දික්ඔය කසල ප්‍රශ්නයට ගෘහස්ථ ප්‍රමුකතාවය වර්ධනය කිරිමේ ව්‍යාපෘතියක්

දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල පවතින කසල ප්‍රශ්නයට විසදුම් සෙවිම සදහා ඝණ අප්‍රද්‍රව්‍ය කළමණාකරණය පිලිබදව ගෘහස්ථ ප්‍රමුකතාවය වර්ධනය කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට මෙම නගර සභාව මගින් පියවර ගෙන ඇත.

හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා විසින් මෙම ව්‍යාපෘතිය සකස් කර ඇති අතර ඒ සදහා හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මංත්‍රිවරුන්ගේ අනුමැතියද ලැබි ඇත.

මේ පිලිබදව අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ මෙම බල ප්‍රදේශයේ ඇති ප්‍රමුකතම මහජන සෞඛ්‍ය ගැටලුව වනුයේ අක්‍රමත්ව නගරයේ බැහැර කරනු ලබන කසල තැන තැන එක්රැස් විම බවත් මෙයට හේතුවවි ඇත්තේද නිවරදි විශ්ලේෂනයක් නොමැති විමත් කසල බැහැර කිරිම සදහා නගර සභාව සතු ඉඩමක් නොමැති විම බවත්ය.

මෙම නගර සභා බල ප්‍රදේශය තුල මසකට කසල ටොන් 120ක් පමන ජනනය වන අතර එයින් ටොන් 30ක් පමන ප්‍රතිචක්‍රිය කල හැකි ද්‍රව්‍ය වන බවත් සමන්‍යයෙන් මසක් තුල නිවාස 500කින් ජනනය වන ප්‍රතිචක්‍රිය කල හැකි ද්‍රව්‍ය අලෙවි කිරිම තුලින් මසකට රුපියල් ලක්ෂ තුනක පමන මුදලක් ඉපයිය හැකි බවද ඔහු පවසන ලදි.

ප්‍රතිචක්‍රිය කල හැකි කසල කොම්පස්ට් පොහොර සැදිම සදහා අලෙවි කල හැකි බවත් මේ සදහා එකතු කරනු ලබන කසල වෙන් කිරිම කල යුතු බවත් ඒ සදහා නගර සභාවේ කම්කරුවන් යෙදවිමටත් කසල ප්‍රතිචක්‍රිය කිරිම පිලිබදව ප්‍රදේශයේ ජනතාව අත් පත්‍රිකා, රැස්විම්, ශබ්ද විකාශන මගින් දැනුවත් කල යුතු බවත් මෙම වැඩ සටහන සදහා යහපත් ප්‍රතිචාර නොදක්වන ජනතාව සදහා නගර සභා අඥා පනතේ 157 වගන්තිය මත ක්‍රියා කල යුතු බවද ඔහු පවසති.

මෙම කටයුතු සදහා ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන් ප්‍රථම අධියර යටතේ දස දෙනකු තෝරා ගෙන ඔවුන්ට ඝණ අප්‍රදව්‍ය කළමණාකරනය පිලිබදව පුහුනුවක් ලබාදිමෙන් පසු එක් අයකුට නිවාස 560ක් ලබාදි එය සාර්ථකව කරන අය වෙනුවෙන් එක් නිවසක් සදහා මසකට යම් මුදලක් ලබා දිමටද පියවර ගත යුතු බවත් ඒතුලින් මෙය සාර්ථකව සිදු කල හැකි බවට විස්වාස කරන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

නගරයේ සියලුම දෙනා මේ සදහා යහපත් ප්‍රතිචාර දැක්විම තුලින් 2021 වර්ෂය නිමවන විට හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය කසලින් තොර බල ප්‍රදේශයක් බවට පත් කල හැකි බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….