ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඉන්නා සැකකරුවන්ට වදහිංසනය කිරීමේ වැඩි ඉඩක්! – නීතිඥ අම්බිකා සත්කුනනාදන්

රජය නීතියට අවනත නොවීම නිසා බන්ධනාගාර නිලධාරීන්ද සැකකරුවන්ට වග විය යුතු නැතැයි සිතන මට්ටමට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ අම්බිකා සත්කුණනාදන් මෙනෙවිය පවසයි.

බන්ධානගාරය තුල සිටින සැකකරුවන්/සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් වග විය යුතු වුවද එය එසේ නොවන බව ඇය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගන්නා සැකකරුවන්ට වදහිංසනය කිරීමට වැඩි ඉඩක් ලබා දෙන බවත් මේ වදහිංසාව ශාරීරකව මෙන්ම මානසිකව විය හැකි බවත් ඇය අවධාරණය කර සිටියි.

මෙයට නිදසුන් ලෙස ඇය  කියා සිටියේ පහුගියදා එරාවුර් වල සිදු හිංසාවය.

ගොඩක් කාලයක සිට වදහිංසාව මේ රටේ සිදු වන දෙයක් වන නමුත්  කොවිඩ් වසංගත කාලය තුල මේ තත්ත්වය වැඩි වු බව අම්බිකා මෙනෙවිය විශ්වාස කරයි.

එසේම බන්ධනාගාර තුල ජලය, වැසිකිලි ඇතුළු පහසුකම් නොමැති වීම නිසා බන්ධනාගාර ගත වූවන් දැඩි අසීරුතාවයට පත් වෙන බවත් මේ වන විට  බන්ධනාගාර ගත වූවන් 9000 ක් පමණ මෙරට සිටින බවද ඇය විශ්වාස කරයි.

බන්ධනාගාර ගත වුවහොත් බන්ධනාගාරය තුළ විශාල වශයෙන් වදහිංසාවට ලක් වීම් සිදුවෙන බව පෙන්වා දෙන ඇය පවසන්නේ පරුෂ වචනයෙන් බැන වැදීම්,  පහර දීම්,  ප්‍රචණ්ඩත්වයට ලක් කිරීම ආදිය බන්ධනාගාර තුළ නිරන්තරයෙන්ම සිදු වන බවය.  බන්ධනාගාරයට ගිය සෑම අවස්ථාවකම විවිධ හේතු මත වදහිංසාවට ලක්වෙන අතර  ආහාර ලබා ගැනීමේදී පවා පෝලිමේ සිටින අවස්ථාවේදී ඔවුන්ට විවිධ තාඩන පීඩනවලට ලක් වීමට සිදු වෙන බව ඇය පෙන්වා දෙයි.

මේ සඳහා නිදසුන් විශාල වශයෙන් දක්නට ලැබෙන බවත් බන්ධනාගාරයේ සිට රෝහල්ගත කරන පුද්ගලයන් පවා දක්නට ලැබෙන බව ඇය පවසයි.. එවැනි අවස්ථාවක මානව හිමිකම් කොමිෂන් සභාව වහාම ක්‍රියාත්මක වි වහාම පරීක්ෂණ විමර්ශන ආදිය සිදුකිරීම ඉතාමත් ම වැදගත් බව ඇය අවධාරණය කරයි.

මානව හිමිකම් කොමිෂන් සභාවට බලය නෑ කියලා ඇතැම් විට නිලධාරීන් සිතන්නට පුලුවන්  නමුත් පැමිණිල්ලක් ලැබුණු වහා ස්වාධීන කටයුතු කිරීම තුලින් සමාජයට යහපතක් කිරීමට හැකි වෙන බව නීතිඥවරිය කියා සිටියි. සමාජය තුළ ත්‍රස්තවාදීන් වශයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පවා මෙවැනි වද හිංසාවට ලක් වීම වැළැක්විය යුතු අතර  විශේෂයෙන්ම covid තත්ත්වය තුළ ඒවා වැළැක්වීමට කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් බව ඇය වැඩිදුරටත් කියා සිටියි.

නදීක දයා බණ්ඩාර / ශානි

aithiya.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….