පුවත් ළුලදරයි – ඡන්ද පොරොන්දුව ඉටුවෙයි

කළුතර දිස්ත්‍රික්කයේ පැලවත්ත බටහිර කුම්මැද්ද – නැදුන් වත්ත ගම්මාන  පැලවත්ත ගඟෙන්  වෙන්කෙරෙන  කුමිමැද්ද  කිතුල් පටි පාලම වෙනුවට ස්ථිර පාලමක් නැදුන් වත්ත, කුමිමැද්ද ගමිවැසියන්ගේ සිහිනය විය.

වළල්ලාවිට ප්‍රාදේශීය සභාවට,බස්නාහිර පලාත් සභාවට ප්‍රදේශයේ ජනතා මනාප රැගෙන ගිය ජනතා නියෝජිතයින්ට කොතෙකුත් කීවත් සියල්ල ගඟේ ගියා.,යැයි නැදුන් වත්තේ ඡිනදාස කුමාරගේ මහතා කීවෙිය. තේ දලු ටික ගෙනයන්න තවමත් වාහනයක් එන්න බැහැ.

අපි ඉල්ලන්නෙ වාහනයක් යන්න පුළුවන් පාලමක් හදල දෙන්න යැයි ඔහු කීවෙිය.ලෙඩක් දුකක් හැදුනම පැලවත්ත – වලල්ලාවිට පාරට යනතුරු වාහනයක් යන්න බෑ.

රටෙි මොන තරම් සංවර්ධනය වුනත්  තේ දලු කඩන , රබර් කිරිකපන ,  අපේ නිෂ්පාදන පැලවත්ත – වළල්ලාවිට නගරවලට, පිටිගලට ගෙනයන්න  පැලවත්ත ගඟ හරහා කුම්මැද්දට පාලමක් හදල දෙන්න කියල ඉල්ලුවත් ඒක ඉටු කළේ මෙදා ⁣ඡන්දෙට කලින් ජයන්ත සමරවිර මහතා පමණක් යැයි”, කුමාරගේ මහතා කීවෙිය.

කුම්මැද්ද පාලමෙි කොටසක කොන්ක්‍රීට් කණුය, වම් ඉවුරේ කිතුල් පටිය. යතුරු පැදියක් , පා පැදියක්  ගමන් කලේද මරුවාට අත වනමින්ය.නැදුන් වත්ත ,කුම්මැද්ද ඇතුළු ගම්මාන කීපයක පවුල් දෙසියක පමණ ජනතාවක් දුටු කුම්මැද්දේ මර උගුලක් වූ දිරා ,අබලන් කිතුල් පටි පාලම වෙනුවට ස්ථිර පාලමි සිහින රැසක් මෙි වන විට ගගේ ගසාගන ගොසිනි.

නාලක සම්පත් ගමගේ මහතා
—————————–——————-
කුම්මැද්ද කිතුල්පටි පාලමෙි අවදානම් ගමන ගැන හිටපු පරිසර රාජ්‍ය අරමති ජයන්ත සමරවීර මහතාව දැනුවත්කළා. පසුගිය මැතිවරණ කාලෙ ජයන්ත සමරවිර මහතා ඇවිත් ජනතාව ගමන්කරන මාරක අනතුර සියැසින් දැක්කා.

ස්ථිර පාලමක් හදන තෙක් ත්‍රී රෝද රථයක්, යතුරුපැදියක් ගමන් කළහැකි ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පාලමක් හදල දීල තියෙනවා.

මෙි සඳහා මුදලක් වැය වෙලත් නැහැ. මාර්ග සංවර්ධන අධිකාරිය පාලමි සංවර්ධනයේදි ගලවා ඉවත් කරන පාලමි වල යකඩ ග්‍රේඩර් යොදාගන තියෙනවා.නව රජය බලයට පත්වු වහාම මුදල් වෙන්කර මෙම ස්ථානයට  ස්ථිඑ විශාල පාලමක් තනා දීමට ජයන්ත සමරවී මහතා දැනටමත් මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කර තිබෙනවා., යැයි නාලක සම්පත් ගමගේ මහතා කීවෙිය.

කළුතර දිස්ත්‍රික්කයේ  දේශපාලකයින් මෙවර මැතිවරණයේදී සංවර්ධන කටයුතු රැසකට පොරොන්දු ලබාදුන්නත් ඡන්දයට පෙර ඡන්ද පොරොන්දුවක් ඉටුවු ප්‍රථම අවස්ථාව මෙය බවට පත්ව තිබෙි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….