පැලවත්තේ වතු කම්කරු ජීවිත වලපැත්තට

පැලවත්ත වතු සමාගමට අයත්  පැලවත්ත, බඹරවාන, ගුලන වත්ත, වීරකන්ද,  පහළ හෙවෙස්ස ,  සහ අක්කර පනහ  වතු කම්කරුවන්ට ජිවත්වීමේ මූලික අවශ්‍යතා හෝ නැතැයි වතු කම්කරුවන් චෝදනා කරති.

කළුතර දිස්තුික්කයේ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිම වතු කම්කරුවන් පිරිසක් ජීවත්වන පැලවත්ත රාජ්‍ය වතු යායේ වතු කම්කරුවන් පරමිපරා ගණනක සිට වහළුන්සේ ජීවත්වනවා, යැයි කම්කරුවන් කියති.

1960 දශකය තරම් ඈත  අතීතයක සිට  වතු කම්කරුවන් සේ ජිවත්වන  මොවුන්ට තවමත් පදිංචියට බිම් අඟලක අයිතියක් නැතැයි  චෝදනා කරති.බහුතරයක් සිංහලයින් සමඟ දෙමළ හා මුස්ලිම් ජනතාව මෙසේ පීඩාවට පත්ව සිටිති.

වසර හැට – හැත්තෑවක්, පරම් පරා දෙක තුනක් වතු හාම්පුතුන්ට සේවය කළත් තවමත් ගරාවැටෙන පැල්පත් තුළ දිවි ගෙවන කොටසක් සිටිති. කිසිම කමිකරුවෙකුට ඉඩම් අයිතිය නැතිවා පමණක් නොව  පර්චස් හයක – හතකට කොටුවූ තමන්ට අඩුම තරමෙි වැසිකිළි වළක් කපා ගැනිම පවා වතු පාලකයින් තහනම් කර ඇතැයි වතු කම්කරුවන් කියති.

පරම්පරා ගණනකට ඉහත තම දෙමාපියන් සිටවූ ගස් කොළන් තම ගෙපැළක වහළයට ගැනීමට කැපීම තහනම්ය. දිරා ගරා වැටෙන ගසක් හෝ කපා දැමිම තහනම්ය.

පසුගිය ආණ්ඩු සමයේ  වැවිළි කර්මාන්ත අැමති වරයා අගලවත්ත ආසනයෙන් පත් වුවත් වතු කම්කරුවන්ගේ මුලික අවශ්‍යතා වලට හෝ විසදුමක් නොලැබුණැයි කම්කරුවන් චෝදනා කරති.

පවුල් 700 ක පමණ  4000 කට අධික වතු කම්කරුවන්ගේ ජීවිත රැකදුන්  වතු රෝහල  වසා දමා ගොඩනැගිලිද කැලෑවටය.ලෙඩක් දුකක් හැදුනුවිට සැතපුමි තිහ –  හතලිහ රෝහලක් සොයා යන විට රෝගියා නෙඑන ගමන් ගොස් හමාර යැයි පුදේශයේ ජනතාව කියති.
වලල්ලාවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී  රජිත සමිපත් මහතා .
——————————————————
මෙි ජනතාවට  විශාල අසාධාරණයක් සිදුවෙනවා.ඔවුන් හිටවපු ගහක්, කොළක් වත් කපා ගන්න දෙන්නෙ නෑ. වැසිකිළියක් හදන්න අවසර නෑ.එකම පවුලෙ හත්  – අට දෙනා පුංචි පැල්පත් නිවාස වලට කොටුවෙලා ඉන්නවා. මෙි පිළිබද පසුගිය කාලෙ අපි අදාල බලධාරින්ට නොයෙක් වර දැනුම් දුන්නත් වැඩක් වුනේ නැහැ.

එස්. කාංචනා මහත්මිය ( දරුවා සමග)
————————————————————
අපි හත් දෙනෙක් ඉන්නෙ මෙි ඉටිකොල වටකළ පැල්පතෙයි. අපට ගෙයක් හදාගන්න මෙතන අවසර ගන්න බැරිව දුක් වින්දා. වත්තෙ වැඩට යන්නඔිනා. ලෙඩක්දුකක් හැදුනොත් නෙළුවට, යටිටපාතට නැතිනම් මීගහතැන්න රෝහලට යන්න ඔිනා. ළග පාත තිබුණු රෝහල වැහිල ගියා.

අනුර වසන්ත සිල්වා මහතා
——————————————————

ඉතාම හොඳට තිබුණු වතු රෝහල වහල දැම්මා  මගේ දරුවා පවා ඉපදුනෙ මෙි රෝහලේ ,ගිලන් රථයක් පවා තිබුණා.සියළු පහසුකම් සහිත රෝහල් දේපල ,ගොඩනැගිළි තවම විනාශවෙමින් තියෙනවා.  වැසිකිළියකට වලක් කැපීම තහනම්. පදිංචි වෙලා ඉන්න කුඩා පැල්පතට කුස්සි මඩුවක් හදාගන්න තහනමි මෙික හරිම අසාධාරණයි.

කේ.රාමයියා මහතා.
—————————————————–
අපි දුප්පත් මිනිස්සු වුණාට අපට ආණ්ඩුවෙන් දෙන දේවල් නැ.සහනාධාර නෑ.වගා කරන්න අරටයක් පැළයක්නෑ. දුන්නත් වගා කරන්න තහනම්.  අපි මෙි රටෙි මිනිස්සු නෙමෙයි වගේ ජීවත් වෙනවා.

සෝමරත්න පොද්දෙණිය  –  මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….