නැගණියගේ ඝාතකනයන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරයි

law

අවිවාහක සිය නැගණිය බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කළ බව කියන ව්‍යාපාරිකයෙකුට කැත්තකින් පහරදී බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර තරුණයෙකු මේ මස (24දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඇලයාපත්තුව පොලිස් වසමේ ගල්කඩවල ගල්පොත්තේගම ලිපිනයේ පදිංචි ජේ.එම් මහේෂ් දුමින්ද යන අයයි.

කැති ප්‍රහාරයට ලක්විමෙන් ජීවිතක්ෂයට පත්වි ඇත්තේ සැලොන් හිස කෙයාර් ආයතනයේ හිමිකරුවූ අංක 345/ඒ හයිලෙවල් පාර නාවින්න මහරගම හා අංක 46/46 ෂිපින් ලංකා කුළුණ නවම්මාවත කොළඹ 2 ලිපිනයේ ආයතන පවත්වා ගෙන ගිය ප්‍රසිද්ධ කොණ්ඩා මෝස්තර නිර්මාන ශිල්පියෙකුවූ මල්ලවආරච්චිගේ පැතුම් නැමත්තායි.

ඝාතනයට ලක්වු ව්‍යාපාරිකයා පසුගිය (10දා) සවස ඇලයාපත්තුව ගල්පොත්තේගම වෙහෙරගල විහාරස්ථානය හා ගල්පොත්තේගම වැවේ වාන ආසන්නයේ පිහිටි සිරිසේනගේ නිවස ආසන්නයේදි 21 හැවරදි තරුණියගේ වැඩිමහල් සහෝදරයා විසින් එල්ල කළ දරුණු කැති ප්‍රහාරයට ලක්වි බරපතල තුවාල ලබා ඇලයාපත්තුව රජයේ රෝහලට ප්‍රතිකාර සදහා රැගෙන යමින් සිටියදි ජීවිතක්ෂයට පත්වි තිබුණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ ඇලයාපත්තුව පොලිසිය බී-වාර්ථාවක් මගින් අධිකරණයට කියා සිටියේ ඝාතනයට ලක්වු තරුණ ව්‍යාපාරිකයා මීට සති කිහිපයකට ඉහතදි සැකකරුගේ නැගණිය රැකියාවක් සදහා කොළඹට රැගෙන ගොස් ඇති අතර ඇය කරදර අධික බව කියමින් නැවත නිවසට පළාවිත් තිබෙනා බවයි.

එසේ නිවසට පැමිණි තරුණියව බලහත්කාරයෙන් නැවත කැටුව යාම සදහා ව්‍යාපාරිකයා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග නිවසට පැමිණ ඇයව රැගෙන යාමට උත්සහ කළ අවස්ථාවේ ඊට ප්‍රකෝපවූ සහෝදරයා කැත්තෙන් කොට ව්‍යාපාරිකයාට බරපතල තුවාල සිදුකර ඇති බවත් කැති ප්‍රහාරයට ලක්වු තරුණයා නිවස ඉදිරිපිට පිහිටි වැට මතට ඇද වැටි අධික ලෙස රුධිරය වහනයවි මියගොස් ඇති බව පොලිසිය අධිකරණයට දැන්වුවේය.

සැකකාර තරුණයාගේ මව පොලිසියට ප්‍රකාශක් දෙමින් කියා ඇත්තේ මීට වසර ගණනාවකට ඉහතදි මරණයට පත්වූ පැතුම් නැමත්තා සිය සැමියා සමග ඈගෑළුම් කමක් ඇති කරගෙන නිවසේ කාලයක් වාසය කළ බවයි.

කාත්කවුරුවත් නොමැති ඔහුට සිය නිවසේදි හොදින් සැලකු බවත් පසුව ඔහු කොළඹ ප්‍රදේශයට ගොස් ව්‍යාපාරිකයෙකු වි ඇති බව ඇය පොලිසියට පවසා තිබුණාය.සිද්ධියවූ ස්ථානයේ තිබී පොලිසිය ප්‍රහාරයට යොදාගත් අඩි පහක් පමණ වන මිට සහිත කැත්තක් ලේ සාම්පල ඝාතනයට ලක්වු තරුණයාගේ සපත්තුවක් ඇද සිටි ඇදුම් ඇතුළු නඩු භාණ්ඩ කිහිපයක් පොලිස් බාරයට ගෙන තිබුණි.

සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ විනිසුරුවරයා පශ්චාත් මරණ පරික්ෂණ වාර්ථාව මරණ පරික්ෂණ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස ඇලයාපත්තුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ සිදුකර අධිකරණයට ඉදිරි දිනයේ ප්‍රගතිය දැක්වෙන වාර්ථාවක් ඉදිරිපත් කරනා ලෙස විනිසුරුවරයා වැඩිදුරටත් පොලිසියට නියෝග කළේය.

උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස්මත කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ මහතාගේ මෙහෙයවීම මත ඇලයාපත්තුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරික්ෂණ සිදුකරති.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….