ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා බලයි

වනජීවී නිලධාරින් හා පිරිසක් අතර ඉකුත් (25) දා හෝ ඊට ආසන්න දිනයක දී ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වේරෝඩයාය ප්‍රදේශයේ දී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 2021 පෙබරවාරි 11 දා  වැඩි දුර කරුණු වාර්තා කරන්නැයි පොලොන්නරුව මහේශ්‍රාත් දේවිකා සී ජයවර්ධන මැතිනිය වනජීවී නිලධාරින්ට ඊයේ (30) දා නියෝග කළා ය.

ඊට අමතරව ඉදිරි විමර්ශන සඳහා එම සිද්ධියට අදාළ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන හා හඬ පට  මෙරට විද්‍යුත් රූපවාහිනී නාලිකා දෙකක් වන දෙරණ හා හිරු යන නාලිකා වෙතින්  වනජීවී නිලධාරින්ට  ලබා දෙන්නැයි ද මහේශ්‍රාත්වරිය මෙහි දී නියෝග කළා ය.

අපරාධ විධි විධාන සංග්‍රහයේ නීති ප්‍රකාරව වරදක් සිදුවීමට අත්‍යාසන්න අවස්ථාවක් හෝ වරදක් සිදු වී ඇත්ද යන්න හෝ සලකා බලා ඉකුත්(25) හෝ ඊට ආසන්න දිනයක දී    හෝ  ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ  පොලොන්නරුව, ලංකාපුර, වේරෝඩයාය ප්‍රදේශයේ දී වනජීවී නිලධාරින් හා තවත් පිරිසක් අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය  අධිකරණයට  කරුණු වාර්තා කළේ ය.

එම කාර්යාලයේ ස්ථාන භාර නිලධාරි වන සත්ත්ව අඩවි ආරක්ෂක පී වී එස්.ශාන්ත මහතා විසින් අධිකරණයට මෙම කරුණු ගොණු කළේ ය.

පොලොන්නරුව වන ජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පැවසුවේ අංක ඒආර්/2022/20 බී වාර්තාව මගින් පොලොන්නරුව මහේශ්‍රාත් දේවිකා සී. ජයවර්ධන මැතිනිය වෙත මනම්පිටිය සංචාරක මහේශ්‍රාත් අධිකරණයේ දී ඊයේ (30) මෙම කරුණු ගොණු කළ බවයි.

එමගින් ඉකුත් (25) දා හෝ ආසන්න දිනයක දී හෝ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වේරෝඩයාය ප්‍රදේශයේ දී ප්‍රදේශවසින්  පිරිසක්  වනජීවී කලාප තුළට නීතිවිරෝධීව ගවයන් ඇතුළු කිරීමට හා අධිකරණ නියෝග මත යලි වනජීවීයට පැවරූ ඉඩම් වගා කිරීමට බලපෑමක් සිදු කළේ  ද යන්න විමසා බලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය අධිකරණයෙන් ඉල්ලා සිටියි.

මෙම සිදුවීම වරදක් සිදු වීමට අත්‍යාසන්න අවස්ථාවක් ද නැතහොත් වරදක් සිදු වී දැයි විමසා බැලීමට නියෝග ලබා දෙන ලෙසත් එම සිද්ධියෙන්   අධිකරණයට අපහාස කිරීම,අධිකරණයේ නියෝග උල්ලංඝනය කිරීම,වන සත්ත්ව වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත(සංශෝධිත) උල්ලංඝනය වීම හා පුරා විද්‍යා ආරක්ෂණ ආඥා පණත උල්ලංඝනය වීම යන වරදවල් සිදු වීමට ඉඩ ඇති බැවින් මෙරට විද්‍යුත් නාලිකා වන දෙරණ හා හිරු යන රූපවාහිණි නාලිකා වල සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන හා හඬ පට විද්‍යාත්මකව විමර්ශනය කර  බැලීමට ද   නියෝගයක් නිකුත් කරන්නැයි ද වන ජීවී නිලධරයෝ බී වාර්තාව මගින් ඉල්ලා සිටිති.

සියල්ල සලකා බැලූ පොලොන්නරුව මහේශ්‍රාත් දේවිකා සී.ජයවර්ධන මැතිනිය  මහත්මිය ලබන 2021 පෙබරවාරි 11 දා යලි අධිකරණය හමුවේ වැඩි දුර කරුණු වාර්තා කරන ලෙස නියෝග කළා ය.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….