නීතිය ඉදිරියේ සාධාරණත්වය පෙන්වීමට ඇති අයිතිය නැති වී යයිද? – මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ

පොලිසියෙන් සිදු වන මානව හිමිකම් කඩවීම හා ඒවා වාර්තාකරණය සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිලිබඳ අනිද්දා පුවත්පතේ උප කර්තෘ මාධ්‍යවේදි ලසන්ත රුහුණගේ මහතා දකින ආකාරය

පොලිසියෙන් සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්!

පොලිසිය මානව හිමිකම් කැඩීම පිලිබඳ කථා කිරීමේදි අපට පහුගිය සිද්ධීන් දෙකක් ගැන කථා කළ හැකිය. ලේඛක ශක්තික සත්කුමාර විසින් ෆේස්බුක් එකේ ලියු කෙටිකථාවක් පාදක කරගනිමින් පොලිසිය විසින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමේ සිද්ධිය ඉන් එකකි. මෙහිදි කිව යුතු විශේෂ දේ වන්නේ හාමුදුරුවන් හෝ හාමුදුරුවන් නියෝජනය කරන සංවිධානයක් නැතිනම් වෙනත් සංවිධානයක හෝ ඕනෑම කෙනෙකුට චෝදනා එල්ල කරමින් පැමිණිලි කිරිමේ හැකියාව ඇත. නමුත් පැමිණිලිකරු පවසන දේ ආකාරයෙන්ම පිළිගෙන කිසිදු මුලික විමර්ශනයකින් තොරව අධිකරණයට පුද්ගලයින් ඉදිරිපත් කිරිම පොලිසියේ වගකීම වන්නේ නැත. කවුරු කුමන ආකාරයෙන් පැමිණිලි කළද පොලිසිය එහි සත්‍ය අසත්‍යතාවය පිලිබඳ විමර්ශනය කිරිමකින් පසුව පොලිස් ඇප දෙනවාද? නැතිනම් අධිකරණයට ඉදිරිපත් කරනවාද? යන්න තීරණය කළ යුතුව ඇත. නමුත් ශක්තිකගේ සිද්ධියේදි මේ දේ සිදුවුයේ නැත. අනෙක් සිද්ධිය වන්නේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි පිලිබඳ වු සිද්ධියය. අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනාව මත පොලිසිය ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. නමුත් අප දන්නා ආකාරයට අයථා ලෙස යම් පුද්ගලයෙක් වත්කම් උපයා තිබේනම් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවට යම් අයෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතුව ඇත. එහිදීද පැමිණිල්ලක් ඉදිරිපත් වු සැණින් අල්ලස් කොමිසම ඔහුව අත්අඩංගුවට ගන්නේ නැත. ඔවුන් පැමිණිල්ල පිලිබඳ පරික්ෂණ කර අධිකරණයට දැනුම් දීමය. අල්ලස් පනත යටතේ අත්අඩංගුවට ගත් සැණින් රිමාන්ඩ් බන්ධනාගාර ගත වන්නේ නැත. සිදු වන්නේ නඩු පැවරීමකි. අධිකරණයෙන් ඔහු වැරදිකරුවෙකු වුවහොත් පමණක් දඬුවම් ලබා දීමක් සිදු කෙරේ. නමුත් මෙම සිද්ධියේදි සිදු වුයේ මහා ධනස්කන්ධයක් උපයා ඇති බව පවසමින් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමය. මේ රටේ පුරවැසියන්ට තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති බලාපොරොත්තුව, පොලිසිය වැනි අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු ආයතනයක් කඩ කරනවානම් ඒ සම්බන්ධයෙන් විෂය භාර සිටින අමාත්‍යවරු පවා ක්‍රියා කරන්නේ නැතිනම් ඒ ගැන ඇත්තේ ඉතාම කණගාටුදායක තත්ත්වයකි. මීට කාලයකට පෙර යම් යම් අපරාධ සම්බන්ධයෙන් සැකයට භාජනය වෙන පුද්ගලයින්ව පොලිසිය ඉතාම ළදරු විදිහට ආයුධ සොයා ගන්න යැයි ගොස් හෝ වෙනත් නාටකීය පිටපත් ඉදිරිපත් කර පුද්ගලයින්ව ඝාතනය කිරීමේ සංස්කෘතියක් පැවතුණි.

මෙම තත්ත්වය ඉතාම භයානකය. මේ දිනවල වල රටේ ඇත්තේ හදිසි නීතියය. එහෙයින් රටේ නීතියේ ආධිපත්‍ය නැතු ගොස් පරණ පුරුදු මතුවේද යන්න නැවත වරක් අපට අනතුරක් මතුව ඇති බව පෙනේ. එමෙන්ම පුරවැසියන්ට තමන්ගේ අයිතිවාසිකම් රැක ගැනීමට හැකිවේද? නීතිය ඉදිරියේ තමන්ගේ සාධාරණත්වය පෙන්වීමට හැකි වේද? යන්න සාධාරණ සැකය දැන් මතු වී තිබේ. මගේ මතය වන්නේ මේ තත්ත්වය අපට පිළිගත නොහැකි බවය.

මානව හිමිකම් කඩවීම් වාර්තාකරණය

වාර්තාකරණයේ මෙහි වගකීම තිබිය යුතු බව මා සිතන්නේ නැත. පාස්කු ඉරුදින ප්‍රහාරයේන් පසු මෙරට රූපවාහීනි නාලිකා ඊට අමතරව අන්ත සිංහල-බෞද්ධ ආගමික ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින මුද්‍රිත සහ අනෙකුත් මාධ්‍ය ජනමාධ්‍යයක තිබිය යුතු මුලික අවම ආචාර ධර්ම කොන්දේසි වලින් බැහැරව මෙම වාර්තාකරණයන් සිදු කළහ. අප සාමාන්‍යයෙන් දන්නා පරිදි යම් පුද්ගලයෙක් සැක පිට අත්අඩංගුවට පත් වන්නේද එහෙත් ඔහු අධිකරණයෙන් වරදකරුවකු කරනතුරු නිර්දෝෂි පුද්ගලයෙකි. මේ මුලික කාරණය පවා උල්ලංඝනය කරමින් හුදෙක් සැකය පිට, සමහර විට අසත්‍ය චෝදනා, සමහර විට සාධාරණ සැකයටවත් නැති, විවිධ සුලු සුලු දේ වලට අත්අඩංගුවට ගන්නා සෑම පුද්ගලයෙක් පිලිබඳවම, ඔවුන්ගේ පවුල් වල ඥාතීන්ව පවා රූප රාමුගත කර මාධ්‍ය හරහා විකාශය කිරීමෙන් ඔවුන්ට සමාජයේ ජිවත් වන්නට බැරි තත්ත්වයක් නිර්මාණය කළහ. අනෙක් පැත්තෙන් මුස්ලිම් ජනතාවට භීෂණකාරී තත්ත්වයක් ඇති කිරීමට මෙම වාර්තා සහ රූප රාමු හේතු විය. මුද්‍රිත මාධ්‍යයට ඔවුන් විසින්ම සකසා ගත් ස්වං නියාමනයක් තිබේ. අගතියට පත් පාර්ශවයන්ට පැමිණිලි කිරිමේ හැකියාව තිබේ. එමෙන්ම එහි සීමා තිබේ. දිවයින පුවත්පතේ මේ සිසේරියන් සැත්කම් 8000 ක් සිදු කර 4000 ක් වඳ සැත්කම් කළ බවට කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැති බොරු පුවත සම්බන්ධයෙන් ජනමාධ්‍ය සංවිධාන විදිහට ශ්‍රි ලංකා කර්තෘ සංසදයට අප පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ මේ ගැන සොයා බලන ලෙසටය. දිවයින පුවත්පත යනු කර්තෘ සංසදයේ සාමාජිකයෙකි. ශ්‍රි ලංකා කර්තෘ සංසදය යනු ශ්‍රි ලංකාවේ මුද්‍රිත මාධ්‍ය සඳහා වු ආචාර ධර්ම පද්ධතිය හඳුන්වා දුන් ආයතනයය. ඊට අප එකඟත්වය පළ කර තිබේ. සමාජයක, ජාතීන් අතර සැකයට භාජනය වී අවදානම් තත්ත්වයක සිටිනා අවස්ථාවක මෙවන් පුවත් පළ කිරිමෙන් සැකය තවත් ත්‍රීව කර තවත් ජාතියකට එරෙහිව කටයුතු කිරිමේ මානසිකත්වය ඇති කරනු ලබයි. අපි දන්නා පරිදි පොලිසිය මුලින්ම මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබුයේ මෙවන් පැමිණිල්ලක් නැති බව ප්‍රකාශ කරමිනි. එය පුවත්පතේ පළවුවායින් පසුව පැමිණිලි භාර ගැනීම සිදු විය. මෙහි සත්‍ය අසත්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

විද්‍යුත් මාධ්‍ය සියල්ල යම් ආචාර ධර්ම පද්ධතියක් තුලට පැමිණ ඒ තුල සිට කටයතු කරවන්නට, එකතුවක් ගොඩනංවන්නට අප වසර කිහිපයක් පුරා උත්සහ කළද එය සාර්ථක වුයේ නැත. අපගේ එකතූන් වලට එක් වීමට ආරාධනා කළද ඔවුන් පැමිණියේ නැත. නමුත් ඔවුන් විසින්ද එය ගොඩ නඟා ගත්තෙත් නැත. අද ලංකාවේ රූපවාහීනි චැනල වැඩ කරන්නේ ලිහා දමන ලද දඩ බල්ලෙකුගේ ස්වරූපයෙනි. ඔවුන්ගේ හාම්පුතුන්ගේ දේශපාලන උවමනාකම් මත මේ රට නැවත ලේ විලක් කරන්නට, ජාතීන් අතර අසමගිය ඇති කරවන්නට මේ ක්‍රියාදාමයන් සිදු කරගෙන යනු ලබයි. මෙහිදි ආණ්ඩුවට විශේෂ වගකීමක් ඇත. ඔවුන් පාවිච්චි කරන සංඛ්‍යාත අයිති වන්නේ මේ රටේ ජනතාවටය. ඒවා පොදු දේපලය. යම්කිසි තාවකාලික කාල සීමාවක් සඳහා විද්‍යුත් නාලිකා වලට මේවා ලබා දී ඇත. ඔවුන්ට මේ සඳහා අවසර දෙන, බලපත්‍ර දෙන බලධාරීගේ යුතුකම වන්නේ ලබා දුන් බලපත්‍රය හරියට ක්‍රියාත්මක වනවාද? නැද්ද? යන්න සොයා බලා කොන්දේසි උල්ලංඝනය කරන්නේනම් ඒවාට එරෙහිව කටයුතු කරන එකය. නමුත් අප දකින අවාසනාවන්තම දේ වන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශ පාර්ශවයෙන් කිසිදු මැදිහත් වීමක් සිදු නොවන බවය. එහෙයින් මේ දඩ බල්ලන් දඩාවතේ ගොස් සපා කෑමය. ඉන් මේ මුලු සමාජයටම පිස්සු බලු රෝගය ඇති වී රට අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙන බව මගේ හැඟීමය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….