ප්‍රතිභාපුර්ණ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ජිවිතයේ මෙතෙක් හෙළි නොවු  කථා හා ඡායාරූප

නුවරඒළිය ,දෙහිපේ ගම්මානයේදි 1948 ජුනි මස 12 වෙනි උපත ලද ඔහුට කෘෂි ආර්ථික රටාවකට යොමුවුනු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක, හෘදයංගම සහ ලෙන්ගතු දෙහිපේ ගැමියන් මෙන්ම, වරින් වර කුඹුරේ, කමතේ, ලියද්දේ රඟ දැක්වුනු සොකරි, කිඳුරු ගැමි නාටක ද, බලියාග, කෙම්බර, පිංකම, හඟුරන්කෙත පෙරහැර ආදිය ද, පසුකාලීන සංස්කෘතික ක්‍රියාකාරකම් වලට අතිශය ශක්තිමත් පාදමක් වී ඇති බව පැවසේ.

දෙහිපේ ප්‍රාථමිකයේ අධ්‍යාපනය ලබා  පහේ ශිෂ්‍යත්වයෙන් ජය ගෙන  පොරමඩුල්ල මධ්‍යමහා විද්‍යාලයේ අධ්‍යාපනයට ගිය ඔහුට විද්‍යාලයේ අවසන් වසර දෙක තුල ක්‍රීඩාව සහ වේදිකා නාට්‍ය විෂයන් හී උපරිම ඵල නෙලාගැනීමත් නිසාම පොරමඩුල්ල ජීවිතය ඉදිරි ගමන් මඟට ශක්තිමත් අත්තිවාරමක් වු බව ජයලත් මනෝරත්නයන් පවසා තිබේ.

ඒවකට ගුරුවරුන් වු පී.සෙනරත්, පී.බී. රාසිංගොල්ල විදුහල්පතිවරුන්, වික්ටර්.ඊ.පීරිස්, සුනිල් ශ්‍රීගහනන්ද, අමුණුගම ගුණසේන යන අය  මෙන්ම රාජපක්ෂ, වේරගම, සමරදාස, ගලගොඩ, රත්නායක, ප්‍රනාන්දු, ධර්මදාස, රෝගුස්, ප්‍රේමදාස, සිල්වා, නයනානන්ද ඇතුලු තවත් ආචාර්ය වරුන්ද සමකාලීන මිතුරු මිතුරියන්ද පාසැල් ජීවිතය අධ්‍යාපනය අතින් මෙන්ම සුන්දර මතකයක් තුලින් ද ජීවය ලබා දී ඇත.

අග්නිදිග ආසියාකරයේම අති සුන්දර සහ අති විශිෂ්ට සරසවියක් වුණු පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඇතුලත්වීම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් වී ඇති අතර උසස් අධ්‍යාපනයෙහි ප්‍රශස්ථ ක්‍රමික පාඨමාලා සැකැස්ම මෙන්ම එවකට රටෙහි සිටි ශ්‍රේෂ්ඨතම ගුරු දෙවිවරුන් ගේ සෙවන ද අනාගත දිවිය තීරණය කිරීමේ සාධනීය සාධක වී තිබේ.

මේ සැමටත් වඩා සිංහල නාටකයේ නව වංශකතාව ආරම්භ කල මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මෙම කාල වකවානුවේදී සිංහල පිලිබඳ ඔහුගේ ආචාර්යවරයා බවට පත් වීමත්, එතුමාගේ නවතම නාට්‍යය වූ ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ හී ප්‍රධාන භූමිකාව සඳහා තේරීමත් කලාභාවිත දිවි ගමනේ ශක්තිමත් පදනම වී ඇත.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය ඩී.ඊ.හෙට්ටිආරච්චි, මහාචාර්ය ගනනාථ ඔබේසේකර, මහාචාර්ය සිරිගුණසිංහ, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, මහාචාර්ය තම්බයියාපිල්ලේ, මහාචාර්ය ආනන්ද කුලසූරිය, මහාචාර්ය හේමපාල විජේවර්ධන, මහාචාර්ය කාල් ගුණවර්ධන, මහාචාර්ය පී.ඊ.ඊ.ප්‍රනාන්දු, ආචාර්ය සිරිමා කිරිබමුණ, ආචාර්ය ජේ.බී දිසානායක, මහාචාර්ය ම.ව.සුගතපාල ද සිල්වා, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය රම්මන්ඩල, මහාචාර්ය කේ.එන් ජයතිලක, මයිකල් ප්‍රනාන්දු, කේ.එන්.ඕ.ධර්මදාස, ඒ.කේ.ගුණසේන, කුසුමා ජයසූරිය, ආචාර්ය බර්ටි ගංගාධාර ආදීන්ගෙන් සුසැදි ආචාර්ය මණ්ඩලය ඒවක ආචාර්ය මණ්ඩලය වී ඇත.

විශ්ව විද්‍යාලයෙන් පිටවී යලි ගමට ගොස් ප්‍රථම වරට රැකියාවකට පිටත්ව ගොස් ඇත්තේ  හඟුරන්කෙත තිස්සපැල පිරිවෙනටය. ඒ භූගෝල විද්‍යාව උගන්වන ගුරුවරයකු ලෙසය.. පිරිවනේ වැඩවාසය කල සහ බැහැරින් පැමිණි කුඩා සාමනේර හිමිවරුන්ට ශිල්ප ඥාණය ලබා දී ඇත.  මාසික වැටුප රුපියල් හැටපහක් වු අතර  මුල්ම වැටුපෙන් රිකිල්ලගස්කඩ හන්දියෙන් බැස අම්මාට වොයිල් සාරියක් (රු. 32/-) සහ ගෙදරට බඩුමුට්ටු ටිකක් ද ගෙන නිවසට ගොස් ඇත.

මාස හයක් පමණ ගත වෙද්දි  නුවර එලිය මැතිවරණ කාර්‍යාලයට අනුබද්ධ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කන්තෝරුවේ අනියම් ලිපිකරු ලෙස රැකියාව ලැබී තිබේ. ඒහිදි පරිපාලන විභාගයෙන් සමත් වුවත්  අවසන් සම්මුඛ පරීක්ෂණය අසමත් විය. වසරකට පසුව  නිශ්ශංක දිද්දෙනිය විසින් ජයලත් මනෝරත්නයන්ව  කොලඹට කැඳවාගෙන ගොස් ඇත්තේ නාට්‍ය ලෝකෙට පිවිසිමටය.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කන්තෝරුවේදී අනවශ්‍ය ලෙස  කලා කටයුතුවල නියැලීමේ දඬුවමක් ලෙස ශ්‍රී ලංකා වරාය කොමිසමට මාරු කර .තිබේ. ඒහි වැඩ කිරිම අපහසු වු බවත් සිල්වා නැමැති කළුතර ප්‍රගතිශීලී මිතුරෙක් ඒවකට ඔහුට පිහිටට පැමිණ ඇත.

වැඩ බැරි නිසා ඒතනින් පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවට මාරු කර තිබේ. මේ අතර මහවැලි සංවර්ධන මණ්ඩලයේ සංවර්ධන සහකාර තනතුරක් ලැබී  ලිපිකරු තනතුරට සමු දී ගොස් ඇත. ඒහිදි ඔහුට පැවරී ඇත්තේ කලාවැව පරිශ්‍රයේ  එච් කලාපය, මහවැලි ව්‍යාපෘතියට යටවුනු ගෙවල් හිමියන්ට අලුතින් ඉඩම් බෙදාදීමය. කූඩාරම් ජීවිතයක් ගත කර ඇති ඔහු  සෑම  සිකුරාදාවකම  කෝච්චියෙන් කොලඹට පැමිණ  සති අග නාට්‍ය වල රඟ පා  නැවතත් සඳුදා පාන්දර කලාවැවට ගොස් තිබේ.

‘දවස තවමත් තරුණයි’ නම් නවකතාවක් ඒවකට ලියා තිබේ. 1991 විතර ගෙදරින් අමනාප වී ගොස් අවුරුදු හතරක් විතර නාට්‍යත් එක්කම දිවි ගෙවා ඇත. 1995 දී  රජයෙන් ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ වැඩසටහන් ධූරය ලබා දී තිබේ.

1980 දශකයේදී ඔහුගේම නවකථාවක් වු ‘දවස තවමත් තරුණයි’ නවකථාව ඇසුරින් ප්‍රසන්න විතානගේ ලියූ තිරකතාවකින් චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කර ඇති අතර  එහි රූගත කිරීම් අනුරාධපුරයේ සිදු කර ඇත. චිත්‍රපටියෙන් 1/3 ක් පමණ රූගත කිරිම් වලදී මුදල් අඟහිඟතාවයක් නිසා කණ්ඩායමට ඒය අධ්‍යක්ෂණය සම්පුර්ණ කිරිමට හැකි වි නැත.

ජයලත් මනෝරත්නයන්ගේ බයෝග්‍රැපියෙන් උපුටා ගන්නා ලදි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….