අරාබි වසන්ත ලෙස නම් පටබැඳුනු ඉන්දික සුබසිංහගේ කථාව

rambukkana incident indika subasinghe

රඹුක්කන සිද්ධියේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට ලක්වූ පුද්ගලයින් වෙනුවෙන් නීති ආධාර ලබා දීම වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, වධහිංසාවට එරෙහි ශ්‍රීලාංකික එකතුව, ජනමාධ්‍යවේදීන් සහ නීතීඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගිය අප්‍රේල් 23 වන දින රඹුක්කන ප්‍රදේශයට ගොස් පීඩාවට පත් වින්දිතයින් ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මුණගැසීම සිදුවිය. එහිදී ජනමාධ්‍ය තුළින් මෙතෙක් අසන්නට නොලැබුනු තොරතුරු කිහිපයක් රඹුක්කන සිද්ධියේ ඉන්ධන බවුසරය ගිනිතැබීමට තැත්කලායැයි කියන අරාබි වසන්ත ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ නම් පටබැදී ඇති ඉන්දික සුබසිංහ නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් දැන්ගැන්මට ලැබුනි.

මෙහිදී ඔහුගේ මව, පියා, පවුලේ ඥාතීන් ඇතුළු අසල්වාසින් පවසා සිටියේ ඉන්දික රඹුක්කන පොලේ එළවලු වෙළදාමේ නිරත පුද්ගලයෙකු බවත් අප්‍රේල් 19 වන දින ඔහුද රඹුක්කන පැවති විරෝධතාවයට සහාය පලකරමින් ඊට සහභාගී වූ බවත් එහිදී විරෝධාතා ස්ථානය අසල නවතා තිබූ බවුසරය අසල විරෝධතා කරුවන් නිතරම එහා මෙහා ගොස් ඇති බවත් එහිදී මොහු හැදසිටි ඇදුම හේතුවෙන් මොහුගේ ඡායාරූපය අනිසි අන්දමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇති බවයි.

මේ හේතුවෙන් පසුගිය අප්‍රේල් 22 වන දින රාත්‍රී 9.30ට පමණ මොහු නිවසේ සිටින අවස්ථාවේදී සිවිල් ඇදුම් හැදගත් කණ්ඩායමක් පැමිණ මොහුගේ නිවසට බලෙන් ඇතුළුවී නිවස පරික්ෂා කොට විරෝධතාවයේදී මොහු හැඳ සිටි ඇදුම්ද තම බාරයට ගෙන කට උත්තරයක් ලබා ගැනීමට අවශ්‍ය බව දන්වමින් ඉන්දිකවද රැගෙන පලා ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් ඇතුළු අසල්වාසීන් රඹුක්කන පොලීසියෙන් සහ කෑගල්ල පොලීසියෙන් විමසීමක් කළද ඔවුන් ඒ සමබන්ධයෙන් කිසිවක් නොදන්නා බව දන්වා ඇත.

ඥාතීන් ඇතුළු අසල්වාසින් වෙත පසුව දැනගන්නට ලැබී ඇත්තේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඉන්දිකව අත් අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි. නමුත් ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නේ කවදාද, කුමන වේලාවකදීද යන්න පිළිබඳව ඔවුන් වෙත තොරතුරු සම්ප්‍රේෂණය වී නොතිබීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 23 වන දින පස්වරුවේ මොහුව කෑගල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී එම ස්ථානයට යාමට පවුලේ ඥාතීන් වෙත නොහැකි වී තිබේ. එහිදී රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 02ක් මත ඉන්දිකව මුදා හැරීමට අධිකරණය නියෝග කලද, මොහු වෙනුවෙන් ඇප තැබීමට කිසිවෙකුත් නොසිටීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතවීමට සිදුව තිබේ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….