කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ආයුර්වේද ක්‍රම

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ඇති දේශීය ආයුර්වේද ඖෂධ සහ ආයුර්වේද ක්‍රම පිළිබදව දැනුම්වත් කිරීමක් නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී අද(17) පැවැත් විය.

එහිදී ආයුර්වේද වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ අනියත බියක් ඇති කර ගැනීම තුළින් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල විය හැකි බැවින් ඒ තුළින් අවදානම් තත්ත්වයකට පත්විය හැකි බවයි.

මෙහිදී අදහස් දැක්වු ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සේනක ගමගේ මහතා පවසා සිටියේ, කිසිවෙකුත් අනියත බියක් ඇති කර ගත යුතු නැති බවයි.

එයින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල විය හැකි බවත් පැවසු වෛද්‍යවරයා, ඒ තුළින්ම අවධානම් තත්ත්වයට පත් විය හැකි බවත් පැවසීය.

උදේ සවස ඉඟුරු කොත්තමල්ලි වීඳුරුවක් පානය කරන ලෙසත් පැවසු ඒ මහතා, සමාජ මාධ්‍ය තුළින් විවිධ ඖෂධ වට්ටෝරු ජනතාව අතර සංසරණය වන බවත් ඒවායේ වගකීමක් දෙපාර්තමේන්තුවක් ලෙස ගත නොහැකි බවත් කියා සිටියේය.

උදෑසන අවදි වු විට ගැඹුරු ආශ්වාස හා ප්‍රාශ්වාස ක්‍රියාකාරකම් කරන්නේ නම් මෙම තත්ත්වයට යෝග්‍ය බවත් පැවසු වෛද්‍යවරයා, මද උණුසුම් ජලය පානය කරන ලෙසත් , හීන් බෝවිටියා හා මොනරකුඩුම්බිය ආදී කැඳ වර්ග පානය කරන ලෙසත් පැවසීය.

වෛද්‍ය අජිත් කුමාර  මහතා පවසා සිටියේ කොහොඹ දුම ඇල්ලීම යෝග්‍ය බවත්, එමෙන්ම පෙරමුකායන් හා වදකහ විෂ බීජ නාශකයක් වන බවත් කියා සිටියේය.

මෙම සති දෙක කෘතිම ආහාරවලින් සම්පූර්ණයෙන් වැළකී සිටින ලෙසත් වෛද්‍ය වරයා මෙහිදී පැවසීය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….