අගමැති වෙත ඉදිරිපත් කෙරෙන සිවිල් සමාජ යෝජනා

sivil

මෙම යෝජනා ඉදිරිපත් කරන අපි ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික ස්ථාවර භාවයත් යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා කැපවුනු සිවිල් සමාජ සංවිධාන හා සිවිල් සමාජ ක්‍රියාධරයන් වෙමු.

විසදුමකින් තොරව ඇදී ගිය දේශපාලන හා ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම හෝ අන්තර්වාර පාලනයක් බිහි කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ අතර එකගතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සැහැල්ලුවට පත් කලා පමණක් නොව පාර්ලිමේන්තුව පිළිබද ජනතා විශ්වාසයද එමගින් පළුදු වූ බව අපි විශ්වාස කරමු.

ඒමෙන්ම, තවමත් ක්‍රියාත්මක සාමකාමී ජනතා අරගලේ ප්‍රධාන ඉල්ලීම ලෙස ඉදිරිපත් වී ඇති වත්මන් ජනාධිපතිවරයා වහා ඉල්ලා අස්වෙනු, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා හරවත් ආර්ථික ප්‍රථිව්‍යුහගත කිරීමක් සිදු කිරීම ඇතුලු අපගේ දේශපාලන ක්‍රමයේ වෙනස්කමක් සිදු කරන ලෙස ඉල්ලා කරන යෝජනා සමග ද අපගේ ද එකගත්වය ප්‍රකාශ කරමු.

ශ්‍රී ලංකාව තුළ බරපතළ ව්‍යවස්ථාමය හා නෛතික වෙනස්කම් සිදු කළ යුතුව තිබුණද මේ බරපතළ හා ව්‍යාකූල අවස්ථාවේ ක්ෂණිකව ගත යුතු ක්‍රියාමාර්ගයන් අප විසින් යෝජනා කරනු ලබන අතර, නිශ්චිත කාල රාමුවක් තුළ එකී යෝජනා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

අප මුහුණ දෙන මෙම බැරෑරුම් අභියෝගයන් සදහා විසදුම් සෙවීමට පක්ෂ ආගම් හා ජාති භේද නොතකා කටයුතු කිරීමට සිදු වන බව ජනතා අරගලය විසින් අපට ලබා දෙන පණිවිඩය බැවින් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන්ද, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලා සිටිමු.
ඒ අනුව,
1) දැනට බලාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය බල රහිත කරමින් පාර්ලිමේන්තුවට වගකියන සහ අධිකරණයේ ස්වාධීනත්වය සහතික වන පාලනයක් ස්ථාපිත කිරීමේ පළමු පියවර ලෙස ජනාධිපති බලතල සීමා කළ 19 වන සංශෝධනය අවශ්‍ය නම් එහි මූලික පදනමට හානියක් නොවන සංශෝධන කීපයක්ද සමග 21 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස නොපමාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය බලාත්මක කිරීමට කටයුතු කරන ලෙසද,

2) රට තුළ දැනට මහජන ආරක්ෂාව අනතුරට ලක් වී ඇති හෝ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ යුතු කිසිදු පදනම් තත්ත්වයක් නොමැති බැවින් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පනවා ඇති හදිසි අවස්ථා රෙගුලාසි වහාම ආපසු හරවන ලෙසද, දැනට රට පුරා පොදු මහජනතාව ගැවසෙන ස්ථානයන්හි රදවා ඇති හමුදා සාමාජිකයන් යුද ටැංකි හා හමුදා රථ නැවතත් හමුදා කදවුරු තුළට යොමු කරවන ලෙස ජනාධිපතිවරයාට බල කරන ලෙසද,

3) සියලු තනතුරු සදහා පත් කිරීමේදී ඥාතීන් සහ හිතවතුන් පත් කිරීමෙන් වළකින ලෙසද, ඒ සදහා පිළිගත්, විෂයානුබද්ධ උගතුන් සහ වෘත්තිකයන් සම්බන්ධ කර ගන්නා ලෙසද,

4) පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සදහා මෙන්ම ආර්ථික අර්බුදය විසින් ජනිත කර ඇති වත්මන් තත්වයට මුහුණ දීම සදහා නව ජාතික අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන ලෙසද,

5) දරිද්‍රතාවයට හා ආර්ථික පීඩනයට භාජනය වී ඇති සමාජ ප්‍රජාවන් වෙනුවෙන් සමාජ ආරක්ෂිත දැලක් වහා සකස් කරන ලෙසද,

6) මැයි 09 දින ගෝල් ෆේස් සාමකාමී අරගල භූමියට එල්ල වුනු මැර ප්‍රහාරය සම්බන්ධයෙන් හා ඉන් පසු සංවිධානාත්මකව රට තුළ ඇති වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පාරදෘශ්‍ය හා ස්වාධීන විමර්ශනයක් සිදු කර එවකට සිටි අගමැතිවරයා ඇතුලු වගකිවයුත්තන් අපක්ෂපාතීව තරාතිරම නොබලා වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙසද,

7) රට පුරා ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් ජීවිත සහ දේපල විනාශ කිරීම වලට වගකිවයුතු සැකකරුවන් නීතිය හමුවට පැමිණවීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, එසේ අත්අඩංගුවට පත්වන සැකකරුවන්ටද නීතියේ සමාන ආරක්ෂාව ලැබීම තහවුරු කරන ලෙසද ,

8) රාජ්‍ය පාලනය සදහා තරුණ ප්‍රජාව සම්බන්ධ කර ගැනීමේ යාන්ත්‍රණයන් කඩිනමින් සකසන ලෙසද එමෙන්ම, තරුණ හා කාන්තා ප්‍රජාවන්ට මෙන්ම නියෝජනය සහතික කර ගැනීමට අසමත් වු යම් යම් සමාජ කොට්ඨාශයන් නියෝජනය කරන කණ්ඩායම් සදහා ද පාර්ලිමේන්තු හා අනෙකුත් මහජන නියෝජිත ආයතනයන්ට ප්‍රවේශ විය හැකි ආකාරයේ මැතිවරණ නීති සංශෝධනයක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා ලෙසද,

9) මාස 6ක් තුළ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට පියවර ගන්නා ලෙසද,

10) ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල ඇතුළු අනෙකුත් බහුපාර්ශවික හා ද්වීපාර්ශවික ආයතන සමග සිදු කරන කටයුතු විවෘත හා විනිවිද භාවයෙන් යුතුව සිදු කරමින් සියලුම දෙනාගේ සමාජ හා ආර්ථික අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ආර්ථික ස්ථාවරභාවය උදාකර හැකි ඉක්මනින් මහා මැතිවරණයක් පවත්වා ස්ථිරසාර ලෙස මහජන මතය නිරූපනය වන පාර්ලිමේන්තුවක් සකසා ගැනීමට මහජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසද,

පහත නම් සදහන් සිවිල් හා බහුජන සංවිධාන හා සිවිල් සමාජ ක්‍රියාධරයන් වන අපි ඔබට යෝජනා කරමු.

මෙම ලිපියේ පිටපත් ලබන ජනාධිපතිවරයා හා සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට කැප වනු ඇතැයිද අපි විශ්වාස කරමු.

ස්තූතියි,

සිවිල් හා බහුජන සංවිධාන
1) අලුත් කතාබහ
2) ශ්‍රී ලංකා රජයේ ආර්යුවේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
3) රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය -කොළඹ
4) ඌව ශක්ති පදනම – බදුල්ල
5) අනුරාධපුර දිස්ත්‍රික් පුරවැසි කමිටුව – අනුරාධපුර
6) ප්‍රජා සංවර්ධන පදනම – රත්නපුර
7) සිය ශක්ති පදනම – හැටන්
8) මව්බිම සිවිල් ජනතා ව්‍යාපාරය – කොළඹ
9) ඒක්සත් වෘත්තීය දේශකවරුන්ගේ සංගමය – කොළඹ
10) යුනෝෆියා සංගමය – කොළඹ
11) සාධාරණ සමාජයක් සදහා රජයේ ආයුර්වේද වෛද්‍යවරු
12) ඒක්සත් දේශීය වෛද්‍ය සංවිධානය
13) ඒක්සත් මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ සංවිධානය
14) ප්‍රජා වේබ් අඩවිය
15) රයිට්ස් නව් සාමුහිකය
16) ලක්බිමේ මව්වරු සහ දියනියෝ
17) ජාතික විශ්‍රාමික ග්‍රාම නිලධාරීන්ගේ සංගමය
18) අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ
19) ප්ලෑන් බී තරුණ සාමුහිකය
20) සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
21) ද ලයිෆ් ට්‍රැවලර්
22) සහභාගීත්ව සංවර්ධන පදනම – ආණමඩුව
23) නීතියේ ආධිපත්‍ය සදහා පදනම – කොළඹ
24) කාන්තාව හා මාධ්‍ය සාමුහිකය – කොළඹ
25) අයිතිය වෙබ් අඩවිය

සිවිල් සමාජ ක්‍රියාධරයන්
1) මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර – කොළඹ
2) මහාචාර්ය එච්.ඩබ්. සිරිල් – පේරාදෙනිය
3) මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන – කැළනිය වි. වි
4) මහාචාර්ය පියල් ඒකනායක – වයඹ වි.වි
5) ආචාර්ය ලක්ෂමන් නුගපිටිය – පේරාදෙනිය වි.වි
6) අචාර්ය නිමල්කා ප්‍රනාන්දු – කොළඹ
7) ආචාර්ය ඉන්දි අකුරුගොඩ – රුහුණු වි.වි
8) ආචාර්ය උදාන් ප්‍රනාන්දු (ස්වාධීන පර්යේෂක)- කොළඹ
9) ආචාර්ය මංගල ප්‍රනාන්දු – කොළඹ
10) වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරන – කොළඹ
11) වෛද්‍ය ශානිකා හසංගි සෝමදාස – කොළඹ
12) වෛද්‍ය තුෂ් වික්‍රමනායක – කොළඹ
13) වෛද්‍ය ප්‍රසාද් මොහොට්ටි – කොළඹ
14) වෛද්‍ය පී.ඩී ලම්බියස් – කොළඹ
15) කීර්ති ගොඩිගමුව (විදුලි ඉංජිනේරු) – කොළඹ
16) ගාමිණී රාමවික්‍රම (සිවිල් ඉංජිනේරු) – කොළඹ
17) නීතිඥ ප්‍රියන්ත ගමගේ – කෑගල්ල
18) නීතිඥ ජානක ඒදිරිසිංහ – කොළඹ
19) නීතිඥ සුදර්ශණ ගුණවර්ධන – කොළඹ
20) නීතිඥ දුලාන් දසනායක – කළුතර
21) නීතිඥ විරංජන හේරත් (මාධ්‍ය‌ෙව්දී) – කොළඹ
22) නීතිඥ දිලේකා දිසානායක – අම්පාර
23) නීතිඥ උදේනි ප්‍රියංවදා -කොළඹ
24) නීතිඥ මිතාභානී රාජපක්ෂ – අනුරාධපුර
25) නීතිඥ චමීර දිනේෂ් ගාල්ලෙආරච්චි- කොළඹ
26) නීතිඥ ජගත් ලියනගේ – කොළඹ
27) නීතිඥ සෙසල ද සොයිසා – බලපිටිය
28) නීතිඥ දිල්හාරා කඹුලුමුල්ල – මිනුවන්ගොඩ
29) නීතිඥ ගනේෂා අමරසිංහ – මාතර
30) නීතිඥ දිල්හානි නුවරපක්ෂ – කුලියාපිටිය
31) නීතිඥ ධනුෂ්ක නුවන් කුරේ – මාතර
32) නීතිඥ උපේන්ද්‍රා ගුණසේකර – වෙන්නප්පුව
33) නීතිඥ ෂෙහාන් වික්‍රමරත්න (වරලත් ගණකාධිකාරී)
34) නීතිවේදී මිශෙල් ටානියා ජෝර්ජ් – මහනුවර
35) නීතිවේදී පංකජ නාදුගල – කොළඹ
36) නීතිවේදී මාර්ක් ඉමන්තක ප්‍රනාන්දු – ගම්පහ
37) නීතිවේදී මිස්සක මුණසිංහ – මාතලේ
38) නීතිවේදී දමිත් හසංක පණ්ඩිත – ගාල්ල
39) නීතිවේදී විමුක්ති රත්නායක- මහනුවර
40) නීතිවේදී චානක රෑපසිංහ – කොළඹ
41) කුමුදුනී සැමුවෙල් (සිවිල් සමාජ ක්‍රියාකාරීනී) – කොළඹ
42) සී.ජේ අමරතුංග (මාධ්‍යවේදී) – කොළඹ
43) අජිත් පැරකුම් ජයසිංහ (මාධ්‍යවේදී) – කළුතර
44) පිලිප් දිසානායක (සිවිල් සමාජ ක්‍රියාකාරික) – කොළඹ
45) හර්ෂ ගුණසේන (වරලත් ගණකාධිකාරී) – කොළඹ
46) සම්පත් සමරකෝන් (මාධ්‍යවේදී) – කොළඹ
47) වසන්ති සේනාරත්න (සිවිල් සමාජ ක්‍රියාකාරීනී) – කොළඹ
48) සුදේශ් ද සිල්වා (මාධ්‍යවේදී) – මහනුවර
49) අමිතා ප්‍රියන්ති (සිවිල් සමාජ ක්‍රියාකාරීනී) – කළුතර
50) සරත් අබේසිංහ (හිටපු සභාපති බීසීසී ලංකා) – කොළඹ
51) සුරේෂ් නඩේසන් (සිවිල් සමාජ ක්‍රියාකාරික) – බදුල්ල
52) ඥාණවීර දිසානායක (සිවිල් සමාජ ක්‍රියාකාරික) – කුරුණෑගල
53) චාල්ස් රවී (විදුහල්පති සේවය) – රත්නපුර
54) නිමල් දිසානායක (සිවිල් සමාජ ක්‍රියාකාරික) – අනුරාධපුර
55) නිල්මිණි රත්නසේකර (සිවිල් සමාජ ක්‍රියාකාරිනී) – මාතර
56) තරංග එල් පටබැදි (සිවිල් සමාජ ක්‍රියාකාරික) – හම්බන්තොට
57) ඒ. සෙල්වරාජ් (සිවිල් සමාජ ක්‍රියාකාරික) – නුවරඑලිය
58) හෙක්ටර් හේමචන්ද්‍ර (වි.ජේෂ්ඨ සැලසුම්සේවා නිලධාරී) – කළුතර
59) නිමල් එදිරිසිංහ (හිටපු නාගරික මන්ත්‍රී)
60) අජිත් සිල්වා (සමාගම් අධ්‍යක්ෂක)
61) නීල් උදයශාන්ත (වෘත්තීය දේශක)
62) ශාමිකා ඩයස් (සමාගම් අධ්‍යක්ෂිකා)
63) මනෝජ් රත්නායක (මාධ්‍යවේදී)
64) මහිල් බණ්ඩාර (හිටපු කැදවුම්කරු අවිශිබම)
65) මහේෂි ලොකුමාන (වෘත්තීය සමිති)
66) මුදිතා කේෂානි ප්‍රේමතිලක (වෘත්තීය සමිති)
67) මන්වීර් ගල්හේන (තරුණ ක්‍රියාකාරී)
68) ප්‍රසංග ප්‍රනාන්දු (සිවිල් සමාජ ක්‍රියාකාරික)
69) ජයනි අබේසේකර (මාධ්‍යවේදීනී)
70) ශක්තික සත්කුමාර (සාහිත්‍යවේදී)
71) යනුෂා ලක්මාලී (සාහිත්‍යවේදීනී)
72) නිමල් අබේසිංහ (සිවිල් සමාජ ක්‍රියාකාරික) – ආණමඩුව
73) ඉන්ද්‍රපාල එස්. වික්‍රමසිංහ (ගුරු සේවය)
74) ඉනෝමා කරුණාතිලක (මනෝ උපදේශිකා)
75) කේ. සංජීව (මාධ්‍යවේදී)
76) පී.ඩී කුමාර (වතු වෘත්තී සමිති) – දෙනියාය
77) ප්‍රදීප් උඩුවන (වෘත්තීය දේශක)
78) රලුවේ බන්දවකගේ අමරසේන (විදුහල්පති සේවය) – හක්මන
79) කේ. ලියනආරච්චි (කළමණාකාර අධ්‍යක්ෂ) – හම්බන්තොට
80) ආර්.ඒච්.ඒම්. හෂීම් (සත්ව පාලන උපදේශක) – හම්බන්තොට
81) සුනිල් කහගල්ල (මාධ්‍යවේදී) – කුරුණෑගල
82) පී.ඩී ගුණතිලකය (සිවිල් සමාජ ක්‍රියාකාරික) – කුරුණෑගල

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….