ඉටුකම COVID – 19 ආරක්ෂණ අරමුදලේ ශේෂය මිලියන 1374 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමඟ ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1374 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව රුපියල් 14,133,164.86ක්, සී/ස මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමූපකාර සමිතිය රුපියල් 200,000ක්, නෝර්වූඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.කේ.රවී මහතා රුපියල් 50,000ක් අරමුදලට පරිත්‍යාග කළ අතර අදාළ චෙක්පත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී ඇත.

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු පළාත් රාජ්‍ය නිලධාරීන් පිරිනැමූ රුපියල් 11,612,217.02කට අදාළ චෙක්පත ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා විසින් ද, දකුණු පළාත් රාජ්‍ය නිලධාරීන් පිරිනැමූ 20,273,541.85කට අදාළ චෙක්පත ආණ්ඩුකාර විලී ගමගේ මහතා විසින් ද, උතුරු පළාත් රාජ්‍ය නිලධාරීන් පිරිනැමූ රුපියල් 3,000,000කට අදාළ චෙක්පත ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් ද, නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නොවන සංවිධාන පිරිනැමූ රුපියල් 40,000,000කට අදාළ චෙක්පත ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ පළාත් ප්‍රධාන ලේකම් පී. වනිගසිංහ මහතා විසින් ද, බස්නාහිර පළාත් රාජ්‍ය නිලධාරීන් පිරිනැමූ රුපියල් 20,000,000කට අදාළ චෙක්පත ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් ඩබ්.ඩී.එම්.ජේ. රොෂාන් ගුණතිලක මහතා විසින්ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

Dial Textile Industries (Pvt) Ltd ආයතනය රුපියල් 3,000,000ක්, නීල් උමගිලිය මහතා රුපියල් 1,000,000ක් සහ Lion Vision for Sight Hospital Trust ආයතනය රුපියල් 10,000,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ. ඊට අදාළ චෙක්පත් අද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණ.

Sri Lanka – Australia – New Zealand Business Council (The Ceylon Chamber of Commerce)ආයතනය රුපියල් 500,000ක් සහ නීතීඥ ඩී. ලක්සිරි මෙන්ඩිස් මහතා රුපියල් 500,000ක් අරමුදලට ප්‍රදානය කර තිබේ.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,374,575,492.89 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය.

දුරකථන අංක 0760700700/ 0112320880/ 0112354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….