොදා ගැනීම, බල­ශක්ති කාර්ය­ක්ෂ­ම­තාව, මෙම හානිය සැල­කිය යුතු ලෙස අවම කරයි. සූර්ය බල­ශක්ති සමා­ගම්, තිර­සර ඇඟ­ලුම් නිෂ්පා­ද­ක­යින් මෙලෙස ක්‍රියා­ක­රනු ලබ­න්නන් වේ.

මෙවැනි කර්මාන්ත ස්වාභා­වික සම්පත් සංර­ක්ෂ­ණය සඳහා නිතැ­තින්ම දායක වේ. පරි­සර හිත­කාමි කර්මා­න්ත­යන්ගේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂ­ණ­යක් වන්නේ ප්‍රති­ච­ක්‍රි­ක­ර­ණය සහ අවම සම්පත් භාවි­තය කෙරෙහි අව­ධා­නය යොමු කිරී­මයි. එවැනි කර්මාන්ත සිය නිෂ්පා­දන ක්‍රියා­ව­ලී­න්හිදී අවම අමු­ද්‍රව්‍ය සහ බල­ශ­ක්ති­යක් භාවිත කරන අතර, ක්ෂය වන පොසිල ඉන්ධන මත යැපීම අඩු කරයි. මෙහි ප්‍රති­ඵ­ලය වන්නේ අනා­ගත පර­ම්ප­රා­වන් සඳහා සම්පත් සුරැ­කී­මයි.

තවද පරි­සර හිත­කාමි කර්මාන්ත නව රැකියා අව­ස්ථාද නිර්මා­ණය කරයි. හරිත තාක්ෂ­ණ­යන් සහ සේවා සඳහා වන ඉල්ලුම ගෝලී­යව වර්ධ­නය වෙමින් පවතී. මෙහිදී පුන­ර්ජ­න­නීය බල­ශක්ති ස්ථාප­නය, තිර­සර ඉදි­කි­රීම්, පරි­සර හිත­කාමි ප්‍රවා­හ­නය සහ පාරි­ස­රික උප­දේ­ශන වැනි ක්ෂේත්‍ර­වල රැකියා අවස්ථා බිහිවේ. මෙය, පාරි­ස­රික තිර­සා­ර­ත්වය සමඟ සම­පාත වන ශක්ති­මත් සහ නව්‍ය ආර්ථි­ක­යක් ගොඩ­නැ­ඟී­මට උප­කාරී වේ. පරි­සර හිත­කාමි කර්මාන්ත ආරම්භ කිරීම වර්ත­මා­නය සඳහා වන වැද­ගත්ම ආයෝ­ජ­න­යකි.

පරි­සර හිත­කාමි කර්මාන්ත යනු හුදෙක් පාරි­ස­රික අභි­ලා­ෂ­යන්ට සීමා වූ ක්ෂේත්‍ර­යක් නොවේ. පරි­සර හිත­කාමි කර්මාන්ත අද වන විට ලෝකයේ රට­වල් රාශි­යක ආර්ථික වර්ධ­නයේ සහ තිර­ස­ර­භා­වයේ ප්‍රධා­න­තම ගාමක බල­වේ­ග­යක් බවට පත්ව ඇත. බොහෝ රට­වල් ප්‍රධාන ක්ෂේත්‍ර කිහි­ප­යක් ඔස්සේ පරි­ස­රය හිත­කාමි ප්‍රති­පත්ති සහ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කර තිබේ.

නිද­සුන් ලෙස ගත් විට ජර්ම­නිය මඟින් න්‍යෂ්ටික සහ පොසිල ඉන්ධ­න­ව­ලින් මිදී සූර්ය සහ සුළං ශක්තිය වෙත යොමු­වීම සඳහා අවශ්‍ය ආයෝ­ජන සිදු කර ඇත. තවද චීනය කාර්මී­ක­ර­ණ­යට සම­ගා­මීව පාරි­ස­රික අභි­යෝග සඳහා වැඩි වශ­යෙන් මුහුණ දෙන අතර ලෝකයේ විශා­ල­තම සහ විදු­ලි­යෙන් ක්‍රියා­ත්මක වන වාහන නිෂ්පා­ද­කයා බවට පත්ව තිබේ. මෙය එරට නග­ර­වල වායු දූෂ­ණය අවම කිරීම සඳහා විස­ඳුම් සප­යන අතර මෙම­ඟින් ගෝලීය වෙ‍ෙළ­ඳ­පො­ළට බල­පෑම් එල්ල කිරී­ම­ටද හැකි වී තිබේ. එමෙන්ම අයි­ස්ල­න්තය වැනි රට­වල් විදුලි අව­ශ්‍යතා සඳහා 100%ක් භූතාප සහ ජල විදු­ලිය මත රඳා පව­තින අතර එම­ඟින් තිර­සර බල ශක්ති ආර්ථි­ක­යක් පව­ත්වා­ගෙන යයි. මීට අම­ත­රව Apple වැනි ලෝක ප්‍රසිද්ධ සමා­ගම්ද ගෝලීය මෙහෙ­යුම් සඳහා වැඩි වශ­යෙන් පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය භාවිත කරයි. මේ අයු­රින් ලෝකයේ රට­වල් රැසක් ආර්ථික වර්ධ­නය සහ පාරි­ස­රික තිර­ස­ර­භා­වය සඳහා සාධ­නීය ක්‍රියා­මාර්ග ගෙන තිබේ.

ඉන්දී­වරී පෙරේරා

dinamina

More Stories