තියෙන ආණ්ඩුවට උදව් කරනවාද? වලපල්ලට යනවාද?

politic

මේ මොහොතේ පවතින අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුව විවේචනය කිරීම සඳහා ඕනෑතරම් හේතු තිබේ. ඒ කිසිවක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ සියලු විවේචන සාධාරණය. එය අප කැමති හොඳ ආණ්ඩුව නොවේ. හොඳම ආණ්ඩුව සිහිනයක් බව මම මීට පෙර ද කීවෙමි.

එහෙත්, ආණ්ඩුව ගැන එකක් කිව හැකිය. කලින් පැවති ආණ්ඩුව මෙන් තීරණ නොගෙන කල්මැරීමේ ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුවට නැත. ඔවුහු වහ වහා තීරණ ගනිති. එසේ කරන්නට සිදුවී තිබේ. ඒ තීරණ වැඩිහරියක් තිත්ත, කටුක ප්‍රතිඵල ජනතාවට ලබාදෙන ඒවාය. එහෙත් පැණිරස බෙහෙත් තියා, පැනඩෝල්වත් රටේ නැත.

තීරණ ද විවේචනය කළ හැකිය. උදාහරණයක් ලෙස පොළී අනුපාතික ඉහළනැංවීම ආර්ථිකයට වාසි වෙනවාට වඩා අවාසිදායක විය හැකි පැතිකඩ රැසක් තිබේ. මෙම ලිපියෙහි ඒවා විස්තර කර තිබේ.

මෙවැනි අර්බුදයකදී ගනු ලබන සෑම තීරණයක්ම හොඳ හා නරක දෙකම මිශ්‍ර ඒවාය. මේ තීරණ වනාහි වලක වැටෙන විට ගලක එල්ලෙනවාද, මුලක එල්ලෙනවාද වැනි තීරණයි. ගලේ එල්ලුනත්, මුලේ එල්ලුනත් දෙකම අවදානම්ය.

මේ වන විට ඉන්දීය ණය ක්‍රමයේ ඩොලර් මිලියන 500ක් අවසන් වෙමින් තිබේ. තවත් ඩොලර් මිලියන 500ක් ලබාගැනීමට ආණ්ඩුව සාකච්ඡා ආරම්භ කර තිබේ. එහෙත්, මේ අන්දමින් දිගින් දිගටම තව කෙතරම් කලක් ණය ලබාගන්නද?

ශ්‍රී ලංකාව මේ වන විට ලබාගන්නා විදේශ ණයවලින් වැඩි මුදලක් වැයවන්නේ ඉන්ධන ලබාගැනීම සඳහාය. ශ්‍රී ලාංකිකයන් තවමත් තත්වය තේරුම්ගෙන ජීවන රටා ගැඹුරින් වෙනස් කරගැනීම සඳහා ක්‍රියාමාර්ග ගෙන නොමැත. ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම සමාජයේ නායකයන් පැත්තෙන් ප්‍රමාණවත් තරමින් සිදුවන්නේ නැත. සියල්ල ආණ්ඩුවට පමණක් කළ නොහැකිය.

විදුලිය නිෂ්පාදනය හා පොදු ප්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය දේ වෙනුවෙන් පමණක් ඉන්ධන වෙන්කිරීමට සිදුවන දවසක් නුදුරු අනාගතයේදීම එළඹෙන බව පෙනේ. ධාවනය වන දුම්රිය සංඛ්‍යාව වැඩිකිරීමට ප්‍රවාහන ඇමතිවරයා දරණ උත්සාහයට වෘත්තීය සමිති අකුල්හෙළීම ආරම්භ කර තිබේ. මෙය වනාහි කාගේත් සහාය අවශ්‍ය වේලාවකි.

රජය විසින් කරන ලද බදු වැඩිකිරීම හරහා දේශීය ආදායම් ඉහළනංවාගෙන තිබේ. එහෙත්, තවමත් රටට ඩොලර් ගලාගෙන ඒම අවශ්‍ය තරමින් වර්ධනය වී නැත. සංචාරක කර්මාන්තය වැනි අංශ යළි නගාසිටුවීම ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ඇතිකරන තෙක් කල්දැමීමට සිදුවනු ඇත. එහෙත්, ලංකාවට විදේශ ශ්‍රමිකයන් එවන මුදල් හා අපනයන ආදායම් වැඩිකරගැනීමට උත්සාහ කළ යුතුය.

විදේශ ශ්‍රමිකයන්ට ලංකාවට මුදල් එවන්නට එපා යයි අදහස් පතුරුවන ‘දේශප්‍රේමී, ජාතික සමාජවාදී විප්ලවවාදියෝ’ මෙරට සිටිති. ඔවුන්ට රටේ ආර්ථිකයට ඇති විසඳුම ද ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ විදේශ ශ්‍රමිකයන්ගෙන් මුදල් ගෙන්වාගැනීම පමණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ට ද විරුද්ධ, පෞද්ගලික අංශයට මෙන්ම වෙළඳපොළට ද විරුද්ධ ඔවුන්ට ද ආණ්ඩුව අවශ්‍ය බව කියනු ලැබේ. එහෙත්, අරගෙන කරන්නේ ද නැත. මහජනයා රැවටීම හා නොමග යැවීම නිමක් නැත.

දැනට පවතින ආණ්ඩුව හෝ කුමන ආණ්ඩුවක් හෝ ස්ථාවර විය යුතුය. දේශපාලන ස්ථාවරත්වය සඳහා 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉතා වැදගත්ය. නැතිනම්, විධායක ජනාධිපති බලතල හරහා බැසිල් රාජපක්ෂ වැනි විජාතික දේශද්‍රෝහීන්ට යළි කුමන්ත්‍රණ මගින් බලය අල්ලාගැනීමට උත්සාහ කිරීමේ හැකියාව තිබේ.

ආර්ථික අර්බුදය පියමං කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබාගැනීමට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යය. ඉන්දියාව හැර කිසිවෙකු තවමත් අපට උදව් කරන බවට ස්ථිර පොරොන්දුවක් ලබාදී නොමැත.

රනිල් වික්‍රමසිංහ අසාර්ථක කර සතුටුවීමට බලාඉන්නා අයට දකින්නට ලැබෙන්නේ රටේම අසාර්ථකත්වයක් හා දැවැන්ත විනාශයක් වනු ඇත. ඒ නිසා එක්කෝ රනිල් වික්‍රමසිංහ පන්නාදමා බලය ගත යුතුය. කුමන අන්දමකින් හෝ රටට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යය. ආණ්ඩුව ස්ථාවර කරගන්නේ කුමන අන්දමින්ද යන්න මාස කීපයකට එතරම් වැදගත් වන්නේ නැත. කුමන අන්දමින් හෝ ස්ථාවර කරගත යුතුය. මේ මොහොතේ රට පිළිගත් බව පෙනෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාමෙන් පසු, ඊට වඩා හොඳින් කරන්නට දන්නා වැඩකාරයන්ට ආණ්ඩු බලය ලබාගත හැකිය. අරගෙන කර පෙන්විය හැකිය.

තියෙන ආණ්ඩුව කුමක් වුවත්, මේ මොහොතේ පවතින ආර්ථික අර්බුදයේ දරුණුම මොහොත පියමං කරගැනීම සඳහා අප සැමදෙන තිබෙන ආණ්ඩුවට සහාය ලබාදිය යුතුය. දේශපාලනික ගනුදෙනු බේරාගැනීමට හා ඇරියස් පියවාගැනීම අඩුතරමේ මාස කීපයකට හෝ කල්දැමිය යුතුය.

පළමුව අප කඩාවැටීම නවත්වාගත යුතුය. තවමත් එය නතර වී නැත. දේශපාලන ඇරියස් පියවාගැනීම කෙසේ වෙතත්, මේ කඩාවැටීමේ පතුල කිසිවෙකුට සිතාගැනීම පවා දුෂ්කර අපායකි.

අජිත් පැරකුම් ජයසිංහ

praja.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….