කිතුල් වලින් මාස­ය­කට ලක්ෂ 3-4ක් පහසුවෙන් උප­යා­ ගන්නා අයුරු

charith asalanka jurassic world starlink internet sri lanka baba vanga cricinfo icc

සෞඛ්‍ය­යට වඩාත් සුව­දායි කිතුල් පැණි, කිතුල් හකුරු සඳහා ශ්‍රී ලංකාව ඉතාම ඈත ඉති­හා­ස­ය­කට හිමි­කම් කියයි. කිතුල් ගසක රා මැදීම ලෙහෙසි පහසු කට­යු­ත්තක් නොවූ­වද වර්ත­මා­නය දක්වාම එම කර්මා­න්තයේ යෙදෙන ගොවියෝ සිටිති. කිතුල් කර්මා­න්තය කිතුල් ගසත් සමඟ පව­ති­න්නක් නිසා සහ එම කර්මා­න්තය වැඩි­දි­යුණු කිරී­මට වග­කි­ව­යු­ත්තන් උල්ප­න්දම් නොදීම නිසාත් කර්මා­න්තය කඩා­වැටී තිබේ. මේ නිසා කිතුල් සඳහා වෙළෙ­ඳ­පොළේ ඉහළ ඉල්ලු­මක් පවතී.

කිතුල් ගසෙන් ලැබෙන සාර­යෙන් කිතුල් හකුරු සහ කිතුල් පැණි­ව­ලට අම­ත­රව කිතු­ල්ව­ලින් විවිධ ආහාර නිෂ්පා­දන රාශි­යක් සකසා වෙළෙ­ඳ­පො­ළට සප­යන ලහිරු දිල්ෂාන්ගේ විස්කම් පිළි­බඳ තොර­තු­රුයි.

කිතුල් ගසෙන් පිරි­සි­දුව ලබා­ගත් කිතුල් රාව­ලින් විවිධ නිෂ්පා­දන කළ හැකියි. කිතුල් බටර්, කිතුල් ස්ප්‍රෙඩ්, පිටි, හකුරු, පැණි, කේක්, කිතුල් පැණි කහට, කිතුල් අයිස් කෝපි, කිතුල් පැණි බීම, කිතුල් පැහි යෙදූ ආප්ප වගේ ආහාර වර්ග ගණ­නා­වක් නිෂ්පා­ද­නය කිරී­මට අපේ ‘ඔන්ලි කිතුල්’ ආය­ත­න­යට හැකි­වෙලා තිබෙ­නවා. ඒ සඳහා සපු­රා­ලිය නොහැකි ඉහළ ඉල්ලු­මක් තිබෙ­නවා.

කිතුල් මලේ මුල, මැද සහ අග තළා ගන්නා රාව­ලින් විවිධ රස මතු­වෙ­නවා. ඒව­ගේම අද කෙනෙක් එකම වර්ග­යක, එකම නිෂ්පා­ද­න­යක කිතුල් හකුරු කෑවොත් ඒ රසය ඊළඟ වතාවේ ඒ තැනින්ම විඳි­න්නට ලැබෙන්නේ නැහැ. මොකද කිතුල් ගහෙන් ගහට, මලෙන් මලට සහ මලේ තැළුම අනුව එහි රස වෙන­ස්විය හැකියි. ඒව­ගේම කාලය අනුව උදා­හ­ර­ණ­ය­කට වැසි කාල­යෙද පද­ම්ක­රන විදිය අනු­වත් රස වෙනස් වෙනවා. ගස­කින් ලැබෙන ස්වභා­වික දෙයක් නිසා රස වෙනස් වෙනවා. ඒත් එකම රසය ලැබෙන පරිදි හකුරු සහ පැණි නිෂ්පා­ද­නය කිරී­මට අපි වැඩි­දි­යුණු කර­ගෙන තිබෙ­නවා. ඒ නිසා අපේ නිෂ්පා­ද­න­වල රසය එකම රස­ය­කින් තිබෙ­නවා. අපේ නිෂ්පා­ද­නය තුළ රස වර්ග (ෆ්ලේවර්) හත­රක පැණිත්, රස වර්ග 8ක හකු­රුත් තිබෙ­නවා. බටර් එක රස වෙනස් නොවී තැබීම සඳහා අධි ශීත­ක­ර­ණයේ තබා ආහා­ර­යට ගැනී­මට සිදු වෙනවා. ඒත් පෙපර්, සින­මන් සහ කිතුල ලෙස රස තුන­කින් යුක්ත ස්පේඩ් එකක් තිබෙ­නවා. ඒවා බටර් වගේම යොදා­ගත හැකියි නමුත් බටර් එකේ වගේ කිරි අඩංගු වන්නේ නැහැ.

අපි ගොවීන්ට උදව් උප­කාර කර­මින් අපේ ව්‍යාපා­ර­යට ඔවුන්ගේ සහාය ලබා­ග­න්නවා. අපිට සැප­යුම් කරන කිතුල් ගොවි­ම­හ­තෙක් මාස­ය­කට ලක්ෂ 3-4ක් උප­යා­ග­න්නවා. 

ව්‍යාපා­රය ආරම්භ කළේ 2018දීයි. ඊට කලින් මම විවිධ නිෂ්පා­ද­න­වල යෙදුනා. මම කුරු­විට, මගේ ගම් පළාතේ කිතුල් කර්මා­න්ත­යට හරිම ප්‍රච­ලි­තයි. කිතුල් ගොවීන් වගේම කිතු­ල්ව­ලින් විවිධ ආහාර නිප­ද­වන අය ගමේ හිටියා. මගේ අම්මාගේ මහ ගෙද­රත් කිතු­ල්ව­ලින් නිෂ්පා­දන කළා. ඉතින් කිතු­ල්ව­ලින් මේ වගේ ව්‍යාපා­ර­යක් ආරම්භ කරන්න ඒක එක් හේතු­වක් වුණා. මම කිතුල් නිෂ්පා­දන පිළි­බඳ පාඨ­මා­ලා­වක් හැදෑ­රුවා. ඒ නිසා රස­වත්, ගුණා­ත්මක බවින් වැඩි නිෂ්පා­ද­න­යට හැකි­යාව ලැබුණා. ව්‍යාපා­රය කර­ගෙන යන අත­රේදී 2020 පාස්කු ප්‍රහා­ර­යත්, 2021 කොවිඩ් වසං­ග­ත­යත් සහ ඊට පසුව ඇති වුණු ආර්ථික අර්බු­ධ­ය­ටත් මට මුහුණ දෙන්නට සිදු වුණා. ඒත් මම කුරු­විට මගේ නිෂ්පා­දන ආය­ත­න­යට අම­ත­රව 2024දී කොට්ටාව කිතුල් අලෙ­වි­සල සහ ආප­ණ­ශා­ලාව විවෘත කළා.

දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංව­ර්ධන අංශය අපිට අවශ්‍ය දැනුම ලබා­දුන්නා. වාණිජ මණ්ඩ­ලය අවස්ථා දෙක­කදී අපිව ඇගැ­යී­මට ලක්ක­ර­මින් 2022දී ලෝකඩ සම්මා­න­යක් හා 2024දී සම්මාන ලබා­දුන්නා. ලංකා කාර්මික මණ්ඩ­ලය, කුරු­විට ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය වගේ රජයේ ආය­තන අපිට දැනුම සහා­යෝ­ගය ලබා දීලා තිබෙ­නවා.

මේ කර්මා­න්තය මතු­ප­ර­පු­ර­ටත් ලබා­දී­මට මම අපේක්ෂා කර­නවා. ඒත් ඒ සඳහා තිබෙන විශා­ලම අභි­යෝ­ගය වන්නේ නිෂ්පා­දන සඳහා අවශ්‍ය අමු­ද්‍ර­ව්‍ය­වල පව­තින හිඟ­යයි. අපෙන් ඉල්ලන තර­මට අපිට සැපැ­යුම් කිරී­මට නොහැ­කියි. අපි කිලෝ­ග්‍රෑම් 10කට අඩු ඇණ­වුම් සඳහා පම­ණයි සැප­යීම කරන්නේ. ඒකට ප්‍රධා­නම හේතුව ගුණා­ත්මක තත්ත්ව­යෙන් උසස් නිෂ්පා­දන ලබා­දීම සඳහා අවශ්‍ය කිතුල් සාරය අපිට සොයා­ගත නොහැකි වෙලා තිබී­මයි. ඒව­ගේම ගොවීන්ගේ හිඟ­යයි. ඉස්සර වගේ කිතුල් ගොවීන් දැන් නැහැ. ඒ අයට හරි මිලක් නොලැ­බීම සහ නිෂ්පා­දන අලෙවි කර ගන්න තිබුණු නොහැ­කි­යාව නිසා කර්මා­න්තය අත­හැ­ර­දාලා. ඒව­ගේම කිතුල් ගස් වඳවේ ගන යනවා. 2009දී අව­සන් වරට සිදු කළ සමී­ක්ෂ­ණ­යට අනුව කිතුල් ගස් ලක්ෂ 32ක් තිබු­ණත්, අද වන විට එම ප්‍රමා­ණය තවත් අඩුවී ඇති. එම ප්‍රමා­ණ­යෙන් ලක්ෂ හය­හ­මා­ර­කට ආසන්න ගස් ප්‍රමා­ණ­යක් රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ තිබෙ­නවා. අලින්ට කන්න දෙන්න ගස් කප­නවා, ඒව­ගේම අලි කිතුල් ගස් විනාශ කර­නවා. පොඩි පැළ මට්ටමේ ඒවා ඉත්තෑ­වන් කනවා. මේ නිසා සැල­කිය යුතු කිතුල් ගහ­න­යක් විනා­ශ­වී­ගෙන යනවා.

දැනට තිබෙන ගස් එක්ක බැලු­වොත්, උප­රි­මය ලෙස නිෂ්පා­ද­නය සඳහා තවත් අවු­රුදු 10-15 අතර කාල­ය­කට කිතුල් ගස් තිබෙ­නවා. ඒ නිසා අපි කිතුල් ගස් සිටු­වී­මට ව්‍යාපෘ­ති­යක් කර­ගෙන යනවා. ඒ සඳහා රජයේ සහා­යෝ­ග­යත් බලා­පො­රොත්තු වෙනවා.

අපි මේ අභි­යෝ­ග­යට මුහු­ණ­දිය යුතුයි. අපි ගොවීන්ට උදව් උප­කාර කර­මින් අපේ ව්‍යාපා­ර­යට ඔවුන්ගේ සහාය ලබා­ග­න්නවා. අපිට සැප­යුම් කරන කිතුල් ගොවි­ම­හ­තෙක් මාස­ය­කට ලක්ෂ 3-4ක් උප­යා­ග­න්නවා. ඒත් එම නිෂ්පා­ද­නය ගුණා­ත්මක විය යුතුයි.

දැනට තිබෙන ගස් එක්ක බැලු­වොත්, උප­රි­මය ලෙස නිෂ්පා­ද­නය සඳහා තවත් අවු­රුදු 10-15 අතර කාල­ය­කට කිතුල් ගස් තිබෙ­නවා. ඒ නිසා අපි කිතුල් ගස් සිටු­වී­මට ව්‍යාපෘ­ති­යක් කර­ගෙන යනවා. ඒ සඳහා රජයේ සහා­යෝ­ග­යත් බලා­පො­රොත්තු වෙනවා.

මේ ව්‍යාපා­රය සංචා­ර­ක­යන් අතර ජන­ප්‍රි­ය­වේ­ගෙන එනවා. අපි ගුණා­ත්මක බවින් ඉහ­ළම නිෂ්පා­ද­න­යන් කරන නිසා ඉල්ලුම සපු­රා­ගත නොහැකි තර­මින් තිබෙ­නවා. ඒත් එම අභි­යෝ­ග­යන්ට මුහුණ දෙමින් විවිධ ක්‍රමෝ­පා­ය­වල යෙදෙ­නවා. ඒව­ගේම ඉදි­රි­යේදී තවත් ශාඛා­වක් ආරම්භ කිරී­මට නිය­මි­තයි.

ඉරෝෂා දීපානි

dinamina

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….