ගිනිගත්හේන මැලිබන් ඇගළුම් ආයතනයේදි ආශීර්වාද පුජාවක්

agalum-ginigathhena

තමන් සේවය කරන ආයතනයට ආදරය කිරිමෙන්, කැපවිමෙන් එකමුතුව අධිෂ්ඨාන ශක්තියෙන් ක්‍රියා කරන්නේ නම් අපිට එන ඕනැම අභියෝගයක් ජය ගත හැකි බව ගිනිගත්හේන ශ්‍රි අභිණවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය මුරුතවෙල පියරතන නායක හිමියන් ගිනිගත්හේන මැලිබන් ඇගළුම් ආයතනයේදි පැවසිය.

ඇගළුම් කර්මාන්තයේ නියලෙමින් මවුබිමට පන ගෙන එන ඇගළුම් ආයතන හිමිකරුවන් පාලකයන් ප්‍රමුක සමාජික සමාජිකාවන් සැමටත් ශ්‍රිලංකාව ඇතුළු ලොවපුරා සියළුම ඇගළුම් ගැනුම්කරුවන්ටත් උතුම්වු ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද පතා ගිනිගත්හේන මැලිබන් ඇගළුම් ආයතනය විසින් 09වන දින රාත්‍රියේදි සංවිධානය කර තිබු බෝධි පුජාවක්, ආශිර්වාද පිරිත් දේශනාවක් හා ප්‍රාර්ථනා පහන් පුජාවකදි මේ බව පැවසු පුජ්‍ය මුරුතවෙල පියරතන නායක හිමියන් එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

ඔබ දන්නවා පසු ගිය කාලය තුලදි අපි ඇද වැටුන ඇද වැටිල්ල එත් අපි එයින් ගොඩ ආයුතුයි කෙසේ හෝ ගොඩ ඒමට අපි උත්සහා කල යුතුයි.

අපි කිසියම් ආයතනයක් තුල සේවය කරනවානම් අපි එම ආයතනය ගොඩ ගැනිමට ක්‍රියා කල යුතුයි අපි තුල හැගිමක් ඇති කර ගත යුතුයි අපි සේවය කරන ආයතනය රැක ගැනිම සදහා කටයුතු කල යුතු බව.

මෙම ආයතනය රැක ගැනිමට ඔබලා දක්වන සහාය පෙනෙනවා අද ඔබලා කරන මෙම සත් ක්‍රියාව තුලින් ඔබලා අද මෙය කරන්නේ ඔබලගේ ආයතනය රැක ගැනිමට පමනක් නොවෙයි සමස්ථ ඇගළුම් කේෂත්‍රයම රැක ගැනිමේ උදාර චේතනාවෙන් තමයි අද ඔබලා මෙම ආශීර්වාද පිංකම සිදු කරනු ලබන්නේ.

අපි සියළුම දෙනා එකට එක්ව එක්සත්ව ක්‍රියා කරන විට අපිට එන ඕනැම අභියෝගයක් ජය ගැනිමට හැකියාව පවතිනවා අභියෝගවලට බියෙන් නොසිට එන ඕනැම අභියෝගයක් ජය ගන්න අපිට හැකියාව පවතින බව අපි සිහි තබාගත යුතු බවද පුජ්‍ය පියරතන නායක හිමියන් වැඩි දුරටත් පැවසිය.

වසර 2020 පසුව මේ රට තුල පැවති විවිධ හේතු හේතුවෙන් මේ වන විට ඇගළුම් කේෂත්‍රයට සිදුව ඇති විවිධ ගැටලු නිරාකරනයවි නැවතත් ඇගළුම් කේෂත්‍රය දියුනුවි ඒ තුලින් ශ්‍රිලංකාවට වැඩි වැඩියෙන් විදෙස් විනිමය සොයා ගැනිමට හැකි වතාවරණයක් උදා වේවායි යන ප්‍රාර්තනාව පෙරදැරි කර ගෙන මැලිබන් සමුහ ව්‍යාපාරයේ ඉහල කළමණාකාරිත්වයේ උපදෙස් මත ගිනිගත්හේන මැලිබන් ඇගළුම් ආයතනයේ කළමණාකාරිත්වය, නිලධාරින්, ඇතුළු සේවක පිරිස විසින් මෙම ආශිර්වාද පිංකම සංවිධානය කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….