නිදහස් වෙළඳ කලාප කොන්ත්‍රාත් සේවිකාවන්ගේ රැකියා අනතුරේ

නිදහස් වෙළඳ කලාපයේ ඇතැම් කර්මාන්තශාලා හිමියන් සේවිකාවන් පීඩාවට පත් කරමින් ස්ව කැමැත්තෙන් අස් වී යන තැනට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

කොවිඞ් 19 වසංගතය ව්‍යාප්තිය පාලනය කිරිමට මාර්තු මාසයේදි වසා දැමුණු ලංකාවේ සියලුම කර්මාන්තශාලා, ඇඟලුම්කම්හල් විවෘත වන්නට පටන් ගත්තේ ටිකෙන් ටිකය.

මේ වසා දැමුණු කාලයේ බොහෝ කර්මාන්තශාලා වලින් සේවකයින්ගේ මාසික වැටුප ලබා දිමට ක්‍රියා කළද ඇතැම් කර්මාන්තශාලා වලින් ලබා දි තිබුණේ නැත.

ඒ ආදායමක් නොමැතිව වැටුප් ගෙවිමට නොහැකි බව පවසමිනි.
මාස ගණනක් එක දිගට වසා දැමුණු මේ කර්මාන්තශාලා විවෘත කිරිමට පටන් ගත්තේම එහි හිමිකරුවන් තමන්ට සිදු වු පාඩු ගැන කථා කරන්නට විය.

මෙහිදි ඇතැම් කර්මාන්තශාලා හිමියන් සේවකයින්ට ස්ව කැමැත්තෙන්ම ඉවත් වීමට ඉඩ දි වන්දි මුදල් ලබා දිමට තීරණය කර තිබුණි. එමෙන්ම වසරකට අඩු සේවා කාලයක් ඇති සේවකයින් ඉවත් කිරිමටද ඇතැම් කම්හල් පියවර ගෙන තිබු අතර මේ පිලිබඳ නිදහස් වෙළඳකලාප වෘත්තිය සමිති විසින් කම්කරු අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරිමට මෙහිදි පියවර ගනු ලැබුණි.

එහිදි සේවකයින් ඉවත් නොකිරිමට කර්මාන්තශාලා හිමියන් එකඟ වී තිබුණි.

නමුත් මේ වන විට කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදී සිටින වසරක සේවා කාලය අඩු සේවක සේවිකාවන් මෙතෙක් කලක් සේවය කළ අංශ වලින් ඉවත් කර ඔවුන්ට වැඩ කිරිමට අපහසු ස්ථාන වලට යොමු කරමින් සිටින බව වාර්තා වේ. විශේෂයෙන්ම තරුණියන්ට කිරිමට ඉතාමත් අපහසු කාර්යයන් වල යොදවනු ලබන බව පැවසේ.

මෙහිදි එම තරුණියන් අඬමින් තමන්ට වෙනත් අංශයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් නමුත් එම මානව සම්පත් අංශ මඟින් එය කිසිදු තැකීමකට ලක් නොකරන බවද පැවසේ.මේ නිසා ඇතැම් සේවිකාවන් විසින් මේ වන විට ඉල්ලා අස්වීමේ ලිපි භාර දෙමින් සිටින බවද නිදහස් වෙළඳකලාප ආරංචි මාර්ග පවසයි. මෙම සේවිකාවන් නවකයින් නිසා මේ වනතුරුත් කිසිදු වෘත්තිය සමිතියක සාමාජිකාවන් නොවන පිරිසක් වීමද විශේෂත්වයකි.

කොන්ත්‍රාත් පදනම සිටින සේවක සේවිකාවන් සියලු දෙනා මේ වන විට සේවයට කැඳවා ඇති නමුත් වෘත්තිය සමිති වල සාමාජික සාමාජිකාවන් සියලු දෙනාම මේ වනතුරුත් සේවයට කැඳවා නොමැති බවද පැවසෙන අතර කර්මාන්තශාලා හිමියන් මේ සැරසෙන්නේ කොන්ත්‍රාත් පදනම නිසා රැකියාවෙන් ඉවත් කිරිමට නොහැකි තරුණියන්ට රැකියාව එපා වී ඉවත්ව යන තත්ත්වයට පත් කිරිමටදැයි බොහෝ දෙනා සැක පළ කරයි.

ශානිකා

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….