නිසි වැටුපක් නොලැබෙන ආර්ථිකය නගා සිටුවන්න විශාල දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්

වතු කම්කරුවන් ලංකාවට පැමින වසර 200ක කාලයක් ගතවුනත් මේ වතු කම්කරු ජනතාවට සිදුව ඇති සේවය කුමක්ද යන්න ප්‍රශ්නයක්.

අද වතුකරය ගත් විට වතු කම්කරු ජනතාව මේ රටේ ආර්ථිකය නගා සිටුවන්න විශාල දායකත්වයක් ලබා දුන්නත් මේ වතු කම්කරුවන්ට මේ වන තෙක් නිසි වැටුපක් ලැබෙන්නේ නැහැ.

වතුකරයේ සමාජ ක්‍රියාකාරිනියක් වන කරුපයියා මෛයිත්‍රිලි මහත්මිය මේ බව පවසන ලද්දේ ශ්‍රිලංකාවේ ප්‍රජා ක්‍රියාකාරික සංසදය මගින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුව හැටන්හිදි පැවති අතර මෙහිදි වැඩි දුරටත් කතා කල මෛයිත්‍රිලි මහත්මිය.

මේ වන විටත් වතු කම්කරුවන්ට නිසි වැටුපක් ලැබෙන්නේ නැහැ මෙම තත්වයන් මත එම වතු කම්කරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත් වෙලා ඉන්නේ.

අදටත් සමහර වතු කම්කරුවන් ජිවත් වන්නේ අඩි 10යි 10යේ ලයින් කාමරය තුලයි මේ ලයින් කාමරය තුල පවුල් දෙක තුනක් ඉන්න අවස්ථාත් තියෙනවා සමහර වතුවල නිසි ලෙස පානිය ජල පහසුකම් නොමැති විමෙන් එම වතුවල වතු කම්කරුවන් විවිධ රෝගවලට ලක් වෙනවා.

වතුවල තේ දළු කඩන්න යන ගැබිනි මවුවරුන් ඇතුළු කාන්තාවන්ට එම තේ වතුවල වැසිකිලි කැසිකිලි පහසුකම් නොමැති විම විශාල ප්‍රශ්නයක් මෙම තත්වයන් මත එම කාන්තාවන් විවිධ රෝගවලට ලක් විමේ අවදානමක් පවතිනවා.

එමෙන්ම වතු කරයේ සමහර ගැබිනි මවුවරුන්ට නිසි පෝෂණයක් නොමැතිවිම තුලින් එම ගැබිනි මවුවරුන් බිහි කරන දරුවන් මන්ද පෝෂනයෙන් පෙලෙන බවට වාර්ථා වනවා මන්දපෝෂනය අතින් නුවරඑළිය දිස්ත්‍රික්ක පලමු තැනට පත්ව ඇති බවත් පැවසෙනවා මෙය සතුටු විමට කරුනක් නොවෙයි මෙයයි අද යතාර්ථය.

වතු කම්කරුවන් සටන් කරලා රුපියල් දාහාක දෛනික වැටුපක් ලබා ගත්තත් එය අද පවතින ජිවන වියදමට සරිලන්නේ නැහැ මේ රුපියල් දාහක දිනක වැටුපෙන් කුමක්ද කරන්න පුලුවන්.

මේ වතු කම්කරුවන්ගේ ආර්ථිකය කඩා වැටිම තුලින් වතු කම්කරු දරුවන් ලමා මෙහෙකාර සේවයට යොදා ගන්න සමහර පිරිස් කටයුතු කරනවා මෙය අද වතුකරයේ විසාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ මොකද මේ ලමා මෙහෙකාර සේවය වගේම වතුකරයේ සමහර කාන්තාවන් විවිධ නිවෙස්වල ගෘහ සේවය සදහා යාමෙන් මේ වන විටත් වතු කම්කරු කාන්තාවන් කිප දෙනකුටම ජිවිතය පවා අහිමි වෙලා තියෙනවා.

අද මේ වතුකරයේ පවතින බොහෝ ප්‍රශ්න ඉස්මතු වන්නේ මාධ්‍ය තුලින් එත් මේ මාධ්‍යවලට විවිධ වාරණ දැමිමට රජය මගින් කටයුතු කිරිමට සැරසෙන බවත් පැවසෙනවා එසේ වුනොත් මේ ප්‍රශ්න ඉස්මතු වෙන්න ඉඩක් නැති වෙනවා එම නිසා මාධ්‍ය මර්ධනයක් කිරිමට යම් පිරිසක් කටයුතු කරන්නේ නම් එයට අපි විරුද්ධයි මොකද මාධ්‍ය නැතිනම් මේ ජනතාවගේ ප්‍රශ්න ඉස්මතු වන්නේ නැහැ.

වතු කම්කරුවන්ගේ ඡන්ද ගන්නා සමහර දේශපාලකයන් මෙන්ම මේ වතු කම්කරුවන්ගේ සමාජික මමුදලින් යැපෙන සමහර වෘත්තිය සමිති මේ වතු කම්කරුවන්ගේ දැවෙන ප්‍රශ්න දෙස නිසි ලෙස බලන්නේ නැහැ ඔවුන් මේ වතු කම්කරුවන් දෙස බලන්නේ ඡන්ද කාලයට ඔවුන්ගේ ඡන්ද ටික ලබා ගැනිමට පමනයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….