ප්‍රබාගේ තෑග්ග සහ වර්තමාන ලංකාවේ ඛේදවාචකය

politic

“ප්‍රබාකරන් අපිට දීලා ගිය තෑග්ග තමයි රාජපක්ෂවරු _ දීප්ති කුමාර ගුණරත්න | සමාජ විප්ලව බාගෙට කරලා වැඩක් නෑ _ ගාමිණී වියන්ගොඩ”.

මේ ප්‍රකාශ දෙකම පහුගිය දවස්වල මුහුනු පොතේදි නිතරම දැක්ක ප්‍රකාශ දෙකක්. මට හිතෙන්නේ අපි මේ ගෙවාදමමින් ඉන්න කාලය මේ ප්‍රකාශ දෙකෙන් හොඳටම පැහැදිලි කරනවා කියලා. 2005 ජනාධිපතිවරණ සටනට මහින්ද රාජපක්ෂ ඔසවාගෙන ආපු සටන් මූලිකයෝ බොහෝ දෙනෙක් දැන් ඔහු සමග නැහැ, වීමල් වීරවංශ වගේ කෙනෙක් හැරුණාම. අපි කවුරුත් දන්නවා 2005 මහින්දාගමනයට පාර කැපුනේ කොහොමද කියලා. උතුරේ ඡන්ද වර්ජනය එහෙම මතක් වෙනවා.

රනිල් වික්‍රමසිංහ නූලෙන් පරාජයට පත්වෙනවා. චන්ද්‍රිකා ගේ පාලන කාලය අස්සේ මහින්ද රාජපක්ෂ ගේ හැසිරීමත් අපි කවුරුවත් නොදන්නවා නෙවෙයි. කොහොම වුණත් මහින්ද බලයට ඇවිත් පාඨලී චම්පික රණවක වගේ අයගේ බලපෑම් නිසාම කොටි සංවිධානය සමග යුද්ධයට ගියේ කොහොමද කියලත් අපි දන්නවා. පාඨලී චම්පික රණවක ඒ අතීතය මතක් කරමින් කියන්නේ බල්ලෝ නාවන්න අරගෙන යනවා වගේ තමයි අරං ගියේ කියලා.

කොහොම හරි සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුද්ධය ලංකාවේ හමුදාව ජයග්‍රහනය කිරීමත් එක්ක රාජපක්ෂවරුන්ගේ ඉල්ලම පෑදුනා කිව්වොත් හරි. ගුවන්තොටුපළේ දි පොළව ඉබලා එන මහින්ද රාජපක්ෂ ඔබට අමතක වෙන්න විදිහක් නෑ. ඊටපස්සේ 2010 ජනාධිපතිවරණයෙන් පස්සේ මහින්දාගමනයේ දෙවෙනි කාර්තුව ගෙවෙන්නේ කොහොමද කියලා අපි හැවෝම දන්නවා.

පවුල් ආධිපත්‍යය ලංකාව කියන ශරීරය අස්සේ පිළිකාවක් වගේ පැතිරුණේ කොහොමද කියලා අපි කවුරුත් දන්නවා. ඊටපස්සේ රාජපක්ෂවරුන්ගේ හැසිරීම් තීන්දු තීරණ නිසා රටට ලැබුණ හැමදෙයක්ම යුද ජයග්‍රහනයේ ප්‍රතිපල කිව්වට අසාධාරණ නැහැ.

බොහෝ දෙනෙක් කිව්වේ මේ රට නවීන රටක් කිරීමේ හැම සුදුසුකමක්ම යුද ජයග්‍රහනය නිසා මහින්දට ලැබුණා කියලා. හැබැයි ඔහු ඒ කිසි දෙයක් කළේ නැහැ. ණය කන්දක රට ගිල්ලුවා පමණයි. යුද ජයට බැරිවුණා මහින්ද රාජපක්ෂට හෝ ඔහුගේ පවුලට මොළය දෙන්න. උද්දච්චකම පැත්තකට දාලා දියුණු මනසකින් ලෝකය දැකලා දියුණු නායකයෙක් විදිහට රට හදන්න තිබුණ චාන්ස් එක මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ පවුල භාරගත්තේ නෑ. ඉතිං ප්‍රභාකරන් යනකොට දීලා ගිය තෑග්ග තමයි රාජපක්ෂවරු කියලා දීප්ති කියන කතාව සෑහෙන්න ඇත්ත.

අනෙක් පැත්තෙන් යුද ජයග්‍රනයෙන් යම් සමාජ වෙනසක් වුණානම් ඒ වෙනස සම්පූර්ණ කරලා රට, සාමය, සංහිඳියාව සතුට, නිදහස රැඳි දියුනු රටක් කරන්න මහින්දලාට බැරිවුණා.

එහි තේරුම යුද ජයග්‍රහනයේ වෙනස සම්පූර්ණ කරගන්න බැරිවුණා. ඒ අර්ථයෙන් ගාමිණි වියන්ගොඩ කියන කතාවත් හරි. අනික් පැත්තෙන් 2015 ආරම්භ වුණ යහපාලන වෙනසත් අසම්පූර්ණ වෙනසක්. අසම්පූරණ විප්ලවයක්. අද එයින් ජනිත කරපු හැම හොඳ දෙයක්ම ගඟට කපපු ඉනි වගේ වෙලා. අපරාදේ ඒ අවුරුදු පහ කියලා හිතෙන තත්ත්වයකට ගිගිං.

මේ සියල්ල එක්ක අපි වර්තමානයට ආවොත් මොකද හිතෙන්නේ?.. යුද ජයග්‍රහනය අපිට දීපු තෑගි තමයි අද කොවිඩ් මර්දනයේ තීන්දු තීරණ ගන්නේ. අනෙක් පැත්තෙන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උනත් යුද්ධය අපිට දීපු තිලිණයක්. තෑග්ගක්. පාරවල් ලස්සන කරමින් හිටපු ඔහු ජනාධිපති වුණේ යුද ජයග්‍රනය මතින් ඔහුට ආරෝපනය වුණ ඊනියා පෞරුෂත්වය නිසා. අනෙක් පැත්තෙන් ඔහුගේ ආගමනයට හේතුව යහපාලන බාගෙට කරපු විප්ලවය. නැත්නම් වෙනස.

යුද්ධය විසින් මේ මිනිස්සුන්ගේ මනස මත ඇතිකරලා තියෙන උද්දච්චකම සහ නම්‍යශීලී නොවීමේ ගතිකය හින්දා අද කොවිඩ් වසංගතය මර්දනය එන්න එන්නම අසාර්ථක වෙමින් තිබෙනවා. ඒ නිසාම ලංකාව සිය ඉතිහාසයේ අප්සට්ම කාලය ගතකරමින් සිටිනවා.

එකපැත්තකින් රට ආර්ථික අතින් බංකොලොත් වීමේ අනතුරක ඉන්නවා. අනෙක් පැත්තෙන් රට චීන කොළනියක් වෙමින් තිබෙනවා. ඊටත් වඩා දරුණු විදිහට කොරෝනා වෛරසය රට සිය ග්‍රහනයට අරගනිමින් ඉන්නවා.

මට හිතෙන්නේ මේ සියලු කාරණා ඉහත මම උපුටපු කරුණු දෙකෙන් මනාව කියවාගන්න පුළුවන් කියලා..

කේ. සංජීව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….